සාතන්ගේ අරමුණ කුමක්ද? (What is Satan's goal?)
අල්ලාහ් දෙවිඳුන්ගේ මැවීම් අතරින් සාතන් ද එක් මැවීමකි. ඔවුන් ජින් කුලයට අයත් ය. ජින් වරුන්ව ගින්නෙන් මවා තිබේ. කෙසේ වෙතත් ආරම්භයේදී සාතන් සිටියේ ආලෝකයෙන් මවන ලද දේවදුතයින් සමග ස්වර්ගයේ ය. දේවදුතයින් කිසි විටක වැරදි කරන්නේ නැත. නමුත් සාතන්ට ලැබී ඇති නිදහස් චින්තනය හේතුවෙන් අවශ්‍ය නම් වැරදි කල හැකිය. සාතන්ගේ පසුබෑමට හේතුවක් වුයේද එයයි.
මිනිසාව මවන ලද්දේ සාතන්ව මැවීමෙන් පසුය. මිනිසාව මැවීම සඳහා පස් යොදාගෙන තිබේ. එසේ තිබියදී පළමු මිනිසා වන ආදම් තුමාව මැවීමෙන් පසු අල්ලාහ් දෙවදුතයින් අමතා ආදම් තුමාට නමස්කාර කරන ලෙස නියෝග කළේය. එම නියෝගය සාතන් හැර සෑම දේවදුතයෙකුම ඉටු කළෝය. මේ හේතුවෙන් සාතන් අල්ලාහ්ගේ කෝපයටත් ශාපයටත් පාත්‍ර විය. තවද සාතන්ව ස්වර්ගයෙන් ද නෙරපා හරින ලදී. එම සිදුවීමෙන් පසු සාතන් මිනිසාගේ පරම සතුරෙක් බවට පත් විය.
සාතන්ට සිදුවූ දේ කුරානය තුල මෙසේ විස්තර කොට ඇත. "ආදම්ට සුජුජ් කරන්නැයි අප දේවදුතයින්ට පැවසූ කළ ඉබ්ලිස් හැර අන් සියල්ලෝම සුජුද් කළෝය. ඔහු ජින්වරුන්ගෙන් කෙනෙක් වුහ; ඔහු තම අධිපති (අල්ලාහ්ගේ) අණට අකීකරු විය. ඔහු නුඹලාගේ සතුරෙක්ව සිටියදී, ඔහුව සහ ඔහුගේ ප්‍රජාව මා වෙනුවට ඔබලාගේ ආරක්ෂකයන් ලෙස ගන්නේහු ද?" (කුරානය 18:50).
සාතන්ව ස්වර්ගයෙන් නෙරපනු ලැබුවේ ඔහුගේ උඩඟු කම නිසාය. අනෙකා පහත්කොට සලකන මිනිසාටද එය කදිම පාඩමකි. උඩඟුකම අංශු මාත්‍රයක් හෝ තිබෙන තැනැත්තා ස්වර්ගයට නොයන බව නබිතුමා පවසා ඇත.
ආදම් තුමා මුල් කරගෙන ස්වර්ගයෙන් නෙරපන ලද සාතන්ගේ එකම අරමුණ මිනිසා ස්වර්ගයට යාමෙන් වැළැක්වීමය. අල් කුරානය මෙසේ පවසයි. "නියතව සාතන් නුඹලාට සතුරා වේ. එහෙයින්, නුඹලා ඔහුව සතුරා ලෙසම සලකනු. ඔහු තම කණ්ඩායම නිරයේ වැසියන් වීමට අරාධනා කරයි" (කුරානය 35:6).
මිනිසා හට ඍජු මාර්ගය පෙන්වා දී තිබියදීත් බොහෝ අය සාතන්ගේ මාර්ගයේ ගමන් කරන්නේය. එහෙත් සාතන් මිනිසාගේ පරම සතුරා බව දැනුවත් කොට තිබේ. "ආදම්ගේ දරුවෙනි! නුඹලා සාතන්ට නැමදුම් නොකරන්න. නියතව ඔහු නුඹලාට පැහැදිලි සතුරා වේ යැයිද, තවද, මටම නැමදුම් කරන්න, මෙයම ඍජු මග වේ යැයිද මම නුඹලාගෙන් ප්‍රතිඥාව නොඅරගන්නේම්ද? නියතව ඔහු නුඹලාගෙන් අධික පිරිස් නොමගෙහි යැව්වේය. නුඹලා අවබෝද කරගන්නන් ලෙස නොසිටියෙහුද?" (කුරානය 36:60-62). මෙහි අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙස නියෝග කොට තිබුනත් සාතන් කරන්නේ සාස්තෘ වරුන්ට සහ පිළිම වලට නැමදීම සඳහා අරාධනා කිරීම යි. එම වරදට අල්ලාහ්ගෙන් සමාව ලැබෙන්නේ නැත.
කොතරම් දැනුවත් කොට තිබුනත් බොහෝ අය දෙවියන්ගේ නියෝජිතයා වන මුහම්මද් නබි තුමා පෙන්වා දී ඇති දහමින් බැහැරව ගොස් වැරදි කරන්නේය. ඔවුන් කල වරදේ තරම මරණයෙන් පසු දැක ගනු ඇත. එහෙත් කිසිවෙකුට නැවත වරක් මෙලොවට පැමිණ තමන්ගෙන් සිදු වුනු වැරදි හදා ගැනීමට අවස්තාවක් ලැබෙන්නේ නැත. “මෙම වැරදි කරුවන් තමන්ගේ දෙවියන් ඉදිරියේ (නවතා
තබන අවස්ථාවේදී) ඔවුන් හිස නැමු අය වශයෙන් 'අපගේ දෙවියනි! අපගේ ඇස්ද කන්ද විවෘත
විය. ආපසු (මනු ලොවට) යවනු මැනව. අපි දැහැමි ක්‍රියාවන් කරන්නෙමු. නියත වශයෙන්ම
අපි මේ (විනිශ්චය දිනය) විස්වාස කරමු'යි පවසනු ඇත" (Q 32:12).
මිනිසාට ලැබී ඇත්තේ එක් ජිවිත කාලයක් පමණි. එම අවස්තාව ගිලිහි යෑමෙන් සිදු වන පාඩුව වචනෙයන් කියා නිම කල නොහැක. එබැවින් ලැබී ඇති මෙම අනගි අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට සෑම කෙනෙක්ම අධිටන් කර ගත යුතුය.
By Fasy Ajward.
B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
https://www.facebook.com/thetruepathofislam
http://truepath1.blogspot.com/
Twiter:- thetrue_path
Comments
Post a Comment