Posts

Showing posts from July, 2019

වහබිවාදය සහ අයිසිස් අතර සම්බන්ධයක් තිබේද? (Is there a link between Wahabism and ISIS?)

Image
වහාබ් වාදයට මුල පුරන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් ය. ඔහු උපත ලබන්නේ 1702-03 යන කල සීමාව තුලදීය. ඔහු සියවස් තුනකට පමණ පෙර ගරා වැටී තිබුණු ඉස්ලාම් දහමට පුනර් ජීවයක් ලබා දීම සඳහා විශාල සේවයක් කල කෙනෙකි.  එහෙත් ISIS සංවිදානයේ නායක අබුබක්කර් බග්දාදී ඉස්ලාම් වේශයෙන් සිටින මොසාඩ් සංවිදානයට අයත් කෙනෙක් බව කියනු ලැබේ. තවද ඔහු කරන දේවල් වලටත් ඉස්ලාම් දහමටත් කිසිම සම්බන්දයක් නැත. එම සංවිදානය තනිකරම ත්‍රස්තවාදී සංවිදනයක් වේ. ඔවුන්ගේ ක්‍රියා කලාපය අල් කුරානයටත් නබි තුමාගේ මග පෙන්වීමටත් සම්පුර්ණයෙන්ම වෙනස් ය. ඒ අනුව ISIS සංවිදානය විසින් මුස්ලිම් සහ මුස්ලිම් නොවන අයව අමු අමුවේ ඝානනය කරන්නේය. එහෙත් අල් කුරානයෙන් ඊට අවසරයක් නැත. කුරානය පවසන්නේ හේතුවක් නොමැතිව එක් මිනිසෙකු ඝාතනය කිරීම ලොවැසියන් සියලු දෙනාවම ඝාතනය කළා හා සමාන බවයි.  ISIS සංවිදානයට උවමනා කොට තිබෙන්නේ ඉස්ලාම් වේශයෙන් පෙනී සිටිමින් ඉස්ලාම් දහමට හතුරුකම් කිරීමට වේ. අවාසනාවකට මෙන් ඇතැම් මුස්ලිම්වරුන් එම සංවිදානයට බැඳී ඇත. යා අල්ලාහ් ඔවුන්ට නිවැරදි මාර්ගය පෙන්වාදෙනු මැනව!    By Fasy Ajward.  B.Sc (Sp,Phy) Hons.J...

අල් කුර්ආනය තුල යුද්ධයට සම්බන්ධ වැකි අඩංගු වන්නේ ඇයි? (Why does the Quran contain verses related to war?)

Image
සෑම මිනිසෙකුම එක සමාන නැත. ඇතැමුන් අවිහිංසාවාදී ලෙස ජිවත් වීමට කැමතිය. ඇතැමුන් දාමරිකයන් ය. ඔවුන් මිනීමැරුම් මංකොල්ල කෑම් වැනි දේවල් කිරීමට කැමතිය. තවත් සමහරු සල්ලාලයින් ය. ඔවුන් කාමය වරදවා හැසිරීමට කැමතිය. තවත් සමහරු ත්‍රස්තවාදයට කැමතිය. මේ නිසා පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙක සිදු විය. අදටත් ලෝකයේ නොයෙකුත් තැන්වල යුද්ධ කෙරෙමින් ඇත. එවැනි තත්වයක් තුල අවිහිංසාවෙන් පමණක් මිනිසාව පාලනය කිරීමට යමෙකු සිතන්නේ නම් එය මිත්‍යාවකි. ලෝකය මෙතරම් දියුණුවක් ලබා තිබියදීත් සෑම රටකම අතිවිශාල මුදලක් වැය කරමින් ත්‍රිවිධ හමුදාවන් නඩත්තු කරන්නේ ඉහත සඳහන් හේතු නිසාය. එය යතාර්ථයක්ව තිබියදී ලෝකවාසී සියලු දෙනාටම ජිවන මාර්ගයක් පෙන්වා දෙන කුරානය තුල යුද්ධයට අදාළ වැකි ඇතුලත් වීම පුදුමයක් නොවේ. අල් කුරානය පහළ වන්නේ මිනිසා හට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දීම සඳහාය. එමගින් මිනිසාට අධ්‍යාත්මක මග පෙන්වීමට අමතරව ලෞකික ජීවිතයටත් මග පෙන්වා දී ඇත. අනෙක් ආගම් මෙන් නොව දෙවියන් කුරානය පහළ කොට තිබෙන්නේ මිනිසාට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දීම සඳහාය. එබැවින් කුරානය තුල ධාර්මික ජීවිතය පමණක් නොව එදිනෙදා ජීවිතයේදී ක්‍රිය...

මුස්ලිම්වරුන්ව සම්ප්‍රධායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කළ හැකිද? (Can Muslims be categorized as Traditional and Wahhabi?)

Image
ඉස්ලාම් දහමෙහි ප්‍රධාන මුලාශ්‍ර වන්නේ අල් කුරානය සහ අල් හදිස් නොහොත් නබි තුමාගේ මග පෙන්වීම වේ. එහි වහාබ් වදයක් හෝ සුහුෆි වාදයක් පෙන්වා දී නැත. එසේ තිබියදී ඇතැම් අය මුස්ලිම්වරුන්ව සම්ප්‍රදායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කිරීම විහිළුවකි. ඇත්තෙන්ම ඔවුන් එසේ කරන්නේ ඉස්ලාම් දහම ගැන අවබෝදයක් නොමැති කම නිසා විය යුතුය. වහාබ් වාදය ගැන කතා කරන බොහෝ අයට එහි ඉතිහාසය නිවැරදිව දන්නේ නැති බවක් පෙනී යන්නේය. ඇත්තෙන්ම මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් කරන ලද ප්‍රතිසංස්කරණයට "වහාබ් වාදය" යැයි පට බැඳ තිබෙන්නේ වෙනත් අය විසිනි. අබ්දුල් වහ්හාබ් යන තැනැත්තා ඉස්ලාමිය විද්වතෙකි. ඔහු ඉස්ලාම් දහම තුල කිසිම් අළුත් වාදයක් ඇති කලේ නැත. ඔහු කල එකම කාර්ය වන්නේ නොමග ගිය මුස්ලිම්වරුන්ව නැවතත් දහම තුලට ගෙන ඒම පමණි. ඒ අනුව ඉස්ලාම් දහම තුලට අලුත් ඇදහිලි එකතු කොට වැරදි විදියට ඉස්ලාම් දහම පිළිපදිමින් සිටි අයට කුරානය සහ හදිස් අනුව නිවැරදි ඉස්ලාම් දහම ඔහු ප්‍රචාරය කළේය.  මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමාගේ කාලයේදී බොහෝ මුස්ලිම්වරුන් දහමින් බැහැර වී සිට ඇත. ඒ අනුව ඔවුන් සොහොන් කොත් ආශ්‍රිතව බොහෝ අළුත් ඇදහිලි ඇති කොට ...