මැවුම්වාදයට එරෙහිව භෞතිකවාදය (Creationism Vs Materialism)



බොහෝ විට විශ්වයේ බිහිවීම විස්තර කිරීමේදී මැවුම්වාදය සහ භෞතිකවාදය උපයෝගී කර ගන්නේය. කෙසේ වෙතත් භෞතිකවාදය උපයෝගී කර ගනිමින් විශ්වයේ උපත විස්තර කිරීමේදී ගැටළු කාරී තැන් ඇති වේ. ඊට හේතුව මිනිස් බුද්ධියේ ඇති සිමාවන් සහ පංචෙන්ද්‍රිය වලින් ලබා ගන්නා දැනුමෙහි ඇති දෝෂයන් ය. අනෙක් අතට මැවුම්වාදය දේව පණිවිඩ මත රඳා පවතින බැවින් ඒවා මිනිසා විසින් වෙනස් කලේ නම් මිස දෝෂ ඇති විය නොහැක.

භෞතික වාදය අනුව විශ්වය බිහි වන්නේ මහා පිපිරුමකින් ය. එහෙත් එම පිපිරුම ඇති වීම සඳහා අවශ්‍යකරන ශක්තිය සහ බලය ඇති වුයේ කෙසේ දැයි විස්තර කරන්නේ නැත. තවද එම පිපිරීමෙන් පසු විශ්වය පුරා පවතින භෞතික නීති ඇති වූ අකාරය හෝ රසායනික සංයෝගයන් ඇති වූ අකාරය ඔවුන් විස්තර කොට නැත. තවද මුල්ම ජිවය ඇතිවූයේ කෙසේදැයි පැහැදිලි කොට නැත. 

බොහෝ අවස්ථාවලදී භෞතික වාදීන් කරන්නේ නොදන්නා දෙයක් විස්තර කිරීම සඳහා වාදයන් ඉදිරිපත් කිරීම පමණි. එහෙත් එම වාදයන් විද්‍යානුකුලව ඔප්පු කල නොහැක. එසේ තිබියදී සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන ස්ටෙෆාන් හෝකින් මහතා මැවුම් වාදයට අනුකුල පිළිතුරක් ඔහුගේ එක් කෘතියක සඳහන් කොට තිබේ. එහි දැක්වෙන්නේ විශ්වය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ මැවීමක් බවයි. අල් කුරානයට අනුව අල්ලාහ් විශ්වය කාල වකවානු හයකදී මවා තිබේ. ඔහු නැති දෙයකින් අලුත් දෙයක් මවන්නේය. එම නිසා ඔහුට පවතින ශක්තියක් හෝ බලයක් සොයා යාමට අවශ්‍ය වන්නේ නැත. එසේම ජිවය මැව්වේද ඔහුය. ඔහු ආදම් තුමාව පසෙන් මවා ජිවය ඇතුලත් කළේය. අදම්තුමාගෙන් ඔහුගේ සහකාරිය මැව්වේය. එම දෙදෙනාගෙන් මිනිස් පරපුර ඇති කළේය. 

මැවුම්වාදය අනුව මිනිස් ජීවිතයට අරුතක් තිබේ. මේ නිසා මිනිස් ක්‍රියාකාරකම් පින් හෝ පව් වශයෙන් වර්ග කල හැකිය. එහෙත් භෞතිකවාදය අනුව එවැන්නක් නැත. මැවුම්වාදය අනුව පින් කල අයට ස්වර්ගයත් පව් කල අයට නිරයත් ලැබෙන්නේය. එහෙත් භෞතික වාදය අනුව එවැන්නක් නැත. මේ නිසා සොරකම් කිරීම නිසා හෝ අනාචාරයේ හැසිරීම නිසා හෝ භෞතික වාදය අනුව දඬුවම් කල නොහැකිය. එම වැරදි කරන අය ඒවා කරන්නේ ඔවුන්ට අනුව ඒවා නිවැරදි නිසාය. එහෙත් මැවුම් වාදය අනුව දෙවියන් හරි දේ සහ වැරදි දේ වෙන වෙනම පෙන්වා දී තිබේ. 

මැවුම් වාදයෙන් මිනිසාව ඔහුගේ මැවුම්කරු සමග සම්බන්ද කරන්නේය. එහෙත් භෞතික වාදය අනුව එවැනි දෙයක් පිලි ගන්නේ නැත. කෙසේ වෙතත් මරණයෙන් පසු ඇති තත්වයන්ට සුදාමන් විය හැක්කේ මැවුම් වාදයෙන් පමණි. එය සත්‍යයක් වුයේ නම් මැවුම් වාදීන් පමණක් ජය ගන්නේය. මරණයෙන් පසු ජීවිතය අසත්‍යයක් වුයේ නම් මැවුම් වාදීන් මෙන්ම භෞතිකවාදීන් ජය ගන්නේය.


By Fasy Ajward. B.Sc (PhysicsSpecial)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

මිනිස් ජීවිතය කෙළවර වන්නේ කොතැනින්ද? (Where does human life end?)

දෙවියන් පිලිබඳ නිර්වචනය කුමක්ද? (What is the definition of God?)

අල්ලාහ් කවුද? (Who is Allah?)