සහජීවනයේ අවශ්‍යතාවය (The need for harmony)

   

ලෝකයේ ඇති බොහෝ රටවල් දියුණු වී තිබෙන්නේ ජාතින් අතර පවතින සමගිය නිසාය. උදාහරණයක් වශයෙන් සිංගපුරුව මෑතකදී දියුණුව ලැබූ රටකි. එහි බොහෝ ජාතින් සිටියත් ඔවුන් අතර ගැටුම්කාරී තත්වයක් නොමැත. එසේම අමරිකාව ලෝකයේ ඉතා දියුණු රටකි. එහි විවිධ ජාතින් සහ  ආගම් තිබුනත් ලංකාවේ දකින ආකාරයේ ගැටුම් නොමැත. 

අවාසනාවකට මෙන් ලංකාවේ ජාතිවාදය ඉස්මතු වී ඔඩු දුවා ඇත. එය ලංකාවේ කිර්ති නාමයට පමණක් නොව ජාතික සමගියට මරු පහරක් එල්ල කොට ඇත. මෙය මැඩලීමට නම් ආගමික නායකයින්, බුද්දිමතුන් මෙන්ම සාමයට කැමති සියළු දෙනාම එකතු විය යුතුය.

ලංකාව දැනටමත් තිස් වසරක කුරිරු යුද්දයකින් බැට කා තිබේ. නැවතත් එවැනි යුද්දයක් අවශ්‍ය නැත. මෙය සෑම කෙනෙක්ම හොඳින් තේරුම් ගන්නේ නම් සියළු දෙනාම එකා මෙන් අත්වැල් බැඳගෙන රට ගොඩ නැගීමට ක්‍රියා කළ යුතුය. 

ලංකාවේ මුස්ලිම් ප්‍රජාව ඉතිහාසයේ සිටම සිංහල ජනතාව සමග සාමයෙන් ජිවත් වූහ. ඔවුන් කිසිම විටක රටේ කොටසක් ඉල්ලා සටන් කළේ නැත. එවැනි උවමනාවක් ද ඔවුන්ට නැත. තවද මුස්ලිම්වරුන් රජයේ රැකියා ඉල්ලා සටන් කල ඉතිහාසයක්ද නොමැත. එහෙත් ඔවුන් එදා සිටම තම ව්‍යාපාර කරමින් රටේ මහා ජාතිය සමග සාමයෙන් ජිවත් වී තිබේ. ඔවුන් සෑම විටම ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල සහ ව්‍යාපාරවල මහා ජාතියට රැකියා විශාල ලෙස ලබා දී තිබේ. එහෙත් මේ වන විට ඒවා අමතක කොට ඇතැම් පිරිස් ලංකාව් තුල ජාතිවාදය වපුරවමින් සිටිති. මෙය රටේ දියුණුවට කරන විශාල හානියකි. 

ඇතැමුන් නගන චෝදනාවක් වන්නේ මුස්ලිම් දේවස්ථානවල මහා ජාතියට විරුද්ධව කුමන්ත්‍රණ සිදු කරන බවයි. මෙවැනි බොරු ප්‍රචාරයන් තුලින් ඔවුන් බලාපොරොත්තු වන්නේ මහා ජාතින් අතර සුළු ජාතින් කෙරෙහි වෛරය ඇති කිරීමය. මේ සඳහා ඇතැම් පුජකයින් ද සිටීම ඉතා කනගාටුදායක තත්වයකි. කෙසේ වෙතත් මේ දක්වා ඔවුන් කියන චෝදනාවන් ඔප්පු කොට නොමැත.

ඕනෑම කෙනෙකුට මුස්ලිම් පල්ලියක් තුලට ගොස් එහි සිදුවන දේවල් බලා ගැනීමට හැකිය. අවශ්‍ය කෙනෙකුට එහි සිටින කෙනෙකුගෙන් ඉස්ලාම් දහම ගැන අසා දැනගැනීමටද පිළිවන. නැතහොත් සිකුරාදා දිනයේ ඇති ආගමික දේශනයට සහභාගී වී ඔවුන් පවසන්නේ කුමක් දැයි දැනගත හැකිය. ඇතැමුන්ගේ සැකය දුරු කිරීමට මෙය උදව්වක් වනු ඇත.

මෑත කාලයේදී වැඩියෙන්ම ඇසීමට ලැබෙන්නේ මුස්ලිම්වරුන් සිංහල ජාතිය වඳ කිරීම සඳහා ආහාරවල වඳ පෙහි/කරල් දමන බවයි. මෙවැනි කට කතා පැවතියත් එවැනි ක්‍රමයක් මුළු ලොවම නැති බව වෛද්‍යවරු සහතික කරති. කෙසේ වෙතත් ඇතැම් නුගත් ජනතාව මෙම කට කතා වලට රැවටීම වැළැක්විය නොහැකිය. ඇත්තෙන්ම මෙම ප්‍රචාරයන්හි යටි අරමුණ වන්නේ මුස්ලිම් ව්‍යාපාර වර්ජනය කරවීමය. මිට කලින් පතුරුවා හැරියේ මුස්ලිම්වරුන්ගේ වෙළඳ සැල්වල විකුණන ඇඳුම්වල වඳ බෙහෙත් තවරා ඇති බවයි. ලෝකයේ කොතකවත් මෙවැනි ක්‍රම ඇත්තේද නැත. එවැනි බොරු ප්‍රචාර වලින් අදහස් කරන්නේ ද මුලිම් ව්‍යාපාර වර්ජනය කරවීමය.

මේ දක්වා රජයේ කිසිම වෛද්‍යවරයෙක් එම ප්‍රචාරයන්හි සත්‍යතාවයක් තිබෙන බවට අනතුරු හඟවා නොමැත. කිසිවෙකුට නඩු පවරා වරදකරුවන් බවට පත් කොට නොමැත. ඇත්ත වශයෙන්ම එම ප්‍රචාරයන්හි කිසිම විද්‍යාත්මක පදනමක් නොමැත. එහෙත් එමගින් නුගත් ජනතාවගේ සිත් දුෂණයට පත් කොට හමාරය. 

මිනිසුන් අතර ප්‍රශ්න ඇතිවීම සාමන්‍ය දෙයක් වුවත් එවැනි සිදුවීම් ජාතිවාදයට හරවා ගැනීම වරදකි. අද වන විට කැරලි කරුවන් විසින් සුළු සිද්ධීන් නිර්මාණය කොට එම මුවාවෙන් මුස්ලිම් ප්‍රජාවගේ ව්‍යාපාර ස්ථාන, ගෙවල් දොරවල්, දේවස්ථානවලට ගිනි තබා විශාල අලාබ හානි සිදු කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. එහෙත් ලංකාවේ ත්‍රිවිඩ හමුදාව සහ පොලිසිය තිබියදී කැරලි කණ්ඩායම් විසින් නීතිය තම අතට ගැනීමට ඉඩ දීම වරදකි. මෙය ඉතා භයානක වියසනයක් බවට දැන් පත්වී ඇත. මේ නිසා සාමය අගයන සියළු දෙනාම මිට එරෙහිව නැගී සිටිය යුතුය. ලංකාව දියුණු කිරීමට නම් ජාතිවාදය මුලින්ම තුරන් කල යුතුය. 
   
By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)