Posts

Showing posts from November, 2021

මිනිසුන් ආගම හැර යද්දී ඉස්ලාමය වේගයෙන් පැතිරෙන්නේ ඇයි? (Why is Islam spreading so fast when people leave the religion?)

Image
සමාජ විද්‍යාඥයින් වන අරීලා කීසර් සහ ජුහෙම් නවරෝ යන දෙදෙනා විසින් අදේවවාදය පිළිබඳ සිදුකල ගෝලීය අධ්‍යයනයකින් පසු  හෙළිකරගෙන තිබෙන්නේ ලෝකයේ ධනාත්මක අදේවවාදීන් සහ නාස්තික දෘෂ්ටිකයින් (agnostics) මිලියන 450 ත් 500 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි.  එය ලෝක ජනගහනයෙන් 7% ක් පමණ වේ. සමස්තයක් වශයෙන් ලෝකයේ වැඩියෙන්ම අදේවවාදීන් සිටින්නේ චිනයේය. එම සංඛ්‍යාව මිලියන 200 ඉක්මවන්නේය. චීන ජාතිකයින් දහමින් ඈත්වීමට ප්‍රධාන හේතුව රජයෙන් සිදුකරනු ලබන බලපෑම වේ. චීනයේ ඇතැම් ප්‍රාන්තවල ආගම ඇදහීමට රජය විසින් විශාල බදාවන් පමුණුවන බව වාර්තා වන්නේය. ඒ අනුව කිසිම ආගමකට එහි නිසි ඉඩක් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම එහි සිටින මුස්ලිම්වරුන්ව කඳවුරු වලට සිර කොට මනස වෙනස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. එසේ නොවන්නට ඔවුන්ගෙන් විශාල පිරිසක් යම් කිසි ආගමක් ඇදහීමට ඉඩ තිබේ.   මේ හැරුණු විට ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපිය රටවල්වල ද දහම හැර යාමේ ප්‍රවනතාවය දිනෙන් දින වැඩි වෙමින් තිබේ. අළුත්ම සංගනනයන් වලින් පෙන්නුම් කරන්නේ එංගලන්තය තුල ආගමක් අදහන අයට වඩා වැඩියෙන් ආගමක් නොඅදහන අය සිටින බවයි. කෙසේ වෙතත් ඉස්ලාම් දහම වැළඳ ග...

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

Image
  ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රය අල් කුරානය වේ. එය මිනිස් වර්ගයා වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් විසින් පහළ කරන ලද්දකි. එම පණිවිඩය පළමුවරට පහළ වන්නේ "කියවනු" යන නියෝගය ඇතුලත් වන මෙම කුර්ආන් පාටයත් සමග ය. "සියල්ල මැවූ ඔබගේ සමිඳුන්ගේ නාමයෙන් කියවනු!" (කුරානය 96:1). මින් පැහැදිලි වන්නේ අධ්‍යාපනයේ ඇති වැදහත් කම යි. මේ හේතුවෙන් ආධ්‍යාපනය ලැබීම නබිතුමා විසින් මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇත. ඒ අනුව මුස්ලිම් පිරිමින් සහ කාන්තාවන් අධ්‍යාපනය හැදෑරීම අනිවාර්ය වේ. නබිතුමාගේ හදිසයක අධ්‍යාපනයේ වැදගත්කම මෙසේ පෙන්වා දී ඇත.  "යම් කෙනෙක් දැනුම සොයා යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගයට යන මාර්ගය පහසු කරන්නේය" . අධ්‍යාපනයට මුල් තැන දීම නිසා ඉතා පසුගාමිව සිටි අරාබි ජාතින් අල් කුරානය පහළ වීමත් සමග ලෝකයේ ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් විය. ලෝකයේ ඇති මුල්ම විශ්වවිද්‍යාලය ස්ථාපනය කරනු ලැබුවේ ද මුස්ලිම් කාන්තාවක් විසින් ය.  ආදිකාලීන මුස්ලිම්වරුන් ආගමට මෙන්ම ලෞකික අධ්‍යාපනය වෙනුවෙන්ද විශාල කාර්ය භාරයක් සිදු කොට තිබේ. ඒ අනුව අබු මුසා ජබර්, අල් කෝහි, ඉබ්නු අල් හෛතම් වැනි විද්ඥායින් විසින් තාරකා ...

එක රටක් එක නීතියක් මුස්ලිම්වරුන්ට බලපාන්නේ කෙසේද? (How does one country and one law affect Muslims?)

Image
  ලංකාවේ පවතින දණ්ඩ නීතිය සෑම ලාංකිකයෙකුටම එකසේ ක්‍රියාත්මක වේ. එහෙත් එක් එක් ආගම් සඳහා ක්‍රියාත්මක වන පෞද්ගලික නීති ද ඇත. ලංකාව තුල ඒවා උඩරට නීතිය, තේසවලාමේ නීතිය, ෂරියා නීතිය ලෙස ක්‍රියාත්මක වේ. ඇතැම් විට ඒවා පුද්ගලික නීති ලෙසද හඳුන්වනු ලැබේ. මෙවැනි නීති ක්‍රියාත්මක කරන්නේ එක් එක් ජාතීන්ගේ ආගමික නිදහස ලබා දීම සඳහාය. එමගින් සෑම ජාතියකටම සතුටින් සහ සාමයෙන් ජිවත් වීමට අවකාශ ලැබේ. මේ නිසා රටේ ව්‍යවස්ථාවෙන්ම ඒවාට ප්‍රතිපාදන ලබා දී ඇත.  කෙසේ වෙතත් මෑත ඉතිහාසය දෙස බලන කල ඇතැම් අය ෂරියා නිතිය ගැන බොහෝ විවේචන එල්ල කරති. ඊට ප්‍රධාන හේතුව ඔවුන් ඉස්ලාම් දහම ගැන අධ්‍යයනය කර නොතිබීම විය හැකිය. ඇත්තෙන්ම ඉස්ලාම් දහම යනු අංග සම්පුර්ණ ජිවන ක්‍රමයකි. එබැවින් මුස්ලිම්වරුන්ට කුරානයෙන් පෙන්වා දී ඇති විවාහ සහ දික්කසාද ක්‍රමයක් තිබේ. තවද ඔවුන් දේපල බෙදීමේදී කුරානයේ ඇති අනුපාත වලට එය සිදු කල යුතුය. කුරානය අනුව මුස්ලිම්වරුන්ට පොලිය සපුරා තහනම් වේ. එබැවින් ඔවුන්ට සම්ප්‍රදායික බැංකුවලින් ගනු දෙනු කිරීමේදී ඇතැම් ගැටළු පැන නගින්නේය. තවද ඇඳුම් ඇඳීමේදී මුස්ලිම්වරුන්ට කුරණයෙන් ඇතැම් සිමාවන් පනවා තිබේ. විශේෂ...