අල්ලාහ් කවුද? (Who is Allah?)
විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මවා පාලනය කරන්නේ අල්ලාහ්ය. ඔහුට සමාන වෙනත් කිසිවෙකු නැත. අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු විසින් මැස්සෙකුවත් මවා නැත. අල්ලාහ්ගේ මැවීම් තුලින් ඔහුගේ ඥානාන්විත බව විදහා දක්වන්නේය. බුද්ධිමතුන් විසින් එය දකිනු ඇත. විශ්වය සහ එහි ඇති සියලුම දේවල් මැවූ පසු අල්ලාහ් අර්ෂ් නමැති ඔහු සිටිනා ස්ථානයට ඔහුට ගැලපෙන ආකාරයට නැගුනේය. ඔහුගේ මැවීම් සමග අල්ලාහ් එකට සිටින්නේ නැත. මිනිසාට ලැබී ඇති දෑස් වලින් ඔහුව දැකිය නොහැක. කෙසේ වෙතත් මරණයෙන් මතු ජීවිතයේදී ස්වර්ග වාසීන්ට අල්ලාහ්ව දැකීමටත් ඔහු සමග කතා කිරීමටත් අවස්ථාව ලැබෙන්නේය. එහෙත් මෙලොවදී අල්ලාහ්ව විශ්වාස නොකළ කිසිවෙකුට එම අවස්තාව හිමිවන්නේ නැත. මිනිසාව මවා තිබෙන්නේ අල්ලාහ්ගේ මෙලොව නියෝජිතයා හැටියටය. මේ හේතුවෙන් මිනිසා අනෙක් ජීවින්ගෙන් වෙනස් වේ. මිනිසාට පැවරෙන වගකීම වන්නේ අල්ලාහ්ව තේරුම් ගෙන ඔහුට පමණක් නැමදීමය. මෙලොව සිටින කිසිවෙකු අල්ලාහ්ව දැක නැතත් මිනිසාට ලැබී ඇති බුද්ධිය නිසා අල්ලාහ්ගේ මැවීම් ඇසුරෙන් ඔහුව තේරුම් ගැනීමට හැකිය. තවද නබිවරුන්ගේ මාර්ගයෙන් මිනිසාට යහ මග පෙන්වා දීම සඳහා දහම් පණිවිඩ ලබා දී තිබේ. නබිවරු...
Comments
Post a Comment