මුස්ලිම්වරයෙකුට වෙනත් ආගමිකයෙක් සමග විවාහය විය හැකිද? (Can a Muslim marry a different religious person?)

මුස්ලිම්වරයෙකු යනු දෙවියන්ගේ අණට සම්පුරණයෙන් යටත්වූ කෙනෙකි. එබැවින් ඔහු කරන සෑම ක්‍රියාවක්ම දෙවියන්ගේ නියෝග තුල තිබිය යුතුය. අල් කුරානයෙන් විශ්වාසවන්තයින්ට නියෝග කොට ඇත්තේ ඉස්ලාම් දහම තුලට සම්පුරන්යෙන් පිවිසෙන ලෙසය. ඒ අනුව මුස්ලිම්වරයෙකුගේ සෑම ක්‍රියාවක්ම දහමට එකඟ විය යුතුය. ඒවා උල්ලංගනය කරන තැනැත්තා පුර්ණ මුස්ලිම්වරයෙකු වන්නේ නැත. 

ඉහත දැක්වෙන කරුණු සැලකිල්ලට ගැනීමේදී මුස්ලිම්වරයෙකුට විවාහ විය හැක්කේ තවත් මුස්ලිම්වරයෙකු සමග හෝ දෙවියන්ට සමානයන් නොතබන කිතුනුවෙකු හෝ යුදෙව්වෙකු සමග පමණි. එසේ කිරීමෙන් දෙවියන්ට සමානයන් තැබීමේ ගැටළුව නිරාකරණය කළ හැකි වන්නේය. දෙවියන්ට සමානයන් තැබීමෙන් මුස්ලිම්වරයෙකු ඉස්ලාම් දහමින් බැහැර වන්නේය.

"අද දවසෙහි නුඹලාට පිරිසිදු දෑ අනුමත කර ඇත. පුස්තකය දෙනු ලැබුවන්ගේ ආහාරය නුඹලාට අනුමත කර ඇත. තවද, නුඹලාගේ ආහාරයද ඔවුන්ට අනුමත කර ඇත. විශ්වාස කළ පතිවත රකින ස්ත්‍රීන්ද නුඹලාට පෙර පුස්තකය දෙනු ලැබූවන්ගෙන් වූ පතිවත රකින ස්ත්‍රීන්ද (නුඹලා) පතිවත ආරක්ෂා කරමින් ලිංගික අපචාරයෙහි නොයෙදෙමින්ද, අනියම් බිරියන් ලෙස නොතබාගැනිමෙන්ද ඔවුන්ට නියමිත මහරය (විවාහ දීමනාව) දෙමින් (විවාහ කරගැනීම නුඹලාට අනුමත කර ඇත.) යමෙක් විශ්වාස කිරීම වෙනුවට ප්‍රතික්ෂේප කරයිද ඔහුගේ ක්‍රියාව නියතව විනාශ වන්නේය. තවද, ඔහු එලොවෙහි පාඩුවුවන්ගෙන් කෙනෙකු වන්නේය" (කුරානය 5:5).

කෙසේ වෙතත් නවීන සමාජයේ බොහෝ කිතුනුවන් සහ යුදෙව්වන්ද දෙවියන්ට සමානයන් තබන බැවින් මුස්ලිම්වරයෙකුට විවාහ විය හැක්කේ මුස්ලිම්වරයෙකු සමග පමණි. 

අනෙක් අතට දෙවියන්ව විශ්වාස නොකරන කෙනෙක් සමග මුස්ලිම්වරයෙකුට විවාහ විය නොහැකිය. ඇයිද යත් එය ඉස්ලාමයේ මුලික පදනමට එරෙහි වන කරුණක් වන නිසාය. 

"(අල්ලාහ්ට) සම කරන ස්ත්‍රින්ව ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ නොකරන්න. විශ්වාසවන්ත වහල් ස්ත්‍රිය නුඹලාව ආකර්ෂණිය කරන සම කරන ස්ත්‍රීන්ට වඩා ශ්‍රේෂ්ඨ වන්නය. තවද, සම කරන පිරිමින්ට ඔවුන් විශ්වාස කරන තෙක් (නුඹලාගේ ස්ත්‍රින්ව) විවාහ කර නොදෙන්න. නුඹලාව ආකර්ෂණිය කරන සම කරන පිරිමියාට වඩා, විශ්වාසවන්ත වහළා ශ්‍රේෂ්ඨය, ඔවුන් නිරය කරා අඬගසති. නමුත්, අල්ලාහ් තම කැමැත්ත පරිදි ක්‍ෂමාව දෙසටද ස්වර්ගය දෙසටද අඬගසයි. තවද මිනිසුන් උපදෙස් ලබනු පිණිස ඔහු තම වැකි ඔවුන්ට පැහැදිලි කරයි" (කුරානය 2:221).

මෙම කරුණු අනුව කෙනෙකුට මුස්ලිම් නොවන කෙනෙක් සමග විවාහ වීමට අවශ්‍ය නම් ඔහු හෝ ඇය මුලින් ඉස්ලාම් දහම වැළඳ ගෙන තිබිය යුතුය.

By Fasy Ajward. B.Sc(Sp.Phy)Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)