ඉස්ලාම් දහම ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ ඇයි? (Why Is Islam Rapidly Expands?)


ඉස්ලාම් දහමේ ව්‍යාප්තිය වැළැක්වීම සඳහා බොහෝ දේවල් සිදුවෙමින් තිබියදීත් එම දහම ඉතා වේගයෙන් ව්‍යාප්ත වන්නේය. ඊට ප්‍රධාන හේතුව එහි නිවැරදිභාවය සහ එම දහම පහළ වූ මුල් භාෂාවෙන්ම සංරක්ෂණය කොට තිබීමය. එබැවින් අල්-කුරානය තුල කිසිවෙකුගේ අදහස් සම්මිශ්‍රණය වී නොමැත. තවද අල්-කුරානය තේරුම් ගැනීමේ අරමුණින් එය කියවන ඕනෑම කෙනෙකුට එහි ඇති නිරවුල් භාවය පහසුවෙන් තේරුම් ගත හැකි වන්නේය. එබැවින් බොහෝ අය ඉස්ලාම් දහම වැළඳ ගැනීමට ප්‍රිය කරන්නේය.

කිසම දහමකට වඩා ඉතා නිරවුල්ව දේව සංකල්පය ඉස්ලාම් දහම තුල දැකිය හැකිය. එහෙත් කිතුනු දහම තුල ත්‍රිත්වයක් ගැන සඳහන් වේ. බොහෝ කිතුනුවන්ට එය විශාල ප්‍රශ්නයකි. එබැවින් ඔවුන් කුරානය හැදෑරීමේදී පහසුවෙන්ම එයට ආකර්ශනය වන්නේය. 

අල්-කුරානය පහළ වී වසර 1450ක් පමණ ගතවී ඇතත් එහි සැකයට තුඩු දෙන කිසිම කරුණක් මෙතෙක් වාර්තා වී නොමැත. එසේම එය කිසිම සංස්කරණයකට භාජනය වී නොමැත. තවද හත්වන සිය වසේදී පහළ වූ අල්-කුරානයේ සඳහන් වන කිසිම විද්‍යාත්මක සංකල්පයක් නවීන විද්‍යාව හමුවේ ප්‍රතික්ෂේප වූ බවක් මෙතෙක් වාර්තා වී නැත. මේ හේතුවෙන් බොහෝ විද්‍යාඥයින් ඔවුන්ගේ මවිතය ප්‍රකාශ කොට ඇත. 

ඉස්ලාම් දහම තුල කාන්තා හිංසනයක් ඇතැයි විශාල ප්‍රචාරයක් ගෙන ගියත් එය වැඩියෙන්ම වැළඳ ගන්නේ කාන්තාවන් වීමෙන් එම ප්‍රචාරය බොරුවක් බව ඔප්පු වන්නේය. සැබවින්ම ආගම් අතරින් කාන්තාවන්ට නිසි තැන ලබා දී ඇත්තේ ඉස්ලාම් දහමින් පමණි. දෑවැද්ද වෙනුවට විවාහ වීමේදී කාන්තාවන් වෙනුවෙන් අනිවාර්ය දීමනාවක් නියම කොට ඇත්තේ ඉස්ලාම් දහම තුල පමණි. 

ලෝකයේ වේගයෙන්ම ව්‍යාප්ත වන දහම බවට ඉස්ලාම් පත්ව ඇත. එය පහත දැක්වෙන වගුවෙන් විස්තර කොට ඇත. මුස්ලිම්වරුග්ගේ ව්‍යාප්තියට අළුතින් ඉස්ලාම් දහම වැළඳ ගන්නා පිරිස මෙන්ම ඔවුන්ගේ වර්ධන වේගයත් බලපාන්නේය. උපත් අනුපාත අතින් ගත්කල මුස්ලිම්වරුන්ගේ උපත් අනුපාතය 2.9 වන අතර කිතුනුවන්ගේ එය 2.6ක්ද සමස්තයක් වශයෙන් මුස්ලිම් නොවන්නන්ගේ එය 2.2ක්ද වේ. මෙයට එක් හේතුවක් වන්නේ මුස්ලිම්වරුන් ගබ්සාවට නොයාම සහ දහම අනුව ඔවුන් දෙවියන් කෙරෙහි දැඩි විශ්වාසයෙන් ජිවත් වීමය.  


ඉස්ලාම් දහම මෑතකදී ඇති වූ එකක් නොවේ. එය ලොව පා තැබූ මුල්ම මිනිසා සිට පැවත එන්නේය. ඒ අනුව ආදම් තුමාගෙන් ආරම්බ වන එම දහම සම්පුර්ණ කලේ මුහම්මද් නබිතුමාය. මුහම්මද් නබිතුමාට පෙර පැමිණි නබිවරුන් දහම ප්‍රචාරය කලේ සීමාසහිත ජන කොට්ටාසයකට හෝ එක් භූගෝලීය කලාපයකට පමණි. එහෙත් අල්-කුරානය මුළු ලෝකවාසී ජනතාව සඳහා පහළ කොට ඇත. එබැවින් එය පිළිගන්නා ජනතාවගේ සීමාව මුළු මහත් ලොවම වෙලා ගන්නේය. 

By M. Fasy Ajward.By Fasy Ajward. B.Sc(Sp.Phy) Hons.J. Pura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)