මස්ජිදයේ කාර්යභාරය (The Role of the Masjid)
සෑම ජාතියකටම ඔවුන් ඔවුන්ගේ නැමදුම් කටයුතු සිදු කිරීම සඳහා දේවස්ථානයක් ඇත. ඒ අනුව මුස්ලිම්වරුන්ගේ දේවස්ථානය මස්ජිදය වේ. මුස්ලිම්වරුන්ගේ ප්‍රධාන මස්ජිදය පිහිටා තිබෙන්නේ මක්කාවේ ය. එය කව්බාව ලෙස නම් කොට ඇත. එම දේවස්ථානයෙන් පසු වැදගත් කමක් හිමි වන්නේ මස්ජිදුල් නබවි හෙවත් නබිතුමාගේ දේවස්ථානයට ය. තුන්වන ස්ථානය හිමි වන්නේ ජෙරුසලමේ පිහිටි මස්ජිදුල් අක්සා දේවස්ථානයට ය.
කව්බාවේදී සිදු කරන්නාවූ කුසල් ක්‍රියාවකට සාමාන්‍ය මස්ජිදයකදී කරනු ලබන්නාවූ කුසල් මෙන් සිය දහස් වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය. එසේම මස්ජිදුල් නබවි දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමාන්‍ය මස්ජිදයකදී කරන කුසල්වලට වඩා දහස්වාරයක් කුසල් වැඩියෙන් ලැබෙන්නේය. තවද, මස්ජිදුල් අක්සා දේවස්ථානයේදී සිදු කරනු ලබන කුසලකට සාමානය දේවස්ථානයකදී කරන කුසල් මෙන් පන්සිය වාරයක් වැඩියෙන් කුසල් ලැබෙන්නේය.
මස්ජිදයක ඇති විශේෂත්වය වන්නේ එහි දේව රූප හෝ පිළිම නොමැති වීමයි. ඒ අනුව මස්ජිදයක් ඉතා සරලය. ලෝකයේ ඇති ඕනෑම මස්ජිදයකදී සිදු කරනු ලබන සලාතයන් කව්බාව දෙසට හැරී සිදු කිරීම විශේෂත්වයකි. ඒ අනුව මුස්ලිම්වරුන් සලාතය ඉටු කරනු ලබන දිශාව ලෙස කව්බාව සලකනු ලැබේ. කව්බාව හතරැස් ගොඩනැගිල්ලකි. එය පුරාණයේ සිටම රෙද්දකින් ආවරණය කරනු ලැබේ. හජ් වන්දනාව සඳහා යන සෑම බැතිමතෙක්ම එම දේවස්ථානය වටා යමින් තවාෆ් ඉටු කරනු ලැබේ.
නබිතුමාගේ කාලයේදී මුස්ලිම්වරුන්ගේ සෑම වැදගත් කාර්යයක්ම සිදු කරනු ලැබුවේ මස්ජිදයේදීය. ඒ අනුව සහාබාවරුන් (නබිතුමාගේ අනුගාමිකයින්) ආගම ඉගෙන ගත්තේ මස්ජිදයේ දී ය. තවද දෛනිකව සිදු කරනු ලබන පස්වේලා සලාතය සහ සිකුරාදා දේව මෙහෙය ඇතුළු දේශනය සිදු කරනු ලබන්නේ එහිදී ය.
මුස්ලිම්වරුන්ගේ සලාතය සඳහා නියමිත වේලාවන් ඇති බැවින් එය ජනතාවට දැනුම් දෙනු ලබන්නේ 'අzසාන්' පැවසීම මගිනි. ඒ සඳහා නබිතුමාගේ කාලයේදී උස මිනාරාවක් භාවිතා කොට ඇත. නවීන කාලයේදී ශබ්ද විකාශන යන්ත්‍ර බාවිතා කරනු ලැබේ. සෑම මස්ජිදයකදීම සලාතය සඳහා අසාන් පැවසීම ප්‍රධාන තැනක් ගන්නා අතර එය කුසල් ක්‍රියාවක්ද වේ. මෙම ඇරයුමට සවන් දෙන මුස්ලිම්වරුන් මස්ජිදයට ගොස් නියමිත සලාතය සාමුහිකව ඉටු කල යුතුය. මේ සඳහා සහභාගී වීම සඳහා කාන්තාවන්ට තහනමක් පනවා නැති මුත් ඔවුන් නිවසේදී සිදු කරනු ලබන සලාතය මස්ජිදයේදී සිදු කරනු ලබන සලාතයට වඩා ප්‍රශස්ථ යැයි නබිතුමා පවසා තිබේ. ඒ අනුව ඔවුන් නිවෙස්වලදී සලාතය ඉටු කරනු ලැබේ.
ලෝකයේ කොතනකත් 'අzසාන්' පවසන්නේ අරාබි බසින් පමණි. ඒ අනුව ඕනෑම මුස්ලිම්වයෙකුට විදේශ රටකදී වුවත් එය තේරුම් ගැනීමට හැකි වන්නේය. අසාන් පැවසීම අරාබි බසින් නොකර වෙනස් භාෂාවලින් සිදු කලේ නම් විදේශයකදී එය තේරුම් ගැනීම සඳහා එම භාෂාව දැනගෙන සිටිය යුතුය. අසාන් සඳහා ගත වන්නේ විනාඩි තුනක පමණ කාලයකි. එම නිසා එය මුස්ලිම්නොවන අයට විශාල බාදාවක් වන්නේ නැත. පහත දැක්වෙන්නේ 'අzසාන්' සහ එහි සිංහල වරිවර්තය වේ.

අල්ලාහු අක්බර් (අල්ලාහ් ශ්රේෂ්ටයාය - හතර වතාවක්)
අශ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලා (අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැතැයි මා සාක්ෂි දරමි - දෙවතාවක්)
අශ්හදු අන්න මුහම්මදර් රසුලුල්ලාහ් (මුහම්මද් නබිතුමා අල්ලාහ්ගේ දුතයා බවට මා සාක්ෂි දරමි - දෙවතාවක්)
හයියාලස් සලාහ් (සලාතය සඳහා වහා පැමිණෙනු - දෙවතාවක්)
හයියාලල් ෆලාහ් (ජයග්‍රහණය සඳහා වහා පැමිණෙනු - දෙවතාවක්)
අස්සලතු කෛරුම් මිනන් නෞම් (නින්දට වඩා නැමදීම උතුම්ය - දෙවතාවක්, මෙය උදෑසන සලාතය සඳහා පමණි)
අල්ලාහු අක්බර් (අල්ලාහ් ශ්රේෂ්ඨයය - දෙවතාවක්)
ලා ඉහාල ඉල්ලල්ලා (අල්ලාහ් හැර වෙන දෙවිකෙනෙක් නැත - එක් වතාවක්)
මස්ජිදයක් තුල මියගිය අයගේ දෙයයන් වැළලීම කල නොහැකිය. යම් කෙනෙක් සොහොනක් මත මස්ජිදයක් ගොඩ නගා තිබුනේ නම් එහිදී නැමදීම කල නොහැකිය. තවද මස්ජිදයක් භාවිතා කල යුත්තේ දහමින් අනුමත දේවල් සිදු කිරීම සඳහා පමණි. ඒ අනුව මස්ජිදය දහමින් අනුමත කරනු ලැබූ පොදු කටයුතු සඳහා මිස වෙනත් බිද්අත් ක්‍රියාවන් සඳහා භාවිතා කල නොහැකිය.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment