අල් කුර්ආනය තුල යුද්ධයට සම්බන්ධ වැකි අඩංගු වන්නේ ඇයි? (Why does the Quran contain verses related to war?)
සෑම මිනිසෙකුම එක සමාන නැත. ඇතැමුන් අවිහිංසාවාදී ලෙස ජිවත් වීමට කැමතිය. ඇතැමුන් දාමරිකයන් ය. ඔවුන් මිනීමැරුම් මංකොල්ල කෑම් වැනි දේවල් කිරීමට කැමතිය. තවත් සමහරු සල්ලාලයින් ය. ඔවුන් කාමය වරදවා හැසිරීමට කැමතිය. තවත් සමහරු ත්‍රස්තවාදයට කැමතිය. මේ නිසා පළමු සහ දෙවන ලෝක යුද්ධ දෙක සිදු විය. අදටත් ලෝකයේ නොයෙකුත් තැන්වල යුද්ධ කෙරෙමින් ඇත. එවැනි තත්වයක් තුල අවිහිංසාවෙන් පමණක් මිනිසාව පාලනය කිරීමට යමෙකු සිතන්නේ නම් එය මිත්‍යාවකි.
ලෝකය මෙතරම් දියුණුවක් ලබා තිබියදීත් සෑම රටකම අතිවිශාල මුදලක් වැය කරමින් ත්‍රිවිධ හමුදාවන් නඩත්තු කරන්නේ ඉහත සඳහන් හේතු නිසාය. එය යතාර්ථයක්ව තිබියදී ලෝකවාසී සියලු දෙනාටම ජිවන මාර්ගයක් පෙන්වා දෙන කුරානය තුල යුද්ධයට අදාළ වැකි ඇතුලත් වීම පුදුමයක් නොවේ. අල් කුරානය පහළ වන්නේ මිනිසා හට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දීම සඳහාය. එමගින් මිනිසාට අධ්‍යාත්මක මග පෙන්වීමට අමතරව ලෞකික ජීවිතයටත් මග පෙන්වා දී ඇත.
අනෙක් ආගම් මෙන් නොව දෙවියන් කුරානය පහළ කොට තිබෙන්නේ මිනිසාට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දීම සඳහාය. එබැවින් කුරානය තුල ධාර්මික ජීවිතය පමණක් නොව එදිනෙදා ජීවිතයේදී ක්‍රියා කල යුතු අකාරයත් පෙන්වා දී ඇත. මේ හේතුවෙන් නබිතුමා රට පාලනය කලේ කුරානය පෙන්වා දී ඇති උපදෙස් අනුව ය. එසේම නබිතුමාගෙන් පසු පැමිණි කලිෆාවරුන් ද එම ක්‍රමය අනුගමනය කරමින් කුරානය අනුව රට පාලනය කළහ. අදටත් ඇතැම් මුස්ලිම් රටවල් පාලනය වන්නේ අල් කුරානය පෙන්වා දෙන මාර්ගෝපදේශ අනුවය. එම පාලනයේ ඇති විශේෂත්වය වන්නේ ලෝකයේ දියුණු යැයි සලකන බොහෝ රටවල්වලට සාපේක්ෂව වැරදි කරන අයගේ විශාල අඩුවක් ෂරියා නිතිය ක්‍රියාත්මක වන රටවල් වල දැකිය හැකි වීමය.
ඇතැම් උදවිය කුරානය තුලට යුද්ධය සම්බන්ද වැකි ඇතුලත් වීම ගැන විවේචන එල්ල කරති. ඔවුන් පවසන ආකාරයට අවිහිංසාවට මුල් තැන දෙමින් යුද්ධ කිරීම තහනම් කරන්නේ නම් සතුරු ආක්‍රමණයකදී ගත යුතු පියවර හැටියට ඔවුන් යෝජනා කරන්නේ කුමක් දැයි පෙන්වා දිය යුතුය.
