ලිංගික අධ්‍යාපනය (Sex education)



බටහිර සංස්කෘතිය අනුව ලිංගික අධාපනය ලබා දීම අත්‍යාවශ්‍ය කරුණක් විය හැකිය. එහෙත් ආසියානු රටවල්වල පවතින ආගමික පරිසරය තුල පාසල් යන කාලයේදී ලිංගික අධාපනයක් අවශ්‍ය නොවේ. එහෙත් විවාහ වූ පසු එවැනි වැඩ පිළිවෙලක් තිබේ නම් එය ප්‍රයෝජනවත් විය හැකිය. ලිංගික අධ්‍යාපනය අවශ්‍ය වෙලාවට පෙර පාසල් යන කාලයේදී ලබා දීමෙන් සිදු වන්නේ ළමුන්ගේ ලජ්ජාශීලි බව නැතිවී යාමය. ඒ අනුව ඔවුන්ගේ ආගමික සහ සංස්කෘතික වටිනාකම් විනාශයට පත් විය හැකිය. ඇත්ත වශයෙන්ම ලිංගික අධ්‍යාපනයෙන් සිදු වන්නේ  ආරක්ෂිතව ලිංගිකව හැසිරීමට උගන්වා දීමකි. එය බටහිර රටවල් වල සාමන්‍ය දෙයකි. එම සංස්කෘතිය ආසියානු රටවල් වලට ලබා දීමෙන් සිදු වන්නේ බොහෝ ළමුන්ගේ ලෞකික අධ්‍යාපනය මගදී නතර කිරීමටය. ඇයිද යත් ළමුන් වැදු පසු පාසල් යාම එම රටවල්වටට නුහුරු දෙයක් වන නිසාය. 

විදේශයක සිදුවූ සත්‍ය සිදුවීමක් මෙහිදී ගෙන හැර දක්වන්නේ එම කරුණ සනාථ කිරීම සඳහාය. එක්තරා සිසුවියක් දෙමව්පියන්ගේ අවසරය ඇතුව ලිංගික අධ්‍යාපන චාරිකාවක් නිමා කොට නිවසට පැමිණ ඇත්තේ එම දරුවාගේ ශරීරයට වසර තුනක් දක්වා වලංගුවන උපත්පාලකයක් සමට යටින් රෝපණය කරගෙනය (three-year birth control implant- reported by Fox 23). මෙවැනි සිද්ධීන් වලින් පෙන්නුම් කරනු ලබන්නේ ලිංගික අධ්‍යාපනයේ මුඛ්‍ය පරමාර්ථය කුමක්ද යන්නයි. 

ලිංගික අධ්‍යාපනයෙන් ඉගැන්වීමට අදහස් කරන්නේ ලිංගිකතාවය, චිත්තවේගාත්මක ලිංගික හැසිරීම්, අන්‍යෝන්‍ය වගකීම්, මිනිස් ලිංගික ව්‍යුහවිද්‍යාව, ලිංගික ක්‍රියාකාරකම්, විවාහයට කැමැත්ත ප්‍රකාශ කළ යුතු වයස, උපත් පාලන ක්‍රම යනාදියයි. ඇත්ත වශයෙන්ම එවැනි දේවල් ඉගැන්විය යුත්තේ විවාහ වීමට සුදුසු කාලය ලඟා වූ පසුවය. එබැවින් නිසි කලට පෙර එවැනි අධාපනයක් ලබා දීමෙන් සිදු වන්නේ ළමයින්ට සහජයෙන් ලැබී ඇති ලැජ්ජාශිලිබව නැති වී යාමය. එහි ප්‍රතිපල බටහිර රටවල් වල දැනටමත් අත්විඳිමින් ඇත. ලිංගික අධ්‍යාපනය නොතිබුණු යුගයට වඩා අද බොහෝ සමාජ රෝග ගැන ඇසීමට ලැබෙන්නේ එම නිසාය. 

පාසල් යන කාලයේදී ළමුන්ට ලබා දිය යුත්තේ ඔවුන්ගේ වයසට සුදුසු අධ්‍යාපනයකි. එබැවින් ඔවුන්ට ආගමික අධ්‍යාපනය ඇතුළු ලජ්ජාශීලි බව ඉගැන්වීම ප්‍රයෝජනවත් ය. සෑම ආගමකින්ම කාමය වරදවා හැසිරීම වරදක් බව උගන්වා ඇත. ඒ අතර ඉස්ලාම් දහම මේ සම්බන්දයෙන් බොහෝ නීති පනවා තිබේ. ඉන් අදහස් කරන්නේ යම් වරදක් වීමට පෙර එය වැළැක්වීමට සුදුසු පියවරවල් ගැනීමය. 

ලංකාවේ බොහෝ ලිංගික හිංසනයන් සිදු වන්නේ ඒවා වැළැක්වීමට සුදුසු පියවරවල් නොගෙන තිබීම නිසාය. ඒවා ලිංගික අධ්‍යාපනයෙන් වැළැක්විය නොහැකිය. ඒවාට කළ යුතු හොඳම විසඳුම ආගමික දැනුම ලබා දීමය. 


By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute. 




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)