විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)


විද්‍යාවේ දියුණුවට පෙර පැවති මතය වුයේ විශ්වය සදා කල් පැවති එකක් බවයි. එහෙත් විද්‍යාවේ දියුණුවත් සමග විශ්වයට ආරම්භයක් තිබිය යුතු බව විද්‍යාඥයින් විසින් නිගමනය කරන ලදී. එසේ නම් එය සිදු වුයේ කෙසේද? මේ සම්බන්දයෙන් විද්‍යාඥයින් අතර විවිධ මත ප්‍රකාශ වී තිබේ. මොන මතය ප්‍රකාශ වුවත් යම් දෙයක් සිදුවීමට නම් ඒ සඳහා හේතුක් සහ බලයක් ක්‍රියාත්මක විය යුතු වීම නිරවුල් ප්‍රායෝගික බුද්ධිය වේ. ඒ අනුව කිසිම දෙයක් ඉබේ සිදුවන්නේ නැත. මෙය දැනට අප දන්නා විද්‍යාත්මක සත්‍යය වේ. ඒ අනුව විශ්වය බිහි කොට ඒ තුල ඇති සෑම දෙයක්ම ඉතා ඥානාන්විත අන්දමින් ක්‍රියා කිරීමට නම් ඥානාන්විත දෙවි කෙනෙකු සිටිය යුතු ය. මෙය පිලි නොගන්නේ නම් විශ්වය බිහිවූ අන්දම අංග සම්පුර්ණව විස්තර කිරීමට හැකි වන්නේ නැත. කෙසේ වෙතත් විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් විද්‍යාඥයින් අත‍ර නොයෙකුත් මත ප්‍රකාශ වී තිබේ. එහෙත් ඒවා කිසිවක් විද්‍යාත්මකව සනාථ කල ඒවා නොවේ.  මේ නිසා ඒවා සියල්ලම දැනට වාදයන් පමණි. අනෙක් අතට දෙවියන් විසින් පහළ කොට ඇති සෑම දහම් පණිවිඩයකින් ම පවසන්නේ විශ්වය ඇතුළු සෑම දෙයක්ම දෙවියන් විසින් මවන ලද බවයි.

විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් විද්‍යාඥයින් නොයෙකුත් වාදයන් ඉදිරිපත් කොට ඇත. ඒවා අතරින් මහා පිපුරුම් වාදය ප්‍රධාන තැනක් ගන්නේය. කෙසේ වෙතත් මෙම මතය පිලි නොගන්නා විද්‍යාඥයින් ද සිටින්නෝය. ඔවුන්ගේ මතය අනුව විශ්වය ඉබේ බිහි වන්නේය. එහෙත් එය පිලි නොගන්නා විද්‍යාඥයින්  ද සිටින්නෝය. කෙසේ වෙතත් අනාගතයේදී මෙම සෑම මතයක්ම බැහැර කොට දෙවියන් විශ්වය මැව්වාය යන මතයට විද්‍යාඥයින් පැමිණියත් එය පුදුමයක් නොවේ. 

විශ්වයට ආරම්භයක් ඇති බව නිගමනය කරනු ලැබුවේ එහි ප්‍රසාරණය සැලකීමට ගැනීමෙන් පසුවය. එතෙක්කල් සලකනු ලැබුවේ විශ්වය සදාකල් පැවති එකක් බවයි. එසේ තිබියදී විශ්වයේ ප්‍රසාරණය ගැන 7වන සියවසේදී පහළ වූ අල්-කුරානයේ සඳහන් කොට තිබීමෙන් එය නැවත ස්ථිර කර ගත හැකි වන්නේය. කෙසේ වෙතත් මෙහි ඇති විශේෂත්වය වන්නේ එම කරුණ විද්‍යාඥයින් සොයා ගැනීමට පෙර කුරානයේ සඳහන් කොට තිබීමයි. එය මෙසේ දැක්වේ. "තවද අපි අහස ශක්තිමත්ව මවා ඇත්තෙමු, එය අපිම විස්තීරණය කරන්නෙමු" (කුරානය 51:47). මෙවැනි වැදගත් ප්‍රකාශයනයක් 7 වන සිය වසේදී පහළ වූ කුරානය මහින් ඉදිරිපත් කල හැකි වන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් වන හේතුව නිසාය. 

