Posts

Showing posts from 2024

අල්ලාහ් කවුද? (Who is Allah?)

Image
විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ් ය. ඔහුට ආරම්භයක් හෝ අවසානයක් නැත. ඔහු හැර නැමදීමට සුදුසු වෙන කිසිවෙකු නැත. අල් කුරානයේ අල්ලාහ්ව මෙසේ විස්තර කොට ඇත.  "පවසනු! අල්ලාහ් එක් කෙනෙකි. අල්ලාහ් (කිසිම) අවශ්‍යතාවයක් නොමැත්තා ය. ඔහු කිසිවෙකුව ප්‍රසුත කලේ නැත. (එසේම) ඔහු කිසිවෙකුගෙන් ප්‍රසුත වුයේද නැත. තවද, ඔහුට සමාන වෙනත් කිසිවෙකුද නැත"  (කුරානය 112; 1-4). අල් කුරානයේ තවත් තැනක අල්ලාහ් ගැන මෙසේ දැක්වේ.  " (සත්‍ය ලෙසම) නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නැත. ඔහු නිත්‍යය ජීවමානය සදාකාලිකය. මද නින්ද හෝ තද නින්ද හෝ ඔහුව නොඅල්වන්නේය. අහස්හි ඇති දේද පොළොවෙහි ඇති දේද ඔහුටම හිමිය. ඔහුගේ අනුමැතිය නොමැතිව ඔහු හමුවෙහි කවරෙකුට හෝ මැදිහත් විය නොහැක. (මැවුම් වන) ඔවුන්ට පෙර ඇති දේද ඔවුන්ට පසු ඇති දේද ඔහු හොඳින් දන්නේය. ඔහු මනාප වූ දේ හැර, ඔහු දැන සිටින දෙයින් කිසිවක් ඔවුන් විසින් දැනගත නොහැකිය. ඔහුගේ 'කුර්සි' අහසෙහිද පොළොවෙහිද ව්‍යාප්තව පවතින්නේය. ඒ දෙකම ආරක්ෂා කිරීම ඔහුට අපහසුවක් නොවේ. ඔහු වඩාත් උතුම් කෙනාද මහඟු බව ඇත්තාද වේ"  (කුරානය 2:255)....

පලස්තීනුවන්ගේ දේශය යුදෙව්වන් සතු වන්නේ කෙසේද? (How can the Jews own the land of the Palestinians?)

Image
පළමු ලෝක යුද්දයෙන් පසු සරණාගතයින් ලෙස යුදෙව්වන් පලස්තීනයට පැමිණියෝය. අනතුරුව රටක් නැතිව සිටි යුදෙව්වන් පලස්තීන භුමිය තුල ඉස්රායලය පිහිටවා ගන්නා ලදී. ඉස්රායලය පිහිටුවා ගත් ඔවුන් ක්‍රමානුකුලව පලස්තීන භූමිය ආක්‍රමණය කළෝය. 1967 දී පැවති යුද්ධයෙන් පසු යුදෙව්වන් ඔවුන්ගේ රාජ්‍යය තව දුරටත් ව්‍යාප්ත කර ගන්නා ලදී. එහි ප්‍රතිපලයක් ලෙස ඉස්රායලයට විශාල භුමි ප්‍රදේශයකුත් පලස්තීනුවන්ට කුඩා භුමි ප්‍රදේශයකුත් හිමි විය. අද වන විට පලස්තීනයේ නියම අයිතිකරුවන්ට ඉතිරිව තිබෙන්නේ ඉතා කුඩා භුමි ප්‍රදේශයකි! ලෝක බලවතුන්ගේ අසාධාරණ බෙදීම නිසා පලත්තිනයේ නියම අයිතිකරුවන්ට තමන්ගේම කියා ස්වාදීන රාජ්‍යයක් මෙතෙක් ලැබී නැත. මේ නිසා පලස්තීන වැසියන් නිරන්තරයෙන්ම යුදෙව්වන්ගේ තාඩන පීඩන වලට ගොදුරු වන්නේය. පලස්තීනය තුලට අහාර ඇතුළු අනෙක් අත්‍යාවශ්‍ය දේවල් පවා ගෙන යා යුත්තේ යුදෙව්වන්ගේ අවසරය මතය. තවද ජලය විදුලිය වැනි දේවල් ලැබෙන්නේ ඉස්රායලය හරහාය. ඒ අනුව පලස්තීනුවන් වාසය කරන්නේ ඉස්ලායලයේ වහලුන් හැටියට යැයි කීම වරදක් නොවේ.  ඇත්ත වශයෙන්ම අරාබියාව තුල ඔවුන්ගේ පරම සතුරන් වන යුදෙව්වන්ට රාජ්‍යයක් පිහිටුවා දීම විශාල වරදකි. ඉන...