පලස්තීනුවන්ගේ දේශය යුදෙව්වන් සතු වන්නේ කෙසේද? (How can the Jews own the land of the Palestinians?)



පළමු ලෝක යුද්දයෙන් පසු සරණාගතයින් ලෙස යුදෙව්වන් පලස්තීනයට පැමිණියෝය. අනතුරුව රටක් නැතිව සිටි යුදෙව්වන් පලස්තීන භුමිය තුල ඉස්රායලය පිහිටවා ගන්නා ලදී. ඉස්රායලය පිහිටුවා ගත් ඔවුන් ක්‍රමානුකුලව පලස්තීන භූමිය ආක්‍රමණය කළෝය. 1967 දී පැවති යුද්ධයෙන් පසු යුදෙව්වන් ඔවුන්ගේ රාජ්‍යය තව දුරටත් ව්‍යාප්ත කර ගන්නා ලදී. එහි ප්‍රතිපලයක් ලෙස ඉස්රායලයට විශාල භුමි ප්‍රදේශයකුත් පලස්තීනුවන්ට කුඩා භුමි ප්‍රදේශයකුත් හිමි විය. අද වන විට පලස්තීනයේ නියම අයිතිකරුවන්ට ඉතිරිව තිබෙන්නේ ඉතා කුඩා භුමි ප්‍රදේශයකි!

ලෝක බලවතුන්ගේ අසාධාරණ බෙදීම නිසා පලත්තිනයේ නියම අයිතිකරුවන්ට තමන්ගේම කියා ස්වාදීන රාජ්‍යයක් මෙතෙක් ලැබී නැත. මේ නිසා පලස්තීන වැසියන් නිරන්තරයෙන්ම යුදෙව්වන්ගේ තාඩන පීඩන වලට ගොදුරු වන්නේය. පලස්තීනය තුලට අහාර ඇතුළු අනෙක් අත්‍යාවශ්‍ය දේවල් පවා ගෙන යා යුත්තේ යුදෙව්වන්ගේ අවසරය මතය. තවද ජලය විදුලිය වැනි දේවල් ලැබෙන්නේ ඉස්රායලය හරහාය. ඒ අනුව පලස්තීනුවන් වාසය කරන්නේ ඉස්ලායලයේ වහලුන් හැටියට යැයි කීම වරදක් නොවේ. 

ඇත්ත වශයෙන්ම අරාබියාව තුල ඔවුන්ගේ පරම සතුරන් වන යුදෙව්වන්ට රාජ්‍යයක් පිහිටුවා දීම විශාල වරදකි. ඉන් සිදු වුයේ අරාබියාව තුල නිමක් නැති යුද්දයකට මුල පිරීමයි. මින් වාසි ලබන්නේ එම රාජ්‍යය පිහිටුවා දුන් රටවල් ය. ඔවුන් වසරකට බිලියන ගණනාවක ආයුධ වෙලන්දමේ යෙදෙන්නේය. 

ඉස්රායලය පිහිටුවීමෙන් පසු මුළු මැදපෙරදිගම අස්ථාවර තත්වයකට පත්ව තිබේ. පලස්තීනුවන් ඉතා කුඩා ප්‍රදේශයකට කොටුවී සිටිති. එසේ තිබියදීත් යුදෙවන් බෝම්බ හෙලා අහිංසක කාන්තාවන් සහ ළමුන් අමු අමුවේ ඝාතනය කරන්නේය. එහෙත් ඇමරිකාව වැනි රටවල් ඒවා දකින්නේ යුදෙව්වන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කරන මෙහෙයුම් ලෙසය. එපමණක් නොව ස්වාධික පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට ජන්ද විමසන සෑම අවස්ථාවක දීම ඇමරිකාව ඔවුන්ගේ නිශේධ බලය යොදා එය වළක්වන්නේය. එය ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍ර වාදය වේ. 

කෙසේ වෙතත් අද ලෝක ජන මතය වෙනස් වෙමින් පවතී. එහි ප්‍රතිපලයක් ලෙස ඇමරිකාව ඇතුළු තවත් බොහෝ රටවල්වල විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ඇතුළු සාමාන්‍ය ජනතාව පාරට බැස උත්ගෝෂණවල යෙදෙන්නේ නිදහස් පලස්තීන රාජ්‍යයක් පිහිටුවීම සඳහා ය. 

අද වන විට ගසාවේ ඇති නිවාස, ආරෝග්‍යශාලා, පාසැල් ඇතුළු ගොඩනැගිලි සියල්ලම පාහේ ඊශ්‍රායිල හමුදාවන් විසින් විනාශ කොට ඇත. ඒවා කව්රු විසින් නැවත සදා දෙන්නේදැයි ප්‍රශ්නයකි. මෙතරම් දෙයක් සිදු වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිදානය ඇතුළු ලෝකයේ බලවත් රටවල් බලා සිටීම පුදුමක් නොවේද? 

By Fasy Ajward.

Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)