නබිතුමා සහ ආයිෂා (රලි) තුමිය අතර විවාහය (The marriage between the Prophet and Ayesha)
නබිතුමා සිදු කර ගත් විවාහයන් අතරින් කන්‍යාවකට සිටියේ අයිෂා (රලි) තුමිය පමණි. මෙය අල්ලාහ්ගේ සැලැස්ම අනුව සිදුවූ විවාහයක් වන අතර එම විවාහය නිසා මුස්ලිම්වරුන්ට විවාහය සම්බන්ද බොහෝ හදිස් දැනගැනීමේ අවස්තාව උදා විය. කෙසේ වෙතත් නබිතුමාගේ මුල් විවාහය සිදු වුයේ ඔහුට වඩා වයසින් මුහුකුරා ගිය දෙවරක් වැන්දබු භාවයට පත්වූ කදිජා තුමියත් සමගය. එම විවාහය සිදු වන විට නබි තුමා විසිපස්වන වියේ පසු විය. එසේ වුවද එම විවාහය ඉතා සාර්ථක එකක් විය. නබිතුමාගේ පුත් ඉබ්‍රාහිම් (රලි) තුමා හැරුණු විට අනෙක් දරුවන් හය දෙනා බිහි වුයේ කදිජා තුමියටය. නබිතුමාගේ වයස 53 දී කදිජා තුමිය කලුරිය කළාය. කදිජා තුමියගේ වියෝව සිදු වන තුරු නබිතුමා වෙනත් විවාහයක් කර ගත්තේ නැත. කදිජාතුමිය මිය ගිය වසරේදීම නබිතුමාට සෑම අතින්ම රැකවරණය ලබා දුන් ඔහුගේ සුළු පියා වන අබුතාලිබ් තුමාද මිය ගියේය. මෙම සිදුවීම් දෙක එකම වසරක් තුලදී සිදු වීම නිසා නබිතුමා විශාල දුකකින් කාලය ගත කළේය. එසේ තිබියදී බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි නබිතුමා වයස 53ක් වූ වැන්දබු කාන්තාවක් වන සව්දා (රලි) තුමියව විවාහ කර ගත්තේය. එසේ තිබියදී අල්ලාහ්ගේ සැලැස්ම අනුව ඔහු...