ඩාවින්ගේ වාදය ප්‍රතික්ෂේප කළ යුත්තේ ඇයි? (Why should Darwin's theory be rejected?)
වර්ෂ 1859 දී චාල්ස් ඩාවින් ඔහුගේ නිරීක්ෂණ මත පමණක් පදනම් කරගෙන "පරිනාම වාදය" ලොවට ඉදිරිපත් කළේය. එය ඉදිරිපත් කරන යුගයේදී විද්‍යාව අද මෙන් දියුණු තත්වයක පැවතියේ නැත. ඒ අනුව එම වාදය ප්‍රධාන වශයෙන්ම ඔහුගේ නිරීක්ෂණ මත පමණක් පදනම් වී තිබුනේය. මේ හේතුවෙන් ඩාවින්ගේ වාදයේ ඇති විද්‍යාත්මක පදනම ඉතා දුර්වල අඩියක පවතී. විද්‍යාව දියුණුවට පත්ව ඇති මෙවන් කාලයක දී පවා ඩාවින්ගේ වාදය තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි හමු නොවීමේ ප්‍රතිපලයක් ලෙස ඩාවින්ගේ වාදය අදටත් විද්‍යාත්මක නියමයක තත්වයට පත් වන්නේ නැත.
ඩාවින් විසින් ඔහුගේ පරිනාම වාදය ඉදිරිපත් කරනු ලැබුවත් එහි ඇති දුර්වලතාවයන් ඔහු විසින්ම මෙලෙස ඉදිරිපත් කොට තිබේ. "පරම්පරා ගණනාවක් ඔස්සේ පැවතීගෙන එන යම් ජීවී කුලකයක් වෙනත් ජීවී වර්ගයකට ඉතා සියුම් ලෙස පරිණාමනය වන්නේනම් අපට ඒවා අතරතුර සංක්‍රාන්ති අවස්ථාවන් අපිරිමිත ලෙස හමුවිය යුතුය. එහෙත් අද අපි දකින ව්‍යාකූලතාවයක් නොමැති නිශ්චිත රූපයක් සහිත සත්ව කුලයන් ඒ ඒ වර්ගයාට ආවේණික ලක්ෂණ සමඟ දැකිය හැකිවී තිබේ. එහෙත් මගේ වාදය අනුව අනන්ත සංඛ්‍යවක් අතරමැදි අවස්ථාවල සත්වයන්ගේ පොසිල හමු වී තිබිය යුතුය. එහෙත් මෙම මිහිතලය තුළ එවැනි පොසිල කිසිවක් හමුවී නොමැත.....පොළෝ තලයේ සෑම ස්ථරයකින්ම මෙවන් විශාල අතරමැදි අවස්ථා නොදැකීම මගේ වාදයේ ඇති අඩුවකි. ඇත්තෙන්ම කිසිම කැණීමකින් එවන් සම්බන්ධතාවයන් අනාවරණය කරගැනීමට මෙතෙක් හැකිවී නොමැත. ඇතැම්විට එම කරුණ මගේ වාදයට එල්ල විය හැකි බලවත්ම විරෝධතාවය විය හැකිය" (Charles Darwin, The Origin of Species, pp. 172, 280)
ඩාවින්ගේ වාදයෙන් ජීවීන්ගේ පරිනාමය ගැන යම් දෙයක් ඉදිරපත් කොට තිබුනත් ඉතා වැදගත් කරුණක් වන මුල්ම ජිවය ඇතිවූයේ කෙසේදැයි විස්තර කොට නැත. එබැවින් එය ඩාවින්ගේ වාදයෙහි ඇති ලොකු අඩුවක් ලෙස සැලකිය හැකි ය. තවද ඩාවින්ගේ වාදය තුලින් මිනිසාට සුවිශේෂී බුද්ධියක් ලැබීමට හේතුව විස්තර කොට නැත. ඒ සම්බන්දයෙන් ඩාවින් පවසා තිබෙන්නේ මිනිස් බුද්ධිය ඉබේ ඇතිවූ දෙයක් බවයි. කෙසේ වෙතත් එය නවීන විද්‍යාත්මක සොයාගැනීම් වලට ඉඳුරාම පටහැනි වේ. නුතන විද්‍යාව අනුව මිනිසාට සුවිශේෂී බුද්ධියක් ලැබීමට හේතුව අභිරහසකි. හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මාර්ක් හවුසර් සිදු කල පර්යේෂණ වලට අනුව මිනිසාට සෙසු ජීවීන්ට නොමැති කල්පනා කිරීමේ ශක්තියක් තිබේ. එහෙත් එසේ වන්නේ ඇයිදැයි සොයාගෙන නැත. මෙම කරුණ ඇමරිකාවේ පලවන විද්‍යාත්ම සඟරාවක (Scientific American Magazine) සඳහන් කොට තිබේ. මාර්ක් හවුසර්ට අනුව මිනිසා සෙසු ජීවින්ගෙන් වෙනස් වීමට බලපාන කරුණු සතරක් තිබේ.
- මිනිසාට වෙන කිසිම ජීවියෙකුට වඩා බොහෝ වචන සහ සංකල්ප ජනනය කල හැකි වීම.
- මිනිසාට විවිධ අදහස් සහ සංකල්ප මිශ්‍ර කොට අළුත් නිර්මාණයන් කළ හැකි වීම.
- මිනිසාට මිත්‍රත්වයන්, සමාජ ආශ්‍රයන්, නීති රීති, තාක්ෂනවේදයන් වැනි දේවල් සිදු කිරීමට හැකි වීම.
