ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

 


ඉස්ලාම් දහමේ ප්‍රධාන මුලාශ්‍රය අල් කුරානය වේ. එය මිනිස් වර්ගයා වෙනුවෙන් අල්ලාහ් දෙවිඳුන් විසින් පහළ කරන ලද්දකි. එම පණිවිඩය පළමුවරට පහළ වන්නේ "කියවනු" යන නියෝගය ඇතුලත් වන මෙම කුර්ආන් පාටයත් සමග ය. "සියල්ල මැවූ ඔබගේ සමිඳුන්ගේ නාමයෙන් කියවනු!" (කුරානය 96:1). මින් පැහැදිලි වන්නේ අධ්‍යාපනයේ ඇති වැදහත් කම යි. මේ හේතුවෙන් ආධ්‍යාපනය ලැබීම නබිතුමා විසින් මුස්ලිම්වරුන්ට අනිවාර්ය කොට ඇත. ඒ අනුව මුස්ලිම් පිරිමින් සහ කාන්තාවන් අධ්‍යාපනය හැදෑරීම අනිවාර්ය වේ. නබිතුමාගේ හදිසයක අධ්‍යාපනයේ වැදගත්කම මෙසේ පෙන්වා දී ඇත. "යම් කෙනෙක් දැනුම සොයා යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගයට යන මාර්ගය පහසු කරන්නේය". අධ්‍යාපනයට මුල් තැන දීම නිසා ඉතා පසුගාමිව සිටි අරාබි ජාතින් අල් කුරානය පහළ වීමත් සමග ලෝකයේ ඉතා ශ්‍රේෂ්ඨ ජාතියක් බවට පත් විය. ලෝකයේ ඇති මුල්ම විශ්වවිද්‍යාලය ස්ථාපනය කරනු ලැබුවේ ද මුස්ලිම් කාන්තාවක් විසින් ය. 

ආදිකාලීන මුස්ලිම්වරුන් ආගමට මෙන්ම ලෞකික අධ්‍යාපනය වෙනුවෙන්ද විශාල කාර්ය භාරයක් සිදු කොට තිබේ. ඒ අනුව අබු මුසා ජබර්, අල් කෝහි, ඉබ්නු අල් හෛතම් වැනි විද්ඥායින් විසින් තාරකා භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, විජ ගණිතය, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව වැනි ක්ෂේස්ත්‍රයන් සඳහා විශාල දායකත්වයක් ලබා දී තිබේ. එය නවීන ලෝකය අද වන විට ලබා ඇති දියුණුවට අත්තිවාරම ලෙස සැලකිය හැකිය. 

ඉස්ලාම් දහම තුල ලෞකික අධාපනයට වඩා ඉහල වටිනාකමක් අධ්‍යාත්මික දැනුම සඳහා ලබා දී තිබේ. මේ හේතුවෙන් අල් කුරානය පහළ වූ විගස එය ලේඛන ගත කොට ආරක්ෂා කිරීම සඳහා ක්‍රියා කොට ඇත. එහි ප්‍රතිපලයක් ලෙස කුරානය පහළ වී දැනට වසර 1500 ක් පමණ ගෙවී ගොස් ඇතත් එය පහළ වූ අකාරයටම අදටත් දැකිය හැකිය. එපමණක් නොව නබිතුමා වදාළ දේවල් ඒ අයුරින්ම එහි දැනුම් දෙන්නන්ගේ නම් සමග ලේඛන ගත කොට ආරක්ෂා කොට තිබේ. මේ හේතුවෙන් මුස්ලිම්වරුන්ට තම ආගම ඉතා නිවැරදිව පිළිපැදීමට හැකියාව ලැබෙන්නේය.

කිසියම් කෙනෙකුට අල්ලාහ් හොඳක් කිරීමට අදහස් කලේ නම් ඔහුට ඉස්ලාම් දහම ගැන දැනුම ලබා දෙන්නේය. නබිතුමා පැවසූ එම හදිසය මුආවියා රලි තුමා දැනුම් දී තිබේ. එම හදිසය සහිහ් බුහාරි සහ සහිහ් මුස්ලිම් යන ග්‍රන්ථ දෙකෙහිම දැකිය හැකිය. තවද දැනුම වර්ධනය කර දෙන ලෙස දුආ ප්‍රාර්ථනා කරන ලෙස කුරානය මෙසේ පෙන්වා දෙන්නේය. "මාගේ සමිඳුනි! මාගේ දැනුම අධික කරනු මැනව" (කුරානය 20:114). 

කෙනෙකු ලබන ලෞකික දැනුම මරණය දක්වා ප්‍රයෝජනවත් වේ. එහෙත් දහම පිලිබඳ දැනුම කෙනෙකුගේ මතු ජීවිතයටත් ප්‍රයෝජනවත් වනු ඇත. ඒ සම්බන්දයෙන් වන හදිසයක් අබු හුරෛරා රලි තුමා මෙසේ දැනුම් දෙන්නේය. "කෙනෙක් මිය ගිය පසු කරුණු තුනක් හැර අනෙක් සෑම දෙයක්ම මේ ලෝකය තුල නතර වන්නේය. ඒවා කවරේද යත්, නිතරම පුනරාවර්තනය වන දානමය කුසල් (ever recurring charity), ප්‍රයෝජනයට ගන්නා දැනුම, සැදැහැවත් දරුවෙකු දෙමව්පියන් වෙනුවෙන් කරන ප්‍රාර්ථනයන් වේ" (මුලාශ්‍රය මුස්ලිම්). 

දැනුම වර්ධනය වන තරමට අල්ලාහ් ගැන ඇති අවබෝධය ද වැඩිවේ. එසේම මතු ජීවිතය ගැන ඇති විශ්වාසය වඩාත් හොඳින් තහවුරු කල හැකි ය. තවද බුද්ධිමතෙක් සාතන්ගේ උගුල් වලට හසු වීම ඉතා කලාතුරකින් සිදු වන්නකි. මෙම කරුණ නබිතුමා මෙසේ පවසා ඇත. බුද්ධිමතෙකුව නොමග යැවීම සාතන්ට ඉතා දුෂ්කර කාර්යයක් වේ.

නවීන සමාජය තුල ලෞකික අධ්‍යාපනයට වැඩි සැලකිල්ලක් දැක්වීම හේතුවෙන් බොහෝ දරුවන් දහමින් ඈත්වීමට හේතුවක් වී තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස බොහෝ ළමයින්ට මතු ජීවිතය ගැන ඇත්තේ දුර්වල විශ්වාසයකි. ඒ අනුව ඔවුන් ලෞකික ජීවිතය තුල සෑම සතුටක්ම විඳීමට උත්සාහ කරති. එහි ප්‍රතිපලයක් ලෙස අද මුස්ලිම් සමාජය තුළ ද අනෙක් සමාජ වල මෙන් නොයෙකුත් අකාරයේ වැරදි සිදු වන්නේය. එය වැළැක්වීමට නම් අනිවාර්යයෙන්ම දහමට මුල් තැන දෙමින් කුඩා අවදියේ සිටම ළමුන්ට දහම් දැනුම ලබා දීමට සෑම දෙමව්පියෙක්ම ක්‍රියා කල යුතුව ඇත. 


By Fasy Ajward.B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.













Comments

Popular posts from this blog

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)