ඉස්ලාම් දහමින් විවාහය සඳහා අවම වයසක් නියම නොකරන්නේ ඇයි? (Why doesn't Islam set a minimum age for marriage?)


විවාහය සෑම ජීවියෙකුගේම අයිතියකි. එහෙත් මිනිසා පමණක් ඊට නොයෙකුත් හේතුන් මත නීති රීති ඇතුලත් කොට තිබේ. ඒ අනුව ඉතිහාසයේ සිටම  විවාහ වන වයස් සීමාවන් කාලෙන් කාලෙට නොයෙකුත් වෙනස්කම් වලට භාජනය වන්නේය.

සෑම රටකම පාහේ විවාහය සඳහා අවම වයස් සීමාවන් නියම කොට ඇත. මේ සම්බන්දයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සහ එක්සත් ජාතීන්ගේ රටවල් 198 ක් මෙන්ම භූමි ප්‍රදේශ පිළිබඳ දත්ත විශ්ලේෂණය සිදු කල නව පිව් පර්යේෂණ මධ්‍යස්ථානය සිදු කල විශ්ලේෂණයකට අනුව (එක්සත් ජනපදය ඇතුළුව) අවම වශයෙන් රටවල් 117ක අඩු වයස් විවාහයන් සඳහා අවසර ලබා දෙනු ලබන්නේය. (https://www.pewresearch.org/fact-tank/2016/09/12/many-countries-allow-child-marriage/). කෙසේ වෙතත් ලංකාවේ විවාහ වීම සඳහා නියම කොට ඇති වයස 18 වේ. 

නීතිය පසෙක තිබියදී නිත්‍යානු කුල නොවන අන්දමින් බාල වයසේදී විවාහ වීම ලෝකයේ බොහෝ රටවල් වල සුලබව සිදු වන්නේය. එහෙත් විවේචන එල්ල කරනු  ලබන්නේ මුස්ලිම්වරුන් අතර නිත්‍යානු කුලව සිදු කරනු ලබන බාල වයස්කාර විවාහයන් සඳහා පමණි. මේ නිසා ඒ ගැන කරුණු පැහැදිලි කිරීම වැදගත් යැයි සිතමි. 

අල් කුරානය මගින් විවාහය සඳහා බොහෝ නීති පනවා තිබුනත් කිසිම තැනක ඊට අවම වයසක් නියම කොට නැත. විවාහය සඳහා අවම වයසක් නියම කිරීමෙන් මිනිසා බලාපොරොත්තු නොවන තත්වයන්ට මුහුණ පෑමට සිදු විය හැකිය. උදාහරණයක් වශයෙන් බාල වයස්කාර දැරියකගේ දෙමව්පියන් දෙදෙනාම යම් හේතුවකින් මිය ගියේ යැයි සිතමු. එවිට එම දැරිය බලා ගැනීමට සිදු වන්නේ එම දැරියගේ ඥාතින් විසිනි. එහෙත් සුදුසු ඥාතියෙක් සොයා ගැනීමට නොහැකි අවස්ථාවකදී පවතින නිතිය අනුව එම දැරියව අනාත මඩමකට යොමු කිරීමට සිදු වන්නේය. එහෙත් බොහෝ අනාත මඩම්වල සිදු වන දේවල් අනුව එවැනි පියවරක් නිසා දැරියන්ගේ ජීවිතය ඉතාමත් අනාරක්ෂිත තත්වයන්ට පත් විය හැකිය. ඊට හේතුව ඇතැම් අනාත මඩම් වල පාලකයින් විසින් එහි සිටින දැරියන්ව ලිංගික අපයෝජනයට භාජනය කිරීමයි. එසේ නොකලත් සමහර පාලකයින් විසින් එහි සිටින දරුවන්ව නොයෙකුත් මානසික පිඩනයන්ට ලක් කරන්නේය. මේ නිසා බාල වයසේදී අවස්ථාවට ගැලපෙන අන්දමට ඔවුන්ව විවාහ කර දීමෙන් ඔවුන්ට උපරිම ආරක්ෂාව සලසා දීමට හැකි වන්නේය. 

ඉස්ලාම් දහමින් නිත්‍යානු කුලව විවාහ වීමට අවසර ලබා දුන්නත් ඉස්ලාම් නොවන සමාජවල විවාහ නොවී එකට ජිවත් වීම සාමාන්‍ය සිද්ධියකි. එහෙත් ඉස්ලාම් දහම එවැනි දෙයකට අවසර ලබා දෙන්නේ නැත. මේ නිසා මුස්ලිම් දැරියකට ලබා දිය හැකි හොඳම විසඳුම අවශ්‍යතාවය අනුව විවාහ වීමට අවසර ලබා දීම වේ. මෙවැනි අවසරයක් නොතිබුනේ නම් බාල වයස්කාර දැරියන් විවාහ නොවී එකට ජිවත් වීම වැළැක්විය නොහැකිය. බොහෝ රටවල් වල එය ඉතා සුලබව සිදු වන්නේය. එසේ කිරීමෙන් ඔවුන් ලිංගික අපයෝජනයට ලක් වීම වැළැක්විය නොහැකිය. එවිට උපදින ළමුන් බොහෝ අවස්ථාවලදී ගබ්සාවට ලක් කරනු ලැබේ. එය බාල වයසේදී නිත්‍යානු කුලව විවාහ වීමට වඩා භයානක තත්වයකි ඉස්ලාම් දහම අනුව ගබ්සා කිරීම විශාල වරදකි. එපමනක් නොව නිත්‍යානු කුල නොවන අය විසින් එම ක්‍රියාව සිදු කිරීමේදී එම මව්වරුන්ගේ ජීවිත ද අනතුරට ලක් විය හැකිය. මේවා නීතිය තද කිරීමෙන් සිදු වන මිනිස් ඝාතන ලෙස සැලකිය හැකිය. මෙහි සඳහන් කරුණු අනුව පෙනී යන්නේ වැඩිවියට පත්වූ පසු එක් එක් අයගේ අවශ්‍යතාවයන් අනුව ඔවුන්ට විවාහ වීම සඳහා අවසර ලබා දිය යුතු බවයි. මෙවැනි හේතුන් නිසා ෂරියා නිතිය විවාහය සඳහා අවම වයස් සීමාවක් පනවා නැත. 

By Fasy Ajward. B.Sc (Special) Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ඉස්ලාමයේ කාන්තා අයිතිවාසිකම් (The Rights of Women in Islam)

මුස්ලිම්වරයෙකුගේ ඇදහිල්ලට හානි කරන දේවල් (Things that harm the faith of a Muslim)