ඉහත සඳහන් කරුණට අමතරව අභ්‍යාවකාශය සම්බන්දයෙන් ඉතා  වැදගත් නිගමනයක් අල් කුරානයේ මෙසේ දැක්වේ. "අහස සහ පොලව පොදු මුලරම්භයකින් ඇතිවන බව විශ්වාස නොකරන්නවුන් දැනගන්නේ නැද්ද? පසුව අපි එය වෙන් කළෙමු"   (Q 21:30). මෙවැනි අතිශයින්ම නිවැරදි සහ විද්‍යාත්මක ප්‍රකාශනයක් කල හැකි වන්නේ අල් කුරානය විශ්වයේ මැවුම්කරු වන දෙවියන් විසින් පහළ කොට ඇති බැවිනි. මෙම කුර්ආන් වැකිය සම්බන්දයෙන් ජර්මනියේ පිහිටි ජොහැන්ස් ගටන්බර්ග් විශ්ව විද්‍යාලයේ (Johannes Gutenberg University) භූ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වරයකු සහ එහි සභාපතිවරයා ද වන ඇල්ෆ්‍රඩ් ක්‍රෝනර් මහතා මෙසේ ප්‍රකශ කොට ඇත. 

"මුහම්මද් පැමිණෙන (කාලය) දෙස බලන විට .......ඔහු විසින් නවීන විද්‍යාවෙන් මෑතක සොයාගත් දේවල් සමහ විශ්වයේ පොදු ආරම්භය සිදුවූ ආකාරය සඳහන් කිරීම කිසිසේත් ම සිදු විය නොහැකිය. මා එසේ පවසන්නේ මෙවැනි කරුණු සොයාගනු ලැබුවේ ඉතා සංකීර්ණ ක්‍රම සහ නවීන තාක්‍ෂණික ක්‍රම උපයෝගී කරගනිමින් ඉතා මෑතක දී වන නිසායි" තවදුරත් ඔහු ප්‍රකාශ කර සිටින්නේ න්‍යෂ්ටික බෞතික විද්‍යාව පිළිබඳව කිසිවක් නොදත් යුගයකදී පෘථිවිය සහ විශ්වය එකම මුළාරම්භයකින් ඇතිවී තිබීම ගැන මුහම්මද් තුමාට දේව පණිවිඩයකින් මිස වෙනත් කිසිම ක්‍රමයකින් දැනගත නොහැකි බවයි.

එසේ තිබියදී විශ්වයේ ආරම්භය ගැන මහාචාර්ය ජෝසෆ් සිලික් මහතා ඔහුගේ "The Big Bang" (Revised and Updated Edition by Joseph Silk published in 1986) කෘතිය තුල මෙසේ පවසා ඇත. “මහා පිපුරුම් වාදයෙන් මේ දක්වා විශ්වය සම්බන්දයෙන් පවතින මෙම මුලික ප්‍රශ්න වලට විසඳුම් ලබා දී නොමැත. එනම් (මහාපිපුරුමට) මත්තෙන් කුමක් සිදුවුයේ ද, ස්වභාවික නීති ක්‍රියාත්මක නොවන අවස්තාව (singularity) සම්බන්දයෙන් වන කරුණු, මන්දාකිණිවල ආරම්භක අවස්තාව.”

මේ හැරුණු විට 21වන සිය වසේ ජිවත් වූ ශ්‍රේෂ්ඨ ඇමරිකානු විද්‍යාඥයෙකු වන මහාචාර්‍ය ස්ටෙෆාන් හෝකින් මහතා  ඔහු විසින් ලියන ලද A brief history of time from big bang to black hole by Stephan W Hawking 1st edition 1988 april -page 122 හි මෙසේ පවසා ඇත. 

“(විශ්වයේ ආරම්භය) සිදුවූ බව ගෙනහැර දැක්වීමට දිය හැකි පිළිතුර දෙවියන් විසින් විශ්වයේ මුලික වින්‍යාසය (configuration) යම් හේතුවක් උදෙසා නිර්මානය කළත් එය කෙසේ සිදුවුයේ ද යන්න තේරුම් ගැනීම අපේක්ෂා කල නොහැකි බවයි. මෙය නිශ්චිචය වශයෙන්ම සර්වබලධාරී (omnipotent being) කෙනෙකුගේ බලයට යටත් වූ ක්‍රියාවකි, එහෙත් ඔහු එම ක්‍රියාවලිය තේරුම්ගත නොහැකි ආකාරයකට සිදුකර ඇති අතර, එම සිද්දිය අපට තේරුම් ගත හැකි නීති වලට යටත් කර පරිනාමනය වීමට ඉඩ සලසා ඇත්තේය. විද්‍යාවේ සම්පුර්ණ ඉතිහාසයම ගෙනහැර දක්වන්නේ කිසිදෙයක් හිතුමතේට (arbitrary) සිදුනොවන බවය්, එහෙත් ඒවා පිලිබිබු කරන්නේ යම්කිසි තේරුම්ගත හැකි පිළිවෙලකි, එය දෙවියන්ගේ අනුග්‍රහයෙන් හෝ අනුග්‍රහය නොමැතිව විය හැකිය.”
 
