ඉස්ලාම් මිත්‍යාව මත පදනම් වූ ආගමක් ද? (Is Islam a Mythical religion?)



ඉස්ලාම් යනු කිතුනු සහ යුදෙව් ආගම් මෙන්ම අල්ලාහ්ගෙන් පහළ වූ ආගමකි. එහෙත් බොහෝ අය ඉස්ලාම් ආගම ගැන නිවැරදි තතු දන්නේ නැත. ඒ අනුව ඇතැමුන් සිතන්නේ එය මිත්‍යා විශ්වාසය මත පදනම් වූ ආගමක් ලෙසයි. එහෙත් එහි කිසිම සත්‍යතාවයක් නැත. 

ඉස්ලාම් දහම මිත්‍යාව මත ගොඩ නගා ඇත්නම් එය නොපැහැදිලි සහ වැරදි අර්ථ දැක්වීම් මෙන්ම අධ්‍යාත්මික විශ්වාසයන් මත ගොඩ නගා තිබිය යුතුය. විශේෂයන්ම ගුප්ත විද්‍යාව පිළිබඳ විශ්වාසයන් එහි තිබිය යුතුය. ඇයිද යත් මිත්‍යා දෘෂ්ටිකත්වය යනු සිතුවිලි සහ භාවනාව තුළින් දෙවියන් හෝ ආත්මයන් සමඟ සම්බන්ධයක් ලබා ගත හැකි යැයි කියැවෙන අධ්‍යාත්මික විශ්වාසයක් නිසාය. මේ සඳහා උදාහරණයක් නම් වාඩි ගෙන සිතීම තුළින් දෙවියන් සමඟ සෘජු සම්බන්ධයක් ඇති කර ගත හැකි බව විශ්වාස කිරීමයි. එහෙත් ඉසලාම් දහම තුල එවැනි කිසිවක් නැත. 

ඉස්ලාම් දහම දෙවියන්ගෙන් පහළ වූ දේව පණිවිඩයක් මත පිහිටා තිබේ. එය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි කුරානය තුලම අන්තර්ගත කොට තිබේ. එසේම දෙවියන් පිලිබඳ අර්ථ දැක්වීම ඉතා මැනවින් කුරානය තුල දැකිය හැකිය. මේ නිසා ඉස්ලාම් දහමෙහි රූප වන්දනාවක් හෝ යක්ෂ ප්‍රේත වන්දනාවක් හෝ ග්‍රහ වස්තුන්ට වන්දනා කිරීමක් හෝ නැත. තවද ඉස්ලාම් පවසන ඒක දේව විශ්වාසය විශ්වයේ නිර්මාණය සමග ඉතා මැනවින් එකඟ වන්නේය. ඒ අනුව අප දකින විශ්වය දෙවිවරුන් කිහිප දෙනෙකුගේ මැවීමක් වුයේ නම් ඔවුන් අතර ඇති විය හැකි ගැටුම් නිසා එය මේ වන විටත් විනාශයට පත් වී තිබිය යුතුය. 

ඉස්ලාම් දහමෙහි අරමුණ මිනිසා, මිනිසාට වැඳිම වෙනුවට විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නාවූ සර්වබලධාරී දෙවියන්ට පමණක් වැඳීමට සැලැස්වීමයි. මේ නිසා ඉස්ලාම් දහම අනුව අල්ලාහ්ට හැර වෙන කිසිම දෙයකට වැඳීම වරදකි. ඒ අනුව නබිවරුන්ට හෝ ආගමික සාස්තෘවරුන්ට හෝ භෞතික දේවල් වලට හෝ වැඳීම ඉස්ලාම් දහමින් අනුමත කරන්නේ නැත. 

ඇතැමුන් පවසන්නේ මුස්ලිම්වරුන් නොදකින දෙවි කෙනෙකුට වඳින බවයි. එහෙත් එම වාදය පිළිගත නොහැකිය. මිනිසාට දියුණු මොලයක් සහ බුද්ධියක් තිබේ. එම නිසා තිරිසන් සතුන්ට මෙන් නොව මිනිසාට දෙයක් විශ්වාස කිරීම සඳහා එය දැකීම අනිවාර්‍ය නොවේ. මෙම විශ්වය සහ එහි ඇති සියලුම දේවල් පවතින්නේ දෙවියන් සිටින නිසාය. එසේ නොවන්නට විශ්වය බිහි වීමට වෙනත් ක්‍රමයක් නැත. මේ සම්බන්දයෙන් මහාචාර්ය ස්ටෙෆාන් හොකින් මහතා විසින් රචිත "A brief history of time from big bang to black hole" යන ග්‍රන්ථයෙහි සඳහන් වන්නේ විශ්වය සර්වබලධාරී දෙවිකෙනෙකුගේ මැවීමක් බවයි. එසේ නම් එම සුප්‍රකට විද්‍යාඥයා මිත්‍යා දෘෂ්ටිකයෙක් විය හැකිද? 

