අල්ලාහ්ට නැමැදිය යුත්තේ ඇයි? (Why should we worship Allah?)
මිනිසා ඉබේ ඇතිවූ ජීවියෙක් නොවේ. එසේම පිළිම වලින් මිනිසාව නිර්මාණය කලේද නැත. යුදෙව්, කිතුනු සහ ඉස්ලාම් යන ප්‍රධාන ආගම් වලින් පවසන්නේ මුල්ම මිනිසා වන ආදම් තුමාව අල්ලාහ් තම අතින්ම නිර්මාණය කල බවයි. මෙතරම් උසස් නිර්මාණයක් කලේ අල්ලාහ්ව තේරුම් ගෙන ඔහුට නැමදිමට යැයි කුරානය පවසයි. කුරානයේ සඳහන් වන ආකාරයට අල්ලාහ් මිනිසාව මැව්වේය. ඔහු මිනිසාට කතා කිරීමට ඉගැන්නුවේය (කුරානය 55:3-4). අල්ලාහ්ව තේරුම් ගෙන ඔහුට නැමදීම මිනිසාගේ වග කීමකි. එම හැකියාව මිනිසාට හැර මිහිපිට ජිවත් වන වෙනත් කිසිම ජීවියෙකුට නැත. එබැවින් ස්වර්ගය සහ නිරය පවතින්නේ මිනිසා වෙනුවෙන් ය. මිනිසාගේ විශේතත්වය වන්නේ ඔහුට හරි හෝ වැරදි දේවල් තෝරා ගැනීමේදී ස්වයං තීරණ ගැනීමට හැකි වීමයි. එවැනි හැකියාවක් දේවදුතයින්ට පවා නැත. එබැවින් දේවදුතයින් අල්ලාහ්ගේ නියෝග ඒ අයුරින්ම ක්‍රියාත්මක කරන්නේය. මිනිසාට තමන් කැමතිනම් අල්ලාහ් පෙන්වා දෙන නිවැරදි මාර්ගය පිළිපැදීය හැක. නැතිනම් වැරදි මාර්ගය තෝරා ගත හැකිය. යම් කෙනෙක් වැරදි මාර්ගය තෝරා ගැනීමට හැකියාව තිබියදීත් නිවැරදි මාර්ගය තෝරා ගන්නා විට දේවදුතයින්ට වඩා උසස් තත්වයට පත් වේ. මිනිසා තරම් සංකීර්ණ ජ...