මිනිසුන් ආගම හැර යද්දී ඉස්ලාමය වේගයෙන් පැතිරෙන්නේ ඇයි? (Why is Islam spreading so fast when people leave the religion?)

සමාජ විද්‍යාඥයින් වන අරීලා කීසර් සහ ජුහෙම් නවරෝ යන දෙදෙනා විසින් අදේවවාදය පිළිබඳ සිදුකල ගෝලීය අධ්‍යයනයකින් පසු  හෙළිකරගෙන තිබෙන්නේ ලෝකයේ ධනාත්මක අදේවවාදීන් සහ නාස්තික දෘෂ්ටිකයින් (agnostics) මිලියන 450 ත් 500 ත් අතර සංඛ්‍යාවක් සිටින බවයි.  එය ලෝක ජනගහනයෙන් 7% ක් පමණ වේ. සමස්තයක් වශයෙන් ලෝකයේ වැඩියෙන්ම අදේවවාදීන් සිටින්නේ චිනයේය. එම සංඛ්‍යාව මිලියන 200 ඉක්මවන්නේය. චීන ජාතිකයින් දහමින් ඈත්වීමට ප්‍රධාන හේතුව රජයෙන් සිදුකරනු ලබන බලපෑම වේ. චීනයේ ඇතැම් ප්‍රාන්තවල ආගම ඇදහීමට රජය විසින් විශාල බදාවන් පමුණුවන බව වාර්තා වන්නේය. ඒ අනුව කිසිම ආගමකට එහි නිසි ඉඩක් ලැබෙන්නේ නැත. විශේෂයෙන්ම එහි සිටින මුස්ලිම්වරුන්ව කඳවුරු වලට සිර කොට මනස වෙනස් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබේ. එසේ නොවන්නට ඔවුන්ගෙන් විශාල පිරිසක් යම් කිසි ආගමක් ඇදහීමට ඉඩ තිබේ.
 
මේ හැරුණු විට ඇමරිකාව ඇතුළු බොහෝ යුරෝපිය රටවල්වල ද දහම හැර යාමේ ප්‍රවනතාවය දිනෙන් දින වැඩි වෙමින් තිබේ. අළුත්ම සංගනනයන් වලින් පෙන්නුම් කරන්නේ එංගලන්තය තුල ආගමක් අදහන අයට වඩා වැඩියෙන් ආගමක් නොඅදහන අය සිටින බවයි. කෙසේ වෙතත් ඉස්ලාම් දහම වැළඳ ගැනීම අතින් ලොව පුරා විශාල වර්ධනයක් පෙන්නුම් කරන්නේය (US-based Pew Research Center). විශේෂයෙන්ම යුරෝපය, එංගලන්තය, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව, ජපානය වැනි රටවල්වල වෙසෙන මිනිසුන් ඉස්ලාම් දහම වැළඳ ගැනීම නිසා එහි ඉස්ලාම් දහම වේගයෙන් ව්‍යාප්ත වන්නේය. 
 
බොහෝ අය සිතන්නේ විද්‍යාවෙන් ආගම අභිභවා යන බවයි. එම නිසා මිනිසුන් ආගම හැර යාමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස විද්‍යාවේ දියුණුව සැලකිය හැකිය. කෙසේ වෙතත් එය නිවැරදි නොවන බව කුරානය හැදෑරීමෙන් දැනගත හැකි වේ. ඇතැම් අය ඉස්ලාම් දහම ගැන බොහෝ වැරදි ප්‍රචාරයන් සිදු කරද්දී එය වේගයෙන් ව්‍යාප්ත වන්නේ එම නිසාය. 
 
ඉස්ලාම් හැර වෙනත් බොහෝ ආගම්වල අවිද්‍යාව විද්‍යාව ලෙස අන්තර්ගත කොට තිබේ. මේ හේතුවෙන් මිනිසුන්ට එම ආගම් ගැන ඇති විශ්වාසය පලුදු වීමට බලපා ඇත. තවද ඉස්ලාම් දහම හැර වෙනත් බොහෝ ආගම්වල දෙවියන් පිලිබඳ නිවැරදි අර්ථ දැක්වීමක් සිදු කොට නැත. එම හේතුවෙන් බොහෝ අයට දෙවියන් ගැන හරි විශ්වාසයක් ලැබී නැත. මෙවැනි හේතුන් නිසා බොහෝ මිනිසුන් දහම හැර යන්නේය. එහෙත් අල් කුරානයේ ඇති විද්‍යාත්මක හෙළිදරව් නවීන විද්‍යාව සමග මැනවින් එකඟ වන්නේය. එය මිනිසුන්ගේ විශ්වාසය දිනා ගැනීමට හේතුවක් වන්නේය. 
 
