අල් කුරානය පෙන්වා දෙන පරිදි ලෞකික ජීවිතය තාවකාලික සතුටක් පමණි. කෙසේ වෙතත් ඇතැම් අය ජිවත් වන්නේ මරණයක් නැතැයි සිතාගෙන ය. ඔවුන් එසේ සිතුවත් ලෝකයේ සිටින ධන කුවේරයින් පවා හිස් අතින් මිය යන්නේය. ඔවුන් යන විට කිසිම දෙයක් ගෙන යන්නේ නැත. එසේ නම් නොකා නොබී කිසිවෙකුට නොදී වස්තුව පොදි ගසන්නේ කුමක් සඳහාද? ඇත්ත වශයෙන්ම කොතරම් තිබුනත් කෙනෙකුට අයත් වන්නේ ඔහු කෑමට කල වියදමත්, වස්ත්ර වෙනුවෙන් කල වියදමත් පින් දහම් වෙනුවෙන් කල වියදමත් පමණි. ඒ හැර අනෙක් සෑම දෙයක්ම ඔහු ඉතිරිකර හිස් අතින් අවසන් ගමන් යන්නේය. ඔහු ගෙන යන්නේ තමන් කල හොඳ හෝ නරක පමණි. ඒ අනුව ඔහු ජිවතුන් අතර සිටියදී කළේ නාගයෙකු මැණිකක් රකිනා සේ තම වස්තුව වෙනත් කෙනෙකු වෙනුවෙන් රැක ගැනීම ය. සාරාංශයක් ලෙස ලෞකික ජීවිතය අල් කුරානයෙන් මෙලෙස විස්තර කොට ඇත. "මෙලෝ ජීවිතය විනොදයක්ද, නිෂ්පල දෙයක්ද, අලංකාරයද, නුඹලා අතර අහංකාරකම පෙන්වා ගැනීමද, සම්පත් හා දරුවන්ව අධික කරගැනීමද හැර වෙන දෙයක් නොවේ" (කුරානය 57:20). මරණය සැබෑවකි. කිසිවෙකුට ඉන් ගැලවුමක් නැත. ජිවත්වන ටික කාලය තුලදී දෙවියන් පෙන්වා දුන් මාර්ගය පිළිපැද්දේ නම් මරණයෙන් පසු උදාවන සැ...
Comments
Post a Comment