ඉස්ලාම් දහම තුල රැවුලට හිමි අධ්‍යාත්මික වටිනාකම (The spiritual value of the beard in Islam)


රැවුල වැවීම සෑම නබිවරයෙකුගේම ලක්ෂණයකි. ඒ අනුව නබිවරුන් වන ඉබ්‍රාහිම්, ඉස්ලායිල්, මුසා (Moses), ඊසා නොහොත් ජේසුස් වහන්සේ මෙන්ම මුහම්මද් නබි තුමාද අනෙක් නබිවරුන්ද (ඔවුන් සියලු දෙනා කෙරෙහි අල්ලාහ්ගේ ශාන්තිය අත්වේවා) රැවුල වවා තිබේ. මුහම්මද් නබිතුමාගේ අනුගාමිකයින් හට රැවුල වැවීම ප්‍රධාන සුන්නාවකි. 

රැවුල පිරිමියෙකුගෙන් කාන්තාවක් වෙන්කොට හඳුනාගැනීමට තිබෙන ප්‍රධාන ලක්ෂණයකි. මිනිසාව මවන අවස්ථාවේදීම එම වෙනස ඇති කළේය. එමගින් පිරිමියෙකුගේ මුහුණට ගාම්බිරත්වයක් සහ අලංකාරයක් එකතු වන්නේය. රැවුල මුළුමනින්ම ඉවත් කොට පිරිමියෙකු ගැහැනියකුගේ වේශයෙන් සිටීම ඉස්ලාම් දහම අනුමත කරන්නේ නැත. 

නබිතුමාව අනුගමනය කරමින් රැවුල වැවීම නිසා අල්ලාහ්ට සමීප විය හැකිය. අල්-කුර්ආනයට අනුව අල්ලාහ්ව ප්‍රිය කරන තැනැත්තා නබිතුමව අනුගමනය කල යුතුය. කුරානය මෙසේ පවසයි: "පවසනු! නුඹලා අල්ලාහ්ව ප්‍රිය කරන්නේ නම් මාව පිලිපදිනු. එවිට අල්ලාහ් නුඹලාව ප්‍රිය කරන්නේය. තවද, නුඹලාට නුඹලාගේ පව් සමා කරන්නේය. අල්ලාහ් අහිශයින්ම ක්‍ෂමාකරන්නාද අසම දයාවන්තයාද වේ"

රැවුල වැවීම සම්බන්දයෙන් අබු හුරෛරා රලි තුමා මෙම හදිසය වාර්තා කොට තිබේ. “අබු හුරෛරා රලි තුමා නබිතුමාගේ හදිසයක් මෙලෙස දැනුම් දෙයි: උඩු රැවුල කොටට කපනු (trim short), යටි රැවුල වවනු, එසේ කිරීමෙන් මජුසි වරුන්ට එරෙහිව ක්‍රියා කරනු” (සහිහ් මුස්ලිම් 501).

ඉහත හදිසය තුල දැක්වෙන්නේ නබිතුමාගේ නියෝගයකි. එම හදිසය සහිහ් බුහාරි ග්‍රන්ථයේද  නබිතුමාගේ අණ කිරීමක් ලෙස පෙන්වාදී ඇත. මේ නිසා මුස්ලිම්වරුන්ට රැවුල වැවීම වාජ්බ් (අනිවාර්ය) සුන්නාවකි. එමගින් මුස්ලිම්වරුන්ගේ අනන්‍යතාවය ද පෙන්නුම් කෙරේ. 

කිසිම හදිසයක නබිතුමා යටි රැවුල කොට කළ බවක් සඳහන් වන්නේ නැත. කෙසේ වෙතත් එම හදිසය වාර්තා කරන ලද අබ්දුල්ලා ඉබ්නු උමර් රලි තුමා හජ්/උම්රා වන්දනයෙන් පසු අත්මිටකට සිමා කොට ඔහුගේ රැවුල කොටට කැපු බව සඳහන් වේ.

රැවුල වැවීම කිසිම වෙහෙසක් නැතිව කුසල් ලැබෙන මාර්ගයකි. එහෙත් බොහෝ අය එම සුන්නාව පිළිපදින්නේ නැත. සොහොනේදී නබිතුමාව පෙන්වා ඔහු ගැන ප්‍රශ්න කරන විට ඊට පිළිතරු දෙන්නේ කෙසේදැයි රැවුල මුඩු කරන අය සිතා බැලිය යුතු නොවේද? 


By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons,Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)