සුෆි නිකායන් ඉස්ලාමයෙන් බැහැර වන්නේ ඇයි? (Why do Sufi sects deviate from Islam?)
ඉස්ලාම්, මිනිසාට යහ මග පෙන්වීම සඳහා අල්ලාහ්ගෙන් පහළ කරන ලද දහමකි. එය ආදම් තුමාගෙන් පටන් ගෙන මුහම්මද් නබි තුමාට පහළ කරන ලද කුරානයත් සමග අවසාන වන්නේය. ඉස්ලාම් දහම දෙසීම සඳහා සිය දහසකට වඩා නබිවරුන් මෙලොවට පැමිණ තිබේ. ඒ අනුව මුහම්මද් නබි තුමා කුරානයට අනුව ඉස්ලාම් දහම ප්‍රචාරය කළේය. මුහම්මද් නබිතුමාගේ පටන් දසක කිහිපයක් යන තුරුම ඉස්ලාම් දහම තුල කිසිම නිකාය බේදයක් දක්නට තිබුනේ නැත. සුෆි නිකාය ආරම්භ වන්නේ ලෞකික ආසාවන්ගෙන් සම්පුර්ණයෙන්ම වැලකී සිටීමේ අරමුණ ඇතිවය. ඔවුන් එවැනි පියවරක් ගැනීමට හේතු වුයේ ලෞකික ජීවිතය පමණක් අරමුණු කරගත් මුස්ලිම්වරුන්ව යහ මගට ගැනීමේ චේතනාව නිසාය. කෙසේ වෙතත් ක්‍රමක් ක්‍රමයෙන් එය ඉස්ලාම් දහමේ වෙනමම නිකායක් බවට පත් විය. ඒ අනුව පසු කාලයේදී සුෆි නිකාය තුලට ඉස්ලාම් දහමේ නැති ඉගැන්වීම් ඇතුලත් විය. එහි ප්‍රතිපලයක් ලෙස සුෆි නිකායන් නොමග ගිය කණ්ඩායම් බවට පත් විය. ඇතැම් සුෆිවරුන් සලාතයට ප්‍රමුඛතාවයක් දක්වන්නේ නැත. ඒ වෙනුවට නබිතුමා පෙන්වා නොදුන් අලුත් ක්‍රම මගින් අල්ලාහ්ව zසික්ර් කිරීම තෝරාගෙන ඇත. තවද සුෆිවරුන්ගෙන් බොහෝ අය නබිතුමාගේ සුන්නාවන් පිළිපදින්නේ නැත....