ඉස්ලාමය කඩුවෙන් ව්‍යාප්ත වූ බව පැවසීමේ සත්‍යයක් තිබේද? (Is there any truth to the claim that Islam spread by the sword?)
ඉස්ලාම් විශ්වාසය මත පදනම් වූ දහමකි. තවද, විශ්වාසය සිත හා බැඳී පවතී. එම නිසා විශ්වාසය කඩුවෙන් බිය වද්දා ඇතුලත් කල නොහැකිය. ඇයිද යත් බිය වැද්දීම නිසා කෙනෙකුට බොරුවට ඉස්ලාම් දහම වැළඳ ගෙන පසුව එය අත්හැරිය හැකි නිසාය. කෙසේ වෙතත් ඇතැම් විවේචකයින් පදනම් විරහිතව පවසන්නේ ඉස්ලාම් දහම කඩුවෙන් ව්‍යාප්ත වූ බවයි. එය සත්‍යයක් නම් අද ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය අඩාල විය යුතුය. එහෙත් අපට අදටත් දැක ගත හැක්කේ ලොව වේගයෙන්ම ව්‍යාප්ත වන දහම ඉස්ලාම් බවයි. ඉන් පැහැදිලි වන්නේ ඉස්ලාම් විරෝධීන්ගේ තර්කය පුස්සක් බවයි. ඉසලාම් දහම තුල බල කිරීමක් නැත. ඒ බව කුරානයේ මෙලෙස සඳහන් කොට ඇත. "මෙම ධර්මය (වැළඳ ගැනීමෙහිලා) කිසිඳු බල කිරීමක් නැත" (කුරානය 2:256). එසේ තිබියදී කඩුවෙන් ඉස්ලාම් දහම ව්‍යාප්ත කල නොහැකිය. කුරානයේ මෙසේද සඳහන් වේ. "පවසනු! සත්‍යය ඔබගේ පරමාධිපතිගෙන් ලැබෙන දෙයකි. එහෙත් කැමති කෙනෙකුට එය විශ්වාස කල හැකිය. කැමති කෙනෙකුට එය ප්‍රතික්ෂේප කළ හැකිය" (කුරානය 18:29). අල්ලාහ්ට අවශ්‍ය නම් මෙලොව සිටින සියලුම දෙනා ඔහුගේ විශ්වාසවන්තයින් බවට පත්කළ හැකිය. "ඔබගේ දෙවිඳුන...