ඕපාදූප - විනාශයට යන මාවත ( Gossip - The road to destruction)
මිනිසා විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව කරන විශාල වරදක් වන්නේ කෙනෙක් තවත් කෙනෙකුගේ වැරදි සෙවීමය. මෙම වරද පොදු ජනතාව පමණක් නොව පුජක තුමන්ලා පවා සිදු කරති. ඇතැමුන් එය කරන්නේ තමන් උතුම් යැයි ජනතාව අතර ප්‍රතිරූපයක් ගොඩ ගනා ගැනීමටය. එහෙත් ඉන් සිදුවන්නේ ඔවුන් කරන කුසල් විනාශයට පත් වීමය. ඊට උදාහරණය හිල් කුඩයකින් වතුර ඇදීමට සම කල හැකිය. අනුන්ගේ වැරදි සොයමින් ඕපාදුප කියන තැනැත්තා කරන කුසල් සියල්ලම විනාශයට පත් වන්නේය. බොහෝ දෙනෙක් එය වටහා ගන්නේ මරණයට පත් වූ පසුව ය. එක් අවස්ථාවකදී ඔපාදුපය යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි දන්නවාදැයි නබිතුමා ඔහුගේ අනුගාමිකයින්ගෙන් ප්‍රශ්න කළේය. එවිට ඔවුන් පවසා ඇත්තේ අල්ලාහ් සහ ඔහුගේ දුතයානන් ඒ ගැන හොඳින් දන්නා බවයි. එවිට නබිතුමා මෙසේ පවසා ඇත: "ඔබගේ සහෝදරයා අකමැති යම් දෙයක් ඔහු ගැන පැවසීම" යැයි කිවේය. එවිට සහබාවරු එසේ පවසන දේ ඔහු සතුව ඇත්තනම් ඒ ගැන ඔබගේ අදහස කුමක්දැයි නබිතුමාගෙන් පෙරලා ප්‍රශ්න කොට ඇත. එවිට නබිතුමා පවසා ඇත්තේ ඔබලා පවසන දේ ඔහු ළඟ තිබේනම් එය ඕපාදුපයක් බවත් එසේ නොමැති නම් එය නින්දා අපහාසයක් බවත් ය. සහිහ් බුහා...