- මිනිසාට සංවේදනිය සිද්ධීන් මනසින් තේරුම් ගැනීමට කැකියාවක් තිබීම. තවද එම කරුණු භාෂාවන් මගින් සන්නිවේදනය කිරීමට හැකි වීම. තවද මිනිසාට එම දේවල් තමන් තුලම රඳවා ගැනීමට හෝ වෙනත් කෙනෙකු සමග බෙදා ගැනීමට ද හැකියාව තිබීම.
ඩාවින්ගේ වාදයට තවත් පහරක් වන්නේ නවීන විද්‍යාවේ සොයාගැනීම් වලට අනුව එක් ජීවී කුලකයකින් ඊට වඩා වෙනස් ජීවී කුලකයකට පත් නොවන බව සොයා ගැනීමයි. කෙසේ වෙතත් එවැනි දෙයක් සිදුවිය හැකි බව ඩාවින්ගේ වාදයෙන් අනුමාන කොට තිබේ. තවද විද්‍යාඥයින්ගේ මතය අනුව DNA හෙලික්සයක් ඕනෑම ආකාරයකට වෙනස් කල නොහැකිය. එහෙත් ඒවායේ සුළු වෙනස්කම් පමණක් සිදු කල හැකි වේ. උදාහරණයක් වශයෙන් සුනඛයෙකුගේ DNA වලින් බළලෙකු බිහිකළ නොහැකිය. එහෙත් සුනඛයෙකුගේ DNA වලින් විශේෂ ලක්ෂණ ඇති තවත් සුනඛයෙක් බිහි කල හැකිය. එසේම DNA වල සිදුකරනු ලබන සුවිශේෂි වෙනස්කම් වලින් මල්, පළතුරු සහ එළවළුවල සිමා සහිත වෙනස්කම් පමණක් සිදුකළ හැකි ය.
පරිනාම වාදයට තවත් පහරක් වන්නේ අප්‍රිකාවෙන් හමුවී ඇති ඉපැරණි මිනිස් හිස් කබලකි. එය වර්තමානයේ ජිවත්වන මිනිසාගේ හිස්කබලට ඉතාමත්ම සමානය. එම සොයාගැනීම අනුව ඩාවින්ගේ වාදය තවදුරටත් ප්‍රතික්ෂේප වේ.
දැනට සොයාගෙන ඇති අතිවිශාල පොසිල වලින් ඩාවින්ගේ වාදය සනාත කල හැකි තත්වයක් උදා වන්නේ නැත. එබැවින් ඩාවින්ගේ වාදය නවීන ලෝකය පිළිනොගන්නා තත්වයක් උදාවී තිබේ. කෙසේ වෙතත් ඇතැම් අය එම වාදය පිළිගන්නේ ඔවුන් මැවුම් වාදය පිලි නොගන්නා නිසාය.
මැවුම් වාදයට අනුව සෑම ජීවියෙකුම දෙවියන් විසින් මවා තිබේ. ඒ අතර මිනිසා විශේෂ තැනක් ගන්නේය. දෙවියන් පහළ කොට ඇති සෑම ආගම් පුස්තකයකින්ම පැවසෙන්නේ මුල්ම මිනිසා වන ආදම් තුමාව කිරිමැටියෙන් මවා තිබෙන බවයි. තවද ආදම් තුමාට සියලුම දේවල් පිලිබඳ දැනුම දෙවියන් ලබා දී ඇති බවත් කුරානයේ සඳහන් වේ. මේ හේතුවෙන් ඉපැරණි පොසිල වලින් පවා අද ජිවත්වන මිනිසාට සමාන හිස් කබල් හමුවී තිබේ. මිනිසාගේ මැවීම සම්බන්දයෙන් කුරානයේ එක් තැනක මෙසේ සඳහන් වේ: "මිනිසාගේ මැවීම කිරිමැටියෙන් ආරම්භ කළේය. පසුව ඔහුව නිසියාකාරව සකසා ප්‍රානය එහි පිම්බේය. පසුව, අල්ප වූ ශුක්‍රානු බින්දුවෙහි සිට ඔහුගේ පෙළපත නිර්මාණය කළේය. තවද, නුඹලාට ශ්‍රවන ඉන්ද්‍රියද, දෘෂ්ටියද, හදවතද ඇති කළේය" (කුරානය 32:7-9). මෙම කරුණු පිලි නොගන්නේ නම් මිනිසා වෙනත් ජීවින්ගෙන් වෙනස් වීමට හේතුව කුමක්දැයි පැවසීමට හැකි විය යුතුය.
ඩාවින්ගේ වාදය හුදෙක් විශ්වාසයක් පමණි. ඒ අනුව එම වාදය පිළිගැනීමට වඩා විද්‍යාත්මක පසුබිමක් ඇති ආගමක් පිළිගනිම වඩා වැදගත් වේ. අල් කුරානය දෙවියන් පහළ කල බවට ඕනෑතරම් සාක්ෂි තිබේ. හත්වන සිය වසේදී පහළ වූ කුරානය තුල විසිවන සියවසේදී සොයා ගන්නා ලද විද්‍යාත්මක කරුණු ඉතා නිවැරදිව ඇතුලත්වීම ඊට එක් උදාහරනයක් පමණි.
By Fasy Ajward.B.Sc(physics Special) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Actually apes are our cousins not actually ancestors.
ReplyDeletei think some ape like people you mean.
ReplyDelete