නබිතුමා හට කුරානය පහළ වන මුල් අවදියේදී යුද්ධ කිරීම සඳහා අවසර ලබා දී තිබුනේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස මුල් අවදියේදී ඉස්ලාම් දහම වැළඳ ගත් මුස්ලිම්වරුන් කුරෙයිෂ් වරුන්ගේ කෘර වද හිංසා වලට ගොදුරු විය. ඇතැම් සහාබාවරුන් ඉස්ලාම් දහම වැළඳ ගැනීමේ එකම හේතුව නිසා දෙකට ඉරා ඝාතනය කොට ඇත. තවත් සමහරුන්ව ගිනි අඟුරු මත නිදා ගැනීමට සලස්වා ඇත. මෙම හිංසනයන් ඉවසා ගැනීමට නොහැකි අවස්ථාවේදී ඔවුන් තම නිජ භුමිය අත්හැර දමා වරෙක අබිසිනියාවටත් තවත් වරෙක මදිනාවටත් සංක්‍රමණය විය. මේ සියල්ලම සිදු වුයේ එදා යුද්ධ කිරීම සඳහා වන අවසරය කුරානයට ඇතුලත් නොවී තිබීම හේතුවෙනි.
සතුරන්ගේ තාඩන පීඩන පමණ ඉක්මවා යන විට තම ආරක්ෂාව වෙනුවෙන් යුද්ධ කිරීම සඳහා අවසර ලබා දෙමින් මුල්ම කුර්ආන් පාඨය මදිනාවේදී නබිතුමා හට පහළ විය. ඉන් පසු සතුරා පහර දෙන විට මුස්ලිම්වරුන් ද ඔවුන්ට පෙරලා පහර දෙනු ලැබිය. එම අවස්ථාවේදී පහළ වූ බොහෝ කුර්ආන් වැකි අදාළ වන්නේ යුද්ධයක් කෙරෙමින් පවතින අවස්ථාවේදී පමණි. එහෙත් ඇතැම් විවේචකයින් එම වැකි අලලා ඉස්ලාම් දහම විවේචනය කරන්නේ ඔවුන්ගේ මුද්ඝ කම නිසාය.
අල් කුරානය යුද්ධයකට අවසර දෙන්නේ සතුරා පහර දීම ආරම්භ කළහොත් පමණි. එහෙත් අද බොහෝ බලවත් රටවල් යුද්ධ කරන්නේ අනෙක් රටවල් යටත් කර ගැනීමට සහ එම රටවල් වල ඇති සම්පත් කොල්ල කෑමට ය. මෙයට හොඳම උදාහරණය රටවල් ගනනාවක් එකතුවී ඉරාකයට කල පහර දීම වේ. එම පහරදීමෙන් පසු ඔවුන් පැවසූ කිසිම දෙයක් ඉරාකයෙන් සොයා ගත්තේ නැත. එසේ තිබියදී ඉරාකය අරාජිත රාජ්‍යයක් බවට පත් කළේය.
යුද්ධ කිරීම සඳහා අවසර ලබා දෙන ඉස්ලාම් දහමින් යුද්ධයේ දී පිළිපැදිය යුතු ආචාර ධර්ම ද පෙන්වා දී තිබේ. ඒ අනුව ෂරියා නීතිය තුල යුද්ධයට සම්බන්ද නොවන කිසිවෙකු ඝාතනය කල නොහැක. තවද පල දරන ගස්කොළන් සහ සතා සිව්පාවන් ඝාතනය කල නොහැක. තවද ප්‍රයෝජනවත් ගොඩනැගිලි, පුජනීය ස්ථාන ආදිය විනාශ නොකළ යුතුය. මේවා කිසිවක් නොදැන ඉස්ලාම් දහම විවේචනය කිරීම විශාල වරදකි.
කුරානය පෙන්වා දෙන යුද්ධයේ ප්‍රතිපලය විය යුත්තේ සතුරා පරාජය කොට ස්ථිර සමයක් ගෙන එමය.
By Fasy Ajward.B.Sc(PhysicsSpecial)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment