ඉස්ලාම් දහමින් සහෝදරත්වය සඳහා ගෙන ඇති පියවර මොනවාද? (What steps have been taken for the Brotherhood in Islam?)


ඉස්ලාම් ආගම පෙන්වා ඇති මාර්ගෝපදේශ පිළිපැදීම තුලින් සහජීවනය ගොඩ නැගීම ඉතා පහසුය. එය අසල්වැසියාගෙන් පටන් ගැනීමට ඉස්ලාම් දහම පෙන්වා දෙන්නේය. එහෙත් බොහෝ අය සහෝදරත්වයේ වටිනාකම තේරුම් නොගැනීම නිසා ජාතිවාදය වර්ගවාදය කුල වාදය හිස ඔසවන්නේය. එහෙත් විවිධ ජාතින් සිටින සමාජයක් තුල එකමුතුකම ගොඩ නැගිමෙන්ම වඩාත් පලදායි සමාජයක් ගොඩ නැගිය හැකිය. එය උපමා කල හැක්කේ විවිධ වර්ගයේ ගස්කොලන් තිබෙන මල් වත්තකටය. එහි ඇති විවිධ පාට සහ සුවඳ මල් සහ කොළ අතු නිසා එම වත්තට අලංකාරය ගෙන දෙන්නේය. එසේම යම් සමාජය සිටින විවිධ ජන වර්ග නිසා එම සමාජය දියුණුවට පත් වන්නේය. ඊට හේතුව එක් එක් ජන සමාජයන්ට ආවේනික හැකියාවන් වෙනස් නිසාය. එය ප්‍රයෝජනයට ගැනීමෙන් වඩා පලදායි ආර්ථිකයක් ගොඩ නැගිය හැකිය. මිනිසාට එය කල නොහැකි වුවත් විශ්වය පුරා එවැනි සිදුවීම් අනන්ත අප්‍රමාණ ලෙස දැක ගත හැකිය. එහි ප්‍රතිපලයක් ලෙස විශ්වය විනාශ නොවී පවතින්නේය.

පරමාණුවේ සිට දැවැන්ත ක්ෂිරපත දක්වා වූ සෑම දෙයක්ම අන්‍යෝන්‍යවශයෙන් එකමුතුව ක්‍රියා කිරීම අප ආදර්ශයට ගත යුතුය. එසේම පරමාණුවක් තුල අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට ප්‍රතිවිරුද්ධ ධන සහ රින ආරෝපිත අංශු විරුද්ධත්වයක් නොපෙන්වා පැවතීමද අපගේ අවධානයට යොමු විය යුතුය. තවත් බලන විට ගිනිගෙන දැවෙන සුර්යයයා සමග පෘථිවිය අන්‍යෝන්‍ය වශයෙන් ක්‍රියා කිරීම නිසා පෘථිවියේ ජිවය පවත්න්නේය. එහෙත් මිනිසාගේ කුහක කම, ඉරිසියාව, ක්‍රෝදය, වැනි දේවල් නිසා මිනිසාට සමගියෙන් ජිවත් වීම ඉතා අසීරු කරුණක් වේ.

ඉස්ලාම් දහම සමගිය වෙනුවෙන් බොහෝ ප්‍රයෝගික ක්‍රියා මාර්ග ගෙන තිබේ. එය තම නිවසින්ම ආරම්භ කෙරේ. ඒ අනුව තම අසල්වැසියා කුමන ජාතිකයෙකු වුවත් ඔහු වෙනුවෙන් කල යුතු දේවල් ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය. ඒ අනුව තම අසල්වැසියා කුස ගින්නේ සිටිනු දැක දැකත් තම කුස පිරෙන්නට කන තැනැත්තා නබිතුමාගේ අනුගමිකයෙක් නොවන බව ඔහු පැවසුවේය. තවත් හදිසයක දැක්වෙන්නේ තමන් කැමති දේ තම සහෝදරයාට ලැබීම ගැන විරුද්ධ වන තැනැත්තාද නියම මුස්ලිම්වරයෙකු නොවන බවයි. 

සහෝදරත්වය තහවුරු කිරීම සඳහා ඉස්ලාම් දහමින් තවත් බොහෝ පියවරවල් ගෙන තිබේ. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ දිනපතා සිදු කරනු ලබන අනිවාර්ය සලාතය මුස්ලිම් දේවස්ථානයට ගොස් සාමුහිකව ඉටු කිරීම වේ. එය දේවස්ථානය වටා සිටින අයට වාජිබ් හෙවත් අනිවාර්ය සුන්නාවකි. එම ක්‍රියාව තුලින් බොහෝ මුස්ලිම්වරුන් දින පතා කිහිප වතාවක්ම මුණ ගැසීමට අවස්තාව දුදා වේ.  ඒ හැරුණු විට සිකුරාදා දේව මෙහෙය ගමේ සිටින සියලුම දෙනා ප්‍රධාන දේවස්ථානය වෙන ගොස් සිදු කිරීම නිසා ගමේ සිටින මුස්ලිම්වරුන් ගේ සහෝදරත්වයේ බැඳීමක් ඇති වන්නේය. වාර්ෂිකව සිදු කරනු ලබන හජ් වන්දනය නිසා ලෝක මට්ටමින් මුස්ලිම්වරුන්ගේ සහෝදරත්වය සංකේතවත් කරනු ලැබේ. එහිදී පාට වේදයකින් හෝ ජාති බේදයකින් තොරව එකා මෙන් හජ් වන්දනය සිදු කරන්නේය.

ඉස්ලාම් දහමින් නියම කොට ඇති උපවාස ශිලය ද මුස්ලිම්වරුන්ගේ සහෝදරත්වය වර්ධනය වීමට හේතුවකි. එය දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියලු දෙනාම නිරාහාරව සිට අල්ලාහ් වෙනුවෙන් කරනු ලබන ශිලයකි. ඒ අනුව බොහෝ දනවතුන් දුගින්ගේ කුස ගින්න තේරුම් ගෙන ඔවුන්ට උදව් උපකාර ද කර ගන්නේය. එය සහෝදරත්වය ගොඩ නැගීමට විශාල රුකුලක් වේ. 

ඉස්ලාම් දහමින් ධනවතුන් සඳහා පනවා ඇති අනිවාර්ය සකාත් බද්ද නිසාද මිනිසුන් අතර සහෝදරත්වය ගොඩ නැගීමට උදව් වේ. එමගින් ධනවතා සහ දුගියා අතර අන්‍යෝන්‍ය බැඳීමක් සහ සහෝදරත්වයක් ගොඩ නැගේ. මෙවැනි වැඩ පිළිවෙලක් තිබෙන්නේ ඉස්ලාම් දහම තුල පමණි. මේ නිසා මුස්ලිම්වරුන් අනෙක් ජාතින් සමගද ඉතා සුහද ශිලිව කටයුතු කරන්නේය.

By Fasy Ajward. B.Sc(PhysicsSpecial)Hons,Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)