දෙවියන් මිනිසාව පරික්ෂා කරන්නේ ඇයි? (Why does God test man?)



අබ්‍රහමික ආගම් අනුව, ලෞකික ජීවිතය මිනිසාට ලැබී ඇති පරික්ෂාවකි. මතු ජ්විතයේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය රඳා පවතින්නේ ඊට මුහුණ දෙන අකාරය අනුවය. මෙලොවදී දෙවියන් පෙන්වා ඇති පරිදි ජිවත් වන අයට ස්වර්ගයත් අනෙක් අයට නිරයත් ලැබීමට නියමිතය. එසේ තිබියදී පින් දහම් කරන අය ඔවුන්ගේ ඇතැම් වැරදි නිසා නිරයට ගියත් යම් දවසක ස්වර්ගයට යන්නේය. එහෙත් දෙවියන්ව කිසිසේත්ම විශ්වාස නොකල අයට එම අවස්ථාව ලැබෙන්නේම නැත.

ස්වර්ගය මිනිසාට අත්කර ගත හැකි උසස්ම ස්ථානය වේ. එය අත්කර ගත හැක්කේ දෙවියන් පෙන්වා දී ඇති මාර්ගය පිළිපැදිම හරහාය. එය කටවචනයට සිමා කිරීමෙන් ලබා ගත හැකි තැනක් නොවේ. එබැවින් කුරානයේ මෙසේ සඳහන් කොට ඇත. "මිනිසුන් විසින් 'අපි විශ්වාස කරන්නේමුයි' කී පලියට ඔවුන්ව පරික්ෂා නොකර අත්හරින්නෙමු දැයි සිතන්නේහුද?" (කුරානය 29:2).

කෙනෙක් වෙළඳ පොලට ගොස් කලගෙඩියක් මිල දී ගැනීමේදී එය පරික්ෂා නොකර හරින්නේ නැත. ඒ අනුව ඔහු ඒ මත තට්ටු කර බලන්නේය. හැකි නම් වතුර දමා පරික්ෂා කරන්නේය. මේ සෑම දෙයක්ම කරන්නේ හොඳ කලගෙඩියක්  තෝරා ගැනීමේ උවමනාව නිසාය. එසේම කෙනෙකුට රැකියාවක් දීමේදී ඔහුගේ සහතික පරික්ෂා කොට බලන්නේය. ඉන්පසු ඔහුව සම්මුඛ පරීක්ෂණයකට කැඳවන්නේය. ඇතැම් විට එම රැකියාව පිරිනමන ආයතනයෙන් පවත්වන පරීක්ෂණයකට නැවත පෙනී සිටිය යුතුය. මේ සෑම දෙයක්ම කරන්නේ ටික කාලයක් සඳහා රැකියාවක් ලබා ගැනීම සඳහාය. එසේ තිබියදී කිසිම මනසකින් මෙනෙහි කල නොහැකි, කිසිම ඇසකින් දැක නොමැති අතිශයින්ම රමණිය ස්වර්ගය අත්කර ගැනීම සඳහා පරික්ෂා කොට බැලිය යුතු නොවේද?

මෙළොව උපදින සෑම කෙනෙකුවම යම් කිසි පරීක්ෂාවකට ලක් කිරීම දෙවියන්ගේ නියමය වේ. ඒ අනුව යම් කෙනෙකුට ධනය ලැබීමත් පරික්ෂාවකි. විනිශ්චය දිනයේදී ඔහු එම ධනය උපයාගත් අකාරය ගැනත් එය වියදම් කල ආකාරය ගැනත් ප්‍රශ්න කිරීමට නියමිතය. මේ නිසා ඔහු එම වස්තුව සාධාරණ අන්දමින් උපයාගෙන ඒ සඳහා ගෙවිය යුතු අනිවාර්‍ය සකාත් බද්ද ගෙවා තිබුනේ නම් ජය ගන්නේය. එසේම කෙනෙකුට දැනුම ලැබීමත් පරික්ෂාවකි. ඔහු එම දැනුම ලබා ගත්තේ කුමන අරමුණකින් ද එම දැනුමෙන් කල සේවය කුමක්දැයි විනිශ්චය දිනයේදී ප්‍රශ්න කිරීමට නියමිතය. ඔහු දැනුම ලබා ගෙන තිබුනේ ප්‍රසිද්ධිය වෙනුවෙන් නම් ඔහුට මේ ලෝකයේදීම ඊට කුලිය ලැබෙනු ඇත. එහෙත් මතු ජීවිතයේදී ඊට වග කිව යුතුය. මේ අකායටම කෙනෙකුට නිරෝගී ජීවිතයක් ලබා දීමෙන්ද ලෙඩ දුක් වලින්ද පරික්ෂා කරනු ලැබේ. කොයි ආකාරයට පරීක්ශා කලත් කෙනෙක් දෙවියන් කෙරෙහි තබා ඇති විශ්වාසය ආරක්ෂා කර ගත යුතුය.

මිනිසා පමණ ඉක්මවා වැරදි කරන විට පරික්ෂාව දඬුවමක් දක්වා වෙනස් විය හැකිය. මේ සඳහා ඕනෑතරම් උදාහරණ කුරානය තුල දැකිය හැකිය. නුහ් නබි තුමාගේ අනුගාමිකයින් පමණ ඉක්මවා වැරදි කරන විට ඔහුට අවනත වූ පිරිස හැර සෙසු සියලු දෙනාම ජල ගැල්මකින් විනාශ කරන ලදී. නුහ් නබි තුමාගේ නෞකාව අදටත් පාඩමක් වශයෙන් ආරක්ෂා කොට තිබේ.

ලුත් නබිතුමාගේ අනුගාමිකයින් කාන්තාවන් වෙනුවට පිරිමින් සමග තම කාමාශාවන් ඉටු කර ගැනීම නිසා ගල් වරුසාවක් වස්සවා විනාශයට පත් කරන ලදී. අදටත් එහි නටබුන් දැකිය හැකිය. මල මුහුද ඇති වුයේ මෙම ජනතාවට දඬුවම් කිරීමේ ප්‍රතිපලයක් ලෙසය. 

මුසා නබිතුමාගේ කාලයේදී ජිවත් වූ පාරාවෝ රජු සීමාව ඉක්මවා වැරදි කිරීම නිසා, මුසා නබිතුමා  වෙනුවෙන් දෙබෑ කරන ලද මුහුද හරහා ඔහු සහ ඔහුගේ සේනාව ගමන් කරමින් සිටියදී මුහුද නැවත යාකොට විනාශයට පත් කරන ලදී. අදටත් පරාවෝගේ මුර්ත දේහය මිනිසාට පාඩමක් ලෙස ආරක්ෂා කොට තිබේ. 

මිනිසා පමණ ඉක්මවා වැරදි කරන විට මෙවැනි දේවල් අදටත් සිදු විය හැකිය. මිනිසාට මේ ලෝකයේදී ඇතැම් ලිහිල් දඬුවම් ලැබෙන්නේ මතු ජීවිතයේදී සිදු විය හැකි දැඩි දඬුවම් ගැන සිතා බැලීම සඳහා ය. එසේ තිබියදී කෙනෙක් තම මරණයට පෙර නිවැරදි මාර්ගය තෝරා නොගත්තේ නම් පාඩුව ඔහුටම ය. 

By Fasy Ajward.B.Sc(Physics,Special)HonsJapura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

කුරානයට එල්ල කරනු ලබන චෝදනා (Accusations against the Quran)

ලෝක අවසානය පිළිබඳ පෙර නිමිති (Omens for the end of the world)

කුරානයට අනුව ලෞකික ජීවිතයේ යතාර්ථය කුමක්ද? (What is the reality of worldly life according to the Quran?)