සාතන්ගේ අරමුණ කුමක්ද? (What is Satan's goal?)

අල්ලාහ් දෙවිඳුන්ගේ මැවීම් අතරින් සාතන් ද එක් මැවීමකි. ඔවුන් ජින් කුලයට අයත් ය. ජින් වරුන්ව ගින්නෙන් මවා තිබේ. කෙසේ වෙතත් ආරම්භයේදී සාතන් සිටියේ ආලෝකයෙන් මවන ලද දේවදුතයින් සමග ස්වර්ගයේ ය. දේවදුතයින් කිසි විටක වැරදි කරන්නේ නැත. නමුත් සාතන්ට ලැබී ඇති නිදහස් චින්තනය හේතුවෙන් අවශ්‍ය නම් වැරදි කල හැකිය. සාතන්ගේ පසුබෑමට හේතුවක් වුයේද එයයි. මිනිසාව මවන ලද්දේ සාතන්ව මැවීමෙන් පසුය. මිනිසාව මැවීම සඳහා පස් යොදාගෙන තිබේ. එසේ තිබියදී පළමු මිනිසා වන ආදම් තුමාව මැවීමෙන් පසු අල්ලාහ් දෙවදුතයින් අමතා ආදම් තුමාට නමස්කාර කරන ලෙස නියෝග කළේය. එම නියෝගය සාතන් හැර සෑම දේවදුතයෙකුම ඉටු කළෝය. මේ හේතුවෙන් සාතන් අල්ලාහ්ගේ කෝපයටත් ශාපයටත් පාත්‍ර විය. තවද සාතන්ව ස්වර්ගයෙන් ද නෙරපා හරින ලදී. එම සිදුවීමෙන් පසු සාතන් මිනිසාගේ පරම සතුරෙක් බවට පත් විය. සාතන්ට සිදුවූ දේ කුරානය තුල මෙසේ විස්තර කොට ඇත. "ආදම්ට සුජුජ් කරන්නැයි අප දේවදුතයින්ට පැවසූ කළ ඉබ්ලිස් හැර අන් සියල්ලෝම සුජුද් කළෝය. ඔහු ජින්වරුන්ගෙන් කෙනෙක් වුහ; ඔහු තම අධිපති (අල්ලාහ්ගේ) අණට අකීකරු විය. ඔහු නුඹලාගේ සතුරෙක්ව සිටියදී, ඔහුව ...