Posts

Showing posts from January, 2018

The Quran & Logic ᴴᴰ - Full Video

Image

The Quran and Science ᴴᴰ

Image

ඉස්ලාම් දහම අනුව ජිවිතයේ අරමුණ කුමක්ද? (What is the purpose of life according to Islam?)

Image
කුරානය මගින් මිනිස් ජිවිතයේ අරමුණ පැහැදිලිව සඳහන් කොට ඇත. එහි සඳහන් වන්නේ මෙසේය. “තවද මම ජින්වරුන් සහ මිනිසුන්ව මැව්වේ මා හට නැමදීමට මිස වෙන කිසිවක් සඳහා නොවේ” (කුරානය: 51:56). කෙසේ වෙතත් බොහෝ අය ජිවත් වන්නේ එම අරමුණ වෙනුවට ලෞකික ජීවිතය සඳහා පමණි. ඒ අනුව ඔවුන් මරණයෙන් පසු එළඹෙන ජීවිතය ගැන සිතා බලන්නේ නැත. එවැනි අය ගැන කුරානය මෙසේ පවසා ඇත.  "කවරෙක් එය ඉවත දමයිද, නියත වශයෙන්ම ඔහු එලොවෙහි පාපය උසුලන්නේය. ඔවුහු එහි සදාකල් සිටින්නෝය. විනිශ්චය දිනයේදී ඔවුන් හට එය නපුරු බරක් වන්නේය" (කුරානය 20:101,102). බොහෝ අයට ජිවිතයේ සැබෑ අරමුණ ගැන පැවසුවත් ඔවුන් ක්‍රියා කරන්නේ අන්දයින් සහ බිහිරන් හැටියට ය. එම නිසා ඔවුන්ට මෙලොවදී දුෂ්කර ජිවිතයක් ලැබෙන බවත්, මතු ජීවිතයේදී ඔවුන්ව නැගිටවනු ලබන්නේ අන්දයින් හැටියට බවත් කුරානය පවසයි. "කවරෙකු මගේ උපදේශය ඉවත දමන්නේද නියත වශයෙන්ම ඔහුට දුෂ්කර ජිවිතයක් ඇත. තවද විනිශ්චය දිනයේදී ඔහුව අන්දයෙකු ලෙස නැගිටවන්නෙමු" (කුරානය 20:124). කුරානයේ දැක්වෙන ආකාරයට අන්දයින් ලෙස නැගිටින ඔවුන් මