සහජීවනය (coexistence)
සහජීවනය මිනිසා අතර පමණක් නොව අජීවී දේවල් තුලද දැකිය හැකි ඉතාමත්ම වටිනා ගුණාංගයකි. විශ්වය විනාශ නොවී පවතින්නේ අජීවී දේවල් තුළද එම ලක්ෂණය තිබෙන නිසාය. මිනිසා මෙන් ඒවා ද සහයෝගයෙන් කටයුතු නොකළේ නම් මෙලහට විශ්වය විනාශ වී තිබෙනු ඇත. මිනිසාගේ නොමනා ක්‍රියා කලාපය නිසා දැනටමත් ලෝක යුද්ධ දෙකක් සිදු කොට ඇත. එම යුද්ධ දෙකේදී මිලියන ගණන් මිනිස් ජිවිත සහ දේපල විනාශයට පත්වී තිබේ. එමගින් පරිසරයට සිදුවූ හානිය ද අති විශාල ය. දෙවන ලෝක යුද්ධයේදී ජපානයට හෙලන ලද පරමාණුක බෝම්බය නිසා එම ප්‍රදේශය පුරා විකිරණ ශීලි තරංග පිරි ගොස් ජිවත් වීමට නුසුදුසු පරිසරයක් නිර්මාණය වී තිබේ. මෙතරම් හානිදායක දෙයක් සිදුවී තිබියදීත් මිනිසා තවමත් පාඩමක් ඉගෙන ගෙන නැත. අදටත් ලෝකයේ ඇතැම් රටවල් වල යුද්ධ කෙරෙමින් පවතී. මිනිසා තම අවට ඇති දේවල් වලින් ඉගෙන ගන්නේ නම් ඇසටවත් නොපෙනෙන පරමානුවෙන් පවා බොහෝ දේවල් ඉගෙන ගත හැකිය. පරමාණුවේ ඇති ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන හාත්පසින්ම වෙනස් ලක්ෂණ ඇති අංශු වුවත් ඒවා සහයෝගයෙන් ක්‍රියා කිරීම නිසා විශ්වය පවතින්නේය. එසේම සුර්යයා ගිනිගෙන දැවෙන වස්තුවක් වුවත් පෘථිවිය සමග සහයෝගයෙන් කටයුතු කරන්නේය. සුර්යයා සහ...