අල් කුරානය සහ විද්‍යාව (Quran and science)
විද්‍යාව යනු නිරීක්ෂණ සහ අත්හදා බැලීම් තුලින් ලබාගත් සාක්ෂි අනුව භෞතික ලෝකයේ ව්‍යුහය සහ හැසිරීම ක්‍රමානුකූලව අධ්‍යයනය කිරීම වේ. අනෙක් අතට ආගම යනු දෙවියන් විසින් මිනිසාට යහ මග පෙන්වීම සඳහා පහළ කරන ලද පණිවිඩයකි. අල් කුරානය එලෙස පැමිණි අවසාන දහම් පණිවිඩය යි. එහි අධ්‍යාත්මික කරුණු වලට අමතරව විශ්වය පිළිබඳ බොහෝ දේවල් ඇතුලත් කොට තිබේ. කෙසේ වෙතත් එම කරුණු කුරානයට ඇතුලත් වුයේ කිසිම විද්‍යාත්මක පර්යේෂණයක ප්‍රතිපලයක් ලෙස නොවේ. එසේ තිබියදී එම කරුණු වල සත්‍යතාව ලොවට හෙළි වුයේ කුරානය පහළ වීමෙන් සියවස් දාහතරකට පමණ පසුවය.
විශ්වයේ ප්‍රසාරණය ගැන කරුණු සොයා ගනු ලැබුවේ විසිවන සිය වසේදීය. ඒ සඳහා නවීන විද්‍යා උපකරණ මෙන්ම දැනුම භාවිතා විය. එසේ තිබියදී එම කරුණම අල් කුරානය මගින් කිසිම විද්‍යා දැනුමක් නොමැති යුගයක දී ඉදිරිපත් කොට තිබීම විමතියට කරුණකි. තවද අත්ලාන්තික් සහ පැසිෆික් සාගර දෙකට බෙදී වෙන්වී තිබීම ගැන සොයා ගනු ලැබුවේ ඉතා මෑතක දීය. එහෙත් එම කරුණ ගැන හත්වන සියවසේ පහළ වූ කුරණයෙන් පවසා ඇත. සැබැවින්ම අල් කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් නොවේ නම් එවැනි දෙයක් කිසිසේත්ම එම යුගයේදී දැනගෙන සිටියේ නැත. ඒ හැරුණු විට අත්කාචයක් හෝ නොමැති හත්වන සිය වසේදී මිනිස් කළලයේ නොයෙකුත් අවස්තාවන් ගැන ඉතා නිවැරදිව කුරානයේ සඳහන් කොට තිබීම අපගේ අවධානයට යොමු විය යුතු තවත් වැදගත් කරුණකි. කළල විද්‍යාව ගැන විශාරදයින් කුරානයේ එන එම වැකි ගැන හැදෑරීමෙන් පසු නිගමනය කොට තිබෙන්නේ කුරානය දෙවියන් විසින් පහළ කරන ලද පණිවිඩයක් ම විය යුතු බවයි. එපමණක් නොව කුරානයේ අභ්‍යාවකාශ විද්‍යාව හා සම්බන්ද බොහෝ කරුණු ඇතුලත් වන්නේය. සුර්යයා ගමන් කරන බව කුරානයේ සඳහන් කොට තිබීම ඉන් එක් කරුණකි. එහෙත් එම කරුණ සොයා ගනු ලැබුවේ කුරානය පහළ වීමෙන් වසර ගණනාවක් ගිය පසුවය. ඒ අනුව සුර්යයා නිශ්චිත ගමන් මාර්ගයක සැරිසරන බව ඉතා නිවැරදිව කුරානයේ සඳහන් කොට තිබේ. මෙම කරුණු වලින් පෙනී යන්නේ කුරානය විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන දෙවියන් විසින් පහළ කොට තිබෙන බවයි.
ආගමික ග්රන්ථයක් තුල භෞතික ලෝකය පිලිබඳ කරුණු ඉතා නිවැරදිව ඇතුලත් වී තිබීම පිළිබඳව හැදෑරීමෙන් දෙවියන් ගැන නිසි අවබෝදයක් ලබා ගැනීමට හැකි වන්නේය. තවද ඕනෑම ආගමික ග්‍රන්ථයක සත්‍යතාව උරගා බැලීමටද එහි ඇති විද්‍යාත්මක කරුණු උපකාරී වේ. ඒ අනුව යම් කිසි ආගමික ග්රන්ථයක් මිනිසුන් විසින් වෙනස් කොට තිබේ නම් එහි ඇති අවිද්‍යාත්මක කරුණු ගැන හැදෑරීමෙන් ඒ බව දැන ගත හැකි වේ.
අල් කුරානය මිනිස් වර්ගයාට යහ මග පෙන්වීම සඳහා පහළ කරන ලද අවසාන දේව පණිවිඩය වේ. එමගින් මිනිස් ජිවිතයේ අරමුණ දැනගැනීමට හැකියාව ලැබෙන්නේය. තවද මිනිසාට අනුගමනය කල යුතු නිවැරදි මාර්ගය එහි පෙන්වා දී තිබේ. ඒ අනුව මිනිසාගේ මරණයෙන් පසු ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සියලුම දේවල් ඉතා නිරවුල්ව කුරානය තුලින් දැනගැනීමට හැකි වන්නේය.
By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment