Posts

Showing posts from January, 2020

සත්ව ආහාර අනුභව කිරීම පාපයක්ද? (Is it a sin to eat animal food?)

Image
පෘථිවියේ ඇති අහාර රටාවන් විවිධාකාර ය. ඇතැම් ජීවින් මාංශ පමණක් අනුභව කරති. ඇතැම් ජීවින් ගස්කොලන් පමණක් අනුභව කරති. ඇතැම් ජීවින් සත්ව සහ ශාක යන දෙකින්ම යැපෙන්නේය. මෙය එම ජීවීන්ගේ උපතින්ම උරුම වූ දෙයක් මිස උන් විසින්ම තෝරාගත් දෙයක් නොවේ. මේ හේතුවෙන් කිසිවෙකුට ලෝකයේ ඇති අහාර රටාවන් වෙනස් කල නොහැක. කෙසේ වෙතත් සත්ව ලෝකයේ ආගමක් අදහන එකම ජීවියා මිනිසා බැවින් ඔහුගේ අහාර රටාව ආගමික නීති වලින් සිමා කොට තිබේ. ඒ අනුව ඇතැම් ආගමික ධර්ෂණ වලින් තමන් වෙනුවෙන් ඝාතනය කරන ලද මාංශ අනුභව කිරීම තහනම් වේ. එහෙත් ආබ්‍රහමික ආගම් වන යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් හි තෝරාගත් ඇතැම් සතුන් හැර අනෙක් සතුන් අනුභව කිරීම සඳහා අවසර ලැබෙන්නේය. අහාරය පිණිස සතුන් ඝාතනය කිරීම සඳහා අවසර ලබා දී ඇතත් උන්ට හිංසා කිරීම තහනම් ය. ඉස්ලාම් දහම සත්ව කරුණාව සම්බන්දයෙන් බොහෝ දේවල් පවසා තිබේ. ඒ අනුව සතුන් ඇතිකිරීමේදී උන්ට ආහාර, ජලය, නවාතැන් සහ පශු වෛද්‍ය රැකවරණය නිසි පරිදි ලබා දිය යුතුය. සතුන්ට වධ දීම, අබ්බගාත කිරීම බලවත් වරදකි. එක් බනු ඉස්රායිල් කාන්තාවක් බලලෙකුට කෑම නොදී හිරකර තැබීම නිසා ඌ මරණයට පත් විය. මේ නිසා ඇය කොපමණ කුසල් කරත් නිරයට යන ...

අල්ලාහ් සමඟ හවුල්කරුවන් ඇති කිරීම මහා පාපයක් වන්නේ ඇයි? (Why is associating partners with Allah a great sin?)

Image
අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිවෙකු නැත. එසේ තිබියදී අල්ලාහ් සමග වෙනත් දේවල් ආදේශ කිරීම මහා පාපයක් ලෙස සලකනු ලැබේ. මේ නිසා සෑම මුස්ලිම්වරයෙකුම අල්ලාහ්ට පමණක් නැමදුම් කල යුතුය. එසේ තිබියදී අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු වෙනුවෙන් පඬුරු දැමීම හෝ වෙනත් අය වෙනුවෙන් සතුන් කැප කිරීම හෝ මිය ගිය අය හරහා අල්ලාහ්ගෙන් දුආ ප්‍රාර්ථනය කිරීම නොකළ යුතුය. එවැනි වැරැද්දක් කරන කෙනෙක් කරන්නාවූ සලාතයෙන් හෝ සකාත්වලින් හෝ උපවාසයෙන් හෝ පලක් වන්නේ නැත. මේ හේතුවෙන් ලුක්මාන් අලෛහි සලාම් තුමා සිය පුතුන්ට මෙසේ අවවාද කළේය.  "ලුක්මාන් තම පුතාට අවවාද කරන කල පැවසුවේ, 'මාගේ දයාබර පුතුනි! අල්ලාහ්ට කිසිම දෙයක් සම නොකරන්න! නියතවශයෙන්ම අල්ලාහ්ට වෙනත් දෙයක් සමකිරිම ඉතා දරුණු අපරාධයකි" (කුරානය 31:13).  ඉස්ලාම් දහම අනුව කෙනෙක් මිය ගියේ නම් ඔහුගේ දේහය පොදු සුසාන භුමියක මිහිදන් කල යුතුය. එසේ තිබියදී එම දේහය ගොඩනැගිල්ලක් තුල මිහිදන් කිරීම හෝ මිහිදන් කල සොහොන වටා ස්ථිර ගොඩනැගිලි ඉදිකොට එය පුජනීය ස්ථානයක් කර ගැනීම ඉස්ලාමීය ඉගැන්වීම් වලට පටහැනි වේ. නබිතුමා මිය යාමට පෙර එවැනි දෙයක් කරන අයට ශාප කළේය. මළවුන් වෙනු...