මේවාට අමතරව විසිවන සියවසේ ජීවත්වූ ශ්‍රේෂ්ට විද්‍යාඥයෙකු වන ඇල්බට් අයින්ස්ටයින් මැවුම්වාදය පිළිගෙන ඇති අතර මැවීමකින් තොර විශ්වයක් ගැන පිළිගත නොහැකි බව පවසා තිබේ. 

මේ සෑම දෙයකින්ම පැහැදිලි වන්නේ විශ්වය දෙවියන්ගේ මැවීමක් බවයි. මෙහි දෙවියන් ලෙස සලකනු ලබන්නේ දෙවියන්ට තිබිය යුතු ලක්ෂණ ඇති සර්වබලධාරී කෙනෙක් ය. ඔහු ගැන සෑම ප්‍රධාන ආගමකම සඳහන් කොට ඇත. ඉස්ලාම් ආගමින් ඔහුව අල්ලාහ් යැයි ආමන්ත්‍රණය කරනු ලැබේ. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නොමැත. ඔහු කිසිවෙකුගේ අවශ්‍යතාවයන් නොමැත්තාය. ඔහුට යමක් මැවීම් සඳහා පෙර පැවති දේවල් අවශ්‍ය වන්නේ නැත. ඒ අනුව ඔහු නැති දෙයකින් අලුත් දෙයක් මවන්නේය. මේ හේතුවන් ඔහු විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා තිබේ. 

By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

  1. අහස යනු අතගා බැලිය නොහැකි භෞතිකත්වයක් නොමැති හිස් අවකාශය හැදින්වීම සදහා යොදාගන්නා සංකල්පයකි. අහස පටන්ගන්නේ මෙතැනින්ය ඉවර වන්නේ මෙතැනින්ය කියා ඉරක් ගසා වෙන්කිරීමට නොහැක. එයට හේතුව අහස යන්න සාපේක්ෂ සංකල්පමය දෙයක් වීමය. පෘථිවිය වටා නිස්චිත ආසන්න දුරක් දක්වා විහිදෙන වායු ගොලයක් පිහිටියද අප බිම සිට උඩ බැලූවිට පෙනෙන අනංතය දක්වාවූ දුරටම විහිදීයන පෙනෙන සීමාව අහස ලෙස අප හදුන්වමු. පහත්බිමක සිට බැලූ විට කදු මුදුනක් පිහිටා තිබෙන්නේ අප සිටින තැනට සාපේක්ෂව අහ‍සෙහිය. එම කදු මුදුනට නැග්ග විට ඉහලින් යන ගුවන් යානයක් පියාසර කරන්නේ අහසෙහිය. එම ගුවන් යානයේ පියාසර කරන්නෙකුට සාපේක්ෂව ඉහලින් පෙනෙන සද පිහිටා ඇත්තේද ඈත අහසෙහිය. කුඩා කුහුබුවෙකු දකින අහස උගේ සිරුරට සාපේක්ෂව ගත හොත් අපේ දනහිසටත් පහල හරියේ වගේ පිහිටිය යුතුය. කුහුබුවා දකින අහස පිහිටන තැනට අප අහස කියන්නේ නැත්තේ අපගේ මනසේ ඇති අහස නැමති සංකල්පය පිහිටන්නේ ඊට ඉහලින් වීම නිසාය. මීට වඩා අහස යන්න සාපේක්ෂ සංකල්පයක් යන්න පැහැදිලි කිරීමට කරුණු අවශ්‍ය නැත.

    ReplyDelete
  2. විස්තීරණය වන විශ්වයක් ගැන බෞද්ධ පොත් වලත් මන් දැකලා තියෙනවා එතනදී කියන්නේ කාලයකට විස්තීරණය වෙලා කාලෙකදී හැකිළෙනවා කියලා කුරාන් වල කියන්න කලින් ඒ ගැන දැනුමක් ඉන්දියාවේ තිබිලා තියෙනවා.

    ReplyDelete
  3. විස්තීරණය වන විශ්වයක් ගැන බෞද්ධ පොත් වලත් මන් දැකලා තියෙනවා එතනදී කියන්නේ කාලයකට විස්තීරණය වෙලා කාලෙකදී හැකිළෙනවා කියලා කුරාන් වල කියන්න කලින් ඒ ගැන දැනුමක් ඉන්දියාවේ තිබිලා තියෙනවා.

    ReplyDelete
  4. ඔබ කියන දේවල් මට නොතේරේ. මගේ ලිපියට එය ආදාළ වන්නේ කෙසේද?

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)