අල්ලාහ් සමාව නොදෙන පාපයන් කුමක්ද? (What are the sins that Allah does not forgive?)
අල්ලාහ් එක්කෙනෙකි. ඔහුට සමාන වෙනත් කිසිම දෙවි කෙනෙක් නැත. එසේ තිබියදී යම් කෙනෙක් ඔහුට වෙනත් දේවල් සමාන කිරීම අල්ලාහ් අනුමත නොකරන්නේය. එම පාපය හැර අනෙක් වැරදි සඳහා අල්ලාහ් ඔහුගේ අභිමතය පරිදි සමාව දෙන්නේය. "නියත වශයෙන්ම අල්ලාහ්ට සමානයන් ඇති කිරීම වෙනුවෙන් ඔහු සමාව නොදෙන්නේය, එහෙත් ඔහු එය හැර වෙනත් දේවල් සඳහා තමන් කැමති අයට සමාව දෙන්නේය: කවරෙක් අල්ලාහ්ට සමානයන් තබයිද ඔහු මහා පාපයක් ඇති කල කෙනෙකි" (කුරානය 4:48). ඇතැම් පුජකවරුන් ඔවුන්ගේ ලෞකික වාසි වෙනුවෙන් අල්ලාහ් පහළ කරන ලද ආගම හොඳින් දැනගෙන සිටියත් එය අනෙකාට පවසන්නේ නැත. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ මේ ලෝකයේදී ලැබෙන වාසිය පමණනි. ඇයිද යත් සත්‍යය පැවසීමෙන් ඔවුන්ට ලැබෙන තාන්න මාන නැතිවී යන්නේය. ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සත්‍යය වසන් කිරීම නිසා පුජකවරුන්ගේ මග පෙන්වීම බලා සිටින බොහෝ අයට සත්‍යය දැනගැනීමට තිබෙන මාර්ගය ඇහිරී යන්නේය. මේ නිසා ඔවුන් අනුභව කරන්නේ ගින්න බව කුරානය මගින් මෙලෙස පෙන්වා දෙයි. "නියත වශයෙන්ම කවරෙක් අල්ලාහ්ගේ පුස්තකයෙහි පහළ කළ දැය සඟවාගෙන එමගින් අල්ප මිලක් ලබාගන්නේද, ඔවුන් තම උදරය තුලට ගින්න මිසක් ...