ඉස්ලාම් දහම අනුව ග්‍රහ වස්තුන්වලින් මිනිසාගේ දෛවය වෙනස් කල හැකි බව විශ්වාස කරන්නේ නැත. මේ නිසා කේන්දර බැලීම, නැකත් බැලීම, සාස්තර බැලීම ඉස්ලාම් දහම අනුව තහනම් වේ. තවද මිය ගිය කෙනෙකුගේ ආත්මය වෙනත් ජීවියෙකු ලෙස මෙලොවදී පුනරුත්පත්තියක් ලබන බව ඉස්ලාම් දහමින් ප්‍රතික්ෂේප කරන්නේය.

ඉස්ලාම් දහම අනුව අල්ලාහ් වෙත ලඟා විය හැක්කේ ඔහු විසින් පෙන්වා දී ඇති දහම් මාර්ගය ඔස්සේ පමණි. එම මාර්ගය පෙන්වා දීම සඳහා නබිවරුන් විශාල සංඛ්‍යවක් මෙලොවට පැමිණ තිබේ. බොහෝ ආගම් පුස්තක මෙලොවට පැමිණියත් අද අප අතර වැඩියෙන්ම දක්නට ලැබෙන්නේ ජේසු තුමාට පහළ කරන ලද ආගමද මුසා නබිතුමාට පහළ කරන ලද ආගමද මුහම්මද් නබිතුමාට පහළ වූ කුරානයද වේ. එහෙත් අල් කුරානය මුළු මහත් මිනිස් වර්ගයා වෙනුවෙන් පහළ කරන ලද අවසාන දහම් පණිවිඩය වේ. එම දහම් පණිවිඩයත් සමග ඉස්ලාම් දහම සම්පුර්ණ කෙරෙන්නේය.

By Fasy Ajward B.Sc(Sp.Phy)Hons,J.Pura,
Ex.Research officer at former Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path


Comments

  1. Lahiru ishan gunasekaraJune 20, 2018 at 12:06 AM

    විශ්වය බිහිවූ ක්‍රියාවලිය මිනිසෙකුට අවබෝධ කරගත නෙහැකි ආකාරයේ දෙයක් නම් අපට එය නොතේරීම නිසා අප දෙවියන් මැවූ බව පිළිගැනීම සාධාරණද

    ReplyDelete
    Replies
    1. විශ්වය බිහිවූ ආකාරය අපට තේරුම් ගත නොහැකි වුවත් එය මැවූ දෙවියන් කියනවා නම් සාදක ඇතුව ඔහු එය මැවූ බව අපට පිළිගැනීමට සිදු වනවා. උදාහරණයක් ලෙස සංකීර්ණ උපකරණයක් සෑදු එන්ජිනේරුවන් කියනවා නම් හේතු සහිතව ඔවුන් එය සෑදු බව අපට එයත් පිළිගන්න වෙනවා.

      Delete
  2. Lhiru ishan gunasekaraJune 20, 2018 at 12:14 AM

    කිසිවෙකු නොදුටු අතීතයේ යමෙක් සිදුකලා යැයි පැවෙසෙන ප්‍රාතිහාර්යයන් විශ්වාස කර දෙවියන් ඇති බව විශ්වාස කිරීමට වඩා බුද්ධිමත් ක්‍රමය නම් අදටත් කුරාන් නම් දෙවියන්⁣ගේ ඉගැනවීමි සහිත ග්‍රන්ථයේ ඇති විශ්මිත අවබෝධයක් ඇති කරන ජිවිතය ගැඹුරින් අවබෝධ කල හැකි සුවිශේෂි දේශනා හා ඉගැන්වීම පිළිබඳ පැහැදීමෙන් දෙවියන් සිටිනා බව පිලිගැනීමයි.එවැනි දේශනා හෝ ඉගැන්වීම් ශුද්ධ වූ කුරාන් හී අඩංගු වෙනවාද

    ReplyDelete
    Replies
    1. කුරානය මිනිස් නිර්මාණයක් නොවන බව සනාථ කිරීමට අවශ්‍ය කරුණු කුරානයේ අභියෝගයන් ලෙස ඉදිරිපත් කොට ඇත. කරුණාකර ඒවා හදාරා බලන්න.

      Delete

Post a Comment

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)