අපි දෙවියන්ට (අල්ලාහ්ට) නැමදිය යුත්තේ ඇයි? (Why should we worship God (Allah)?)




මිනිසාගේ බිහිවීම සම්බන්දයෙන් ප්‍රධාන මතයන් දෙකක් තිබේ. මිනිසා දෙවියන්ගේ මැවීමක් යන්න ඉන් එක් මතයකි. පරිනාමය නිසා මිනිසා බිහිවූ බව අනෙක් මතය වේ. කෙසේ වෙතත් මෙහි සඳහන් දෙවන මතය සනාත කිරීම සඳහා ප්‍රමාණවත් පොසිල හමු නොවීම නිසා එම මතය ප්‍රතික්ෂේප වෙමින් පවතී. තවද නවීන විද්‍යාත්මක සොයාගැනීම් හමුවේ පරිනාම වාදය විශාල පසුබෑමකට ලක්වී ඇත. එහෙත් ලෝක ජනග්‍රහණයෙන් අඩකට වඩා මෙහි සඳහන් මුල් මතය පිලි ගන්නේය. එහෙත් දෙවියන්ව නිවැරදිව තේරුම්ගෙන නමදින්නේ ඉතා සුළු පිරිසකි.

ඉහත සඳහන් මත දෙකම බැහැර කොට මිනිසා ඉබේ බිහිවුයේ යැයි පවසන පිරිසක්ද ඇත. ඔවුන් සොබාදහම අනුව මිනිසා බිහිවුයේ යැයි පැවසුවත් එය පිළිගත නොහැක්කේ සොබාදහම හුදෙක් අර්ථ දැක්වීමක් පමණක් නිසාය. කෙසේ වෙතත් මිනිසා දෙවියන්ගේ මැවීමක් බව පිළිගැනීමටද සාක්ෂි අවශ්‍යය. එම සාක්ෂි සෑම නබිවරයෙකු විසින්ම ඉදිරිපත් කොට තිබේ.

නබිවරයෙකු යනු දහම දෙසීම සඳහා මිනිසුන් අතරින්ම තෝරා පත්කරන ලද නියෝජිත වරයෙකි. ඔවුන් සියලු දෙනාම තම නබිත්වය තහවුරු කිරීම සඳහා ප්‍රතිහාරයන් පා තිබේ. උදාහරණයක් වශයෙන් ජේසු තුමා මළවුන් නැගිට්ටේව්වේය. එය දෙවියන්ගේ උදව්වෙන්ම මිස වෙන කිසිවෙකුට කල හැකි දෙයක් නොවේ. එසේම ජේසු තුමා උපතින්ම ඇන්දවූ අයට දෙවියන්ගේ උදව්වෙන් පෙනුම ලබා දුන්නේය. එවැනි දෙයක් නවීන විද්‍යාව අනුවද සිදු කල නොහැකිය. මෝසෙස් තුමා දෙවියන්ගේ උදව්ව ඇතිව තම සැරයටිය නාගයෙකු බවට පත් කළේය. මෙවැනි දේවල් දෙවියන්ගේ උදව්වෙන් මිස කල නොහැකිය. කෙසේ වෙතත් ඒවා අද ජිවත්වන කිසිවෙකු දැක නැති බැවින් පැරණි කතා ලෙස බැහැර කළ හැකිය. එවැනි මත දරන අයට අල් කුරානය ජීවමාන ප්‍රාතිහාරයක් වේ. කුරානය දෙවියන්ගෙන් පහළ වූ බව පිලි නොගන්නේ නම් එවැනි ග්‍රන්ථයක් හෝ එහි ඇති පරිජ්ජේදයකට සමාන පරිජ්ජේදයක් සම්පාදනය කරන ලෙස කුරානයෙන් අභියෝග කොට තිබේ. එහෙත් එදා මෙදා ජිවත්ත් වූ කිසිවෙකුට එම අභියෝගය ජය ගැනීමට හැකිවී නැත. ඒ හැරත් විසිවන සියවසේදී නවීන විද්‍යා උපකරණ අදාරයෙන් සොයා ගන්නා ලද බොහෝ කරුණු කිසිම විද්‍යාත්මක උපකරණයක් නොතිබුණු හත්වන සිය වසේදී පහළ වූ කුරානයේ අන්තර්ගත වී තිබීමෙන් පැහැදිලි වන්නේ අල් කුරානය දෙවියන්ගෙන් පහළ කරන ලද පණිවිඩයක් බවයි.

අල් කුරානයේ සඳහන් වන ආකාරයට මිනිසාව මවා තිබෙන්නේ අල්ලාහ්ට නැමදීම සඳහාය. එම අවශ්‍යතාවය ඉටු නොවන්නේ නම් මිනිසාව මැවූ අරමුණ ඉටු වන්නේ නැත. කෙසේ වෙතත් මිනිසා උපදින්නේ අල්ලාහ් පිලිබඳ හැඟීමත් සමගය. එහෙත් ඇතැම් දෙමව්පියන් විසින් දරුවන්ට නිවැරදි මග පෙන්වීම සිදු කරන්නේය. එසේ තිබියදී තවත් සමහර දෙමව්පියන් විසින් ඔවුන්ව වෙනස් දිශාවන්ට හරවන්නේය. 

සහිහ් මුස්ලිම් ග්‍රන්ථයේ නබිතුමා පවසන ලද හදිසයක් උබාදා ඉබ්නු සාමිත් රලි තුමා මෙසේ සඳහන් කරයි: "යම් කෙනෙක් අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැති බවත් මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමා අල්ලාහ්ගේ දුතයා බවත් විශ්වාස කරන්නේ නම් ඔහුට අල්ලාහ් නිරය තහනම් කරන්නේය" (මුස්ලිම්:26). මෙය ඉතා පහසු කරුණක්ව තිබියදීත් බොහෝ අය එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නේ නැත. නබිතුමා පවසන ලද හදිසයක් උස්මාන් රලි තුමා මෙසේ සඳහන් කොට ඇත. "යම් කෙනෙක් අල්ලාහ් හැර වෙනත් දෙවි කෙනෙක් නැති බව විශ්වාස කරමින් සිටියදී මිය ගියේ නම් ඔහු ස්වර්ගයට ඇතුලත් වන්නේය" (මුස්ලිම්, මිශ්කාත් වෙළුම 1:58). මෙම හදිසය අනුව ස්වර්ගය ලබා ගැනීම සඳහා අවම සුදුසුකම වන්නේ අල්ලාහ්ව විශ්වාස කිරීම යි. අල්ලාහ්ව විශ්වාස කරන සෑම කෙනෙක්ම, අල්ලාහ්ට නැමදිම මගින් එය තහවුරු කල යුතුය.

නබිතුමාගේ හදිසයකට අනුව සොහොනේදී මිය ගිය සෑම කෙනෙක්ම නැවත නැගිටුවා ප්‍රශ්න කිරීමට නියමිතය. එහිදී මුලින්ම ප්‍රශ්න කරනු ලබන්නේ කෙනෙකුගේ නැමදිම ගැනය. එම ප්‍රශ්නයට සාර්ථකව පිලිතුරු ලබා දුන්නේ නම් ඉන් පස්සට ඇති සෑම අදියරයක්ම පහසු වන බව නබිතුමා පැවසුවේය. 


By Fasy Ajward.B.Sc(Physics Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.



Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

සහජීවනය (coexistence)