ඉස්ලාමය බහු විවාහයට ඉඩ දෙන්නේ ඇයි? (Why does Islam allow polygamy?)


ඉස්ලාම් දහමින් බහු විවාහය අනුමත කලත් කුරානය පහළ වන සමයේදී එම සිරිත ජනතාව අතර පැවතියේය. අල් කුරානයෙන් කෙරුනේ සීමාවක් නොමැතිව පැවති බහු විවාහය සතරකට සිමා කිරීම පමණි. තවද විවාහ වන භාර්‍යාවන් අතර සමානතාව පවත්වා ගැනීමට අපොහොසත් වන්නේ නම් එක් විවාහයක් පමණක් සිදු කරන ලෙස නියෝග කරන්නේ කුරණයෙන් පමණි. 

බහුවිවාහයට අවසර ලබා දෙන ඉස්ලාම් දහම විවාහයෙන් පිට සිදු කරනු ලබන අනියම් සම්බනයන් සපුරා තහනම් කරන්නේය. මේ නිසා කාමය වරදවා හැසුරුණු කෙනෙකුට ෂරියා නීතියෙන් දැඩි දඬුවම් නියම කොට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඉස්ලාමීය සමාජය තුල අනාචාරයේ හැසිරුණු අයට පිළිගැනීමක් ලැබෙන්නේ නැත. කෙසේ වෙතත් බහු විවාහයට ඉඩ ලබා නොදෙන සමාජ තුල අනියම් ඇසුර බහුලව දැක ගත හැකිය. එය සමාජයේ යහ පැවැත්මට විශාල තර්ජනයක් පමණක් නොව නිත්‍යානුකූල විවාහයන් දෙදරා යාමටද සමාජ රෝග බෝවිමටද දික්කසාද වැඩි වීමට ද හේතුවක් වන්නේය. 

සමස්තයක් ලෙස ගත් කල ලෝකය පුරා කාන්තාවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ. ඒ අනුව වසර 2010 දී ඇමරිකාවේ පමණක් පිරිමින්ට වඩා ගැහැණුන්ගේ වැඩිවීම මිලියන 5.1 ක් බව සංඛ්‍යාලේකන වලින් පෙන්නුම් කරයි. අනෙක් රටවල්වල තත්වයත් එසේමය. මෙසේ වැඩිවන කාන්තාවන් සඳහා නිත්‍යානුකුල විවාහයක් සිදු කර ගැනීම සඳහා පිරිමින්ගේ විශාල අඩුවක් ඇති වන්නේය. ඊට ලබා දිය හැකි හොඳම විසඳුම බහු විවාහයයි. ඊට අවසර නොදෙන්නේ නම් විවාහ වීමට පිරිමියෙකු සොයාගැනීමට නොහැකි වූ කාන්තාවන්ට විවාහ නොවී සිටීමට හෝ ගණිකාවක් ලෙස තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට හෝ සිදු වන්නේය. 

ගණිකාවන්ට ලැබෙන ළමයින් බොහෝ අවස්ථාවලදී ගබ්සා කිරීම් වලට ලක් කරනු ලැබේ. එසේ නොවුනත් ඔවුන්ට නිසි රැකවරණයක් සහ අධ්‍යාපනයක් ලැබෙන්නේ නැත. මේවා සැලකිල්ලට ගැනීමේදී නිත්‍යානුකුල බහු විවාහයක් සඳහා ඉඩ ලබා දීම හොඳම ක්‍රියාව විය හැකිය. 

අනියම් පෙම් සම්බන්දතා නිසා ලංකාවේ පමණක් දිනකට ගබ්සාවන් 1000 ක් පමණ සිදු වේ. ඉන්දියාවේ දී එය 3000ක් පමණ වේ. ලෝකයේ ඇති අනෙක් රටවල් වලත් තත්වය එසේමය. මේවා යම් තරමක් හෝ වලක්වා ගත හැක්කේ බහු විවාහයට ඉඩ ලබා දීමෙන් ය.

By Fasy Ajward. B.Sc (Sp.Phy) Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.






Comments

Popular posts from this blog

ඉස්ලාම් දහම තුල අධ්‍යාපනයට ඇති වැදගත්කම (The importance of education in Islam)

දෙවියන් මිනිසාට ලබා දී ඇති දායාදයන් ගැන ඔබ සිතා බැලුවාද? (Have you thought about the gifts God has given to man?)

ඉස්ලාමයේ දෙවන කුළුණ වන සලාතය (Salat, the second pillar of Islam)