ඉස්ලාමයේ දෙමාපියන්ගේ සහ දරුවන්ගේ යුතුකම් (Duties of parents and children in Islam)
පවුල් ජීවිතය සම්බන්දයෙන් ඉස්ලාම් දහම විශාල වටිනාකමක් ලබා දෙන්නේය. එය නබිතුමාගේ ජිවිතාදර්ශය තුලින්ද පෙන්වා දී ඇත. නබිතුමාගේ හදිසයකට අනුව පුද්ගලයෙකු මිය යන විට ඉතිරිකොට යන වටිනාම සම්පත වන්නේ දෙමව්පියන් වෙනුවෙන් දුආ ප්‍රාර්ථනා කරන යහපත් දරුවන්, සෑමදාම කුලිය ලැබෙන පරිදි ආයෝජනය කොට ඇති පරිත්‍යාග සහ ප්‍රයෝජනවත් දැනුම වේ (ඉබ්නු හිබ්බාන්). පිරිමි දරුවෙකුගේ ස්වර්ගය මවගේ දෙපාමුල තිබෙන බවත් පියාගේ සතුට අල්ලාහ්ගේ සතුටට හේතුවක් බවත් නබිතුමා පවසා තිබේ. තවද දෙමව්පියන් විෂයෙහි අල් කුරානය මෙසේ පවසයි: “මිනිසා තම දෙමව්පියන්ට කෘතඥ වන මෙන් සහ කරුණාව දක්වන මෙන් අපි ඔහුට නියම කරන්නෙමු. ඔහුගේ මව ඉතාමත් අමාරුවෙන් (ගර්භයෙහි) ඔහුව උසුලාගෙන හිද, ඉතාමත් අමාරුවෙන්ම ඔහුව ප්‍රසුත කරන්නීය. ඇය ගැබ් ගෙන සිටීමත් (ප්‍රසුත කල දරුවාට) කිරිවලින් පෝෂණය කිරීමත් මාස තිහකි. මොහු තරුණ වියට පත් වී අවුරුදු හතලිහ අත්කර ගත්පසු, “මගේ දෙවියනි! ඔබ මා කෙරෙහිද, මාගේ දෙමව්පියන් කෙරෙහිද, පහල කරන ලද දයාව සදහා මා කෘතඥ වී ඔබගේ තෘප්තිය් අත් කර ගත හැකි හොද ක්‍රියාවන් කරන මෙන් ඔබ මා හට ශක්තිය ලබා දෙනු මැනව...