විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)
විද්‍යාවේ දියුණුවට පෙර පැවති මතය වුයේ විශ්වය සදා කල් පැවති එකක් බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව විද්‍යාඥයින් විසින් නිගමනය කරන ලදී. එසේ නම් එය සිදු වුයේ කෙසේද? මේ සම්බන්දයෙන් විද්‍යාඥයින් අතර විවිධ මත ප්‍රකාශ වී තිබේ. මොන මතය ප්‍රකාශ වුවත් යම් දෙයක් සිදුවීමට නම් ඒ සඳහා හේතුක් සහ බලයක් ක්‍රියාත්මක විය යුතු වීම නිරවුල් ප්‍රායෝගික බුද්ධිය වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ සිදුවන්නේ නැත. මෙය දැනට අප දන්නා විද්‍යාත්මක සත්‍යය වේ. ඒ අනුව විශ්වය බිහි කොට ඒ තුල ඇති සෑම දෙයක්ම ඉතා ඥානාන්විත අන්දමින් ක්‍රියා කිරීමට නම් ඥානාන්විත දෙවි කෙනෙකු සිටිය යුතු ය. මෙය පිලි නොගන්නේ නම් විශ්වය බිහිවූ අන්දම අංග සම්පුර්ණව විස්තර කිරීමට හැකි වන්නේ නැත. කෙසේ වෙතත් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් විද්‍යාඥයින් අතර නොයෙකුත් මත ප්‍රකාශ වී තිබේ. එහෙත් ඒවා කිසිවක් විද්‍යාත්මකව සනාථ කල ඒවා නොවේ. මේ නිසා ඒවා සියල්ලම දැනට වාදයන් පමණි. අනෙක් අතට දෙවියන් විසින් පහළ කොට ඇති සෑම දහම් පණිවිඩයකින් ම පවසන්නේ විශ්වය ඇතුළු සෑම දෙයක්ම දෙවියන් විසින් මවන ලද බවයි. විශ්වයේ බිහිවීම සම්බන්දයෙන...