මුස්ලිම්වරුන්ව සම්ප්‍රධායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කළ හැකිද? (Can Muslims be categorized as Traditional and Wahhabi?)


ඉස්ලාම් දහමෙහි ප්‍රධාන මුලාශ්‍ර වන්නේ අල් කුරානය සහ අල් හදිස් නොහොත් නබි තුමාගේ මග පෙන්වීම වේ. එහි වහාබ් වදයක් හෝ සුහුෆි වාදයක් පෙන්වා දී නැත. එසේ තිබියදී ඇතැම් අය මුස්ලිම්වරුන්ව සම්ප්‍රදායික සහ වහාබ්වාදී යැයි වර්ගීකරණය කිරීම විහිළුවකි. ඇත්තෙන්ම ඔවුන් එසේ කරන්නේ ඉස්ලාම් දහම ගැන අවබෝදයක් නොමැති කම නිසා විය යුතුය.

වහාබ් වාදය ගැන කතා කරන බොහෝ අයට එහි ඉතිහාසය නිවැරදිව දන්නේ නැති බවක් පෙනී යන්නේය. ඇත්තෙන්ම මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් කරන ලද ප්‍රතිසංස්කරණයට "වහාබ් වාදය" යැයි පට බැඳ තිබෙන්නේ වෙනත් අය විසිනි. අබ්දුල් වහ්හාබ් යන තැනැත්තා ඉස්ලාමිය විද්වතෙකි. ඔහු ඉස්ලාම් දහම තුල කිසිම් අළුත් වාදයක් ඇති කලේ නැත. ඔහු කල එකම කාර්ය වන්නේ නොමග ගිය මුස්ලිම්වරුන්ව නැවතත් දහම තුලට ගෙන ඒම පමණි. ඒ අනුව ඉස්ලාම් දහම තුලට අලුත් ඇදහිලි එකතු කොට වැරදි විදියට ඉස්ලාම් දහම පිළිපදිමින් සිටි අයට කුරානය සහ හදිස් අනුව නිවැරදි ඉස්ලාම් දහම ඔහු ප්‍රචාරය කළේය. 

මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමාගේ කාලයේදී බොහෝ මුස්ලිම්වරුන් දහමින් බැහැර වී සිට ඇත. ඒ අනුව ඔවුන් සොහොන් කොත් ආශ්‍රිතව බොහෝ අළුත් ඇදහිලි ඇති කොට තිබේ. තවද ඉස්ලාම් දහමින් තහනම් කොට ඇති යන්ත්‍ර මන්ත්‍ර සහ ගුරුකම් වලින් පිහිට සොයා තිබේ. තවද මළවුන් හරහා දෙවියන්ට කන්නලව් කොට තිබේ. මේ සඳහා ඔවුන් වාර්ෂිකව උත්සව පවා පවත්වා තිබේ. එහෙත් ඒවා කිසිවක් ඉස්ලාම් දහම අනුමත කරන දේවල් නොවේ. මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් කලේ ඒවාට විරුද්ධව කටයුතු කිරීම පමණි. එහෙත් ඇතැම් අය මේවා දකින්නේ අන්තවාදය ලෙස වීම කනගාටුවට කරුණකි. 

ඇත්ත වශයෙන්ම එදා එම ප්‍රතිසංස්කරණ  ක්‍රියවලිය සිදු නොවන්නට අපට අදවන විට දැක ගත හැකි වන්නේ ඉස්ලාම් දහම වෙනුවට වෙනත් ඇදහිලි සමුහයකි. 

සමහරු සිතාගෙන සිටින්නේ මද්‍රසා පාසල්වල වහාබ් වාදය උගන්වන බවයි. එහෙත් එය සම්පුර්නයෙන්ම වැරදි මතයකි. මද්‍රසා පාසල් වල උගන්වනු ලබන්නේ නබිතුමා ලොවට හඳුන්වා දෙන ලද ඉස්ලාම් දහම පමණි. එය උගන්වනු ලබන්නේ අරාබි භාෂාවෙන් ය. ඊට හේතුව ඉස්ලාමීය මුලාශ්‍ර සියල්ලම් ඇත්තේ අරාබි බහාවෙන් වීමයි. එහෙත් මිනිසුන් අතර ගැටුම් නිර්මාණය කිරීම සඳහා ඇතැම් අය විසින් එය ප්‍රයෝජනයට ගනු ලබන්නේය. 

කරුණු එසේ තිබියදී ඇතැම් ස්වාමින් වහන්සේලා මුස්ලිම්වරුන්ට වහාබ් වාදය ඉගැන්වීමට යාම විහිළුවකි. ඇත්තෙන්ම ඔවුන්ට උවමනා වී තිබෙන්නේ වහාබ් වාදයේ මුවාවෙන් ජාතින් අතර ගැටුම් නිර්මාණය කොට ඔවුන්ගේ වෙනත් අරමුණක් ඉෂ්ට කර ගැනීම විය හැකිය. 


By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
















Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)