බොහෝ ආගම්වල දෙවියන් ලෙස විශ්වාස කරන්නේ මිනිසුන් විසින්ම සාදාගත් දේව රූප වලටය. එම රූපවලින් මිනිසුන්ගේ උවමනාවන් ඉෂ්ඨ කල නොහැකි බව බොහෝ අය අද තේරුම් ගෙන තිබේ. කිතුනු දහමේ දෙවියන් එක්කෙනෙක් බව සඳහන් කොට තිබුනත් ඔවුන් ජේසු තුමාටද දේවතයයෙන් සලකන්නේය. එහෙත් ජේසු තුමා දෙවි කෙනෙක් විය නොහැකි බව බොහෝ අයගේ විශ්වාසය වේ. මේ හේතුවෙන් බොහෝ කිතුනුවන් දහමින් බැහැර වන්නේය. එසේ තිබියදී ඉස්ලාම් දහමින් දෙවියන් පිලිබඳ නිවැරදි අර්ථ දැක්වීමක් සිදු කොට තිබේ. එම හේතුවෙන් ඉසලම් දහම තුල දෙවියන් පිළිබඳ කිසිම ගැටළුවක් නැත. බොහෝ මිනිසුන් ඉස්ලාම් දහම වැළඳ ගැනීමට එය ද ප්‍රධාන හේතුවක් විය හැකිය. 
 
මිනිසුන් දහම හැර යාමට තවත් ප්‍රධාන හේතුවක් වන්නේ ආගමික නායකයින්ගේ නොමනා හැසිරීම යි. ඇතැම් පුජකයින් අනුන්ට දහම දෙසුවත් තම ක්‍රියාවෙන් ඒවා පෙන්නුම් කරන්නේ නැත. මේ නිසා ගිහියන්ගේ ක්‍රියා කලාපය ඇතැම් අවස්ථාවන්හිදී ආගමික පුජකයින්ගේ ක්‍රියා කලාපයට වඩා උසස් වන්නේය. මේ සඳහා උදාහරණයක් ලෙස මියන්මාරයේ චීවරය පොරවාගෙන අහිංසක මිනිසුන් අමානුෂික අන්දමින් කපා කොටා ඝාතනය කිරීම පෙන්වා දිය හැකිය. තවද ඇතැම් පුජක තුමන්ලා කරන ලිංගික අපයෝජන නිසා මිනිසුන්ට පුජකයින් ගැන තිබෙන විශ්වාසය සහ ගෞරවය නැතිවී තිබේ. එහෙත් ඉස්ලාම් දහම තුල පුජක පක්ෂයක් නැති නිසා මෙවැනි තත්වයන් එම දහම තුල දැකිය නොහැකිය. 
 
බොහෝ ආගම්වල පරස්පරතාවයන් දැකිය හැකි වුවත් ඉස්ලාම් දහමේ එවැනි තත්වයක් දැකිය නොහැකිය. මේ නිසා එම දහම ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය. තවද එහි කුල බේද හෝ වර්ණ බේද හෝ උස්පහත් බේද හෝ නැත. දෙවියන් ඉදිරියේ සෑම කෙනෙකුම එක සමනය. එම නිසා මුස්ලිම්වරුන් අතර සෑම කෙනෙකුමට එක සමානව සලකනු ලැබේ. මෙය බොහෝ අය බලාපොරොත්තු වන තත්වයකි. එය ඉස්ලාම් දහම ව්‍යාප්ත වීමට එක් හේතුවක් විය හැකිය. ඉන්දුනීසියාව ලෝකයේ විශාලතම ඉස්ලාමිය රාජ්‍ය වේ. එසේ වීමට හේතුව එහි වෙළදාමට ගිය මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපය වේ. අදටත් යුරෝපිය රටවල් වල වෙසෙන මිනිසුන් විශාල වශයෙන් ඉස්ලාම් දහම වැළඳ ගන්නේ අල් කුරානය කියවීමෙන් ලැබෙන ආලෝකය නිසාය. 
 
වර්ෂ 2070 වන විට ඉස්ලාම් දහමේ වර්ධන වේගය 70% ඉක්මවන බව පුරෝකතනය කොට තිබේ. ඒ අනුව ලෝකයේ වැඩිම ජනග්‍රහණය මුස්ලිම්වරුන් වීමට නියමිතය. 
 
By Fasy Ajward. B.Sc (Sp,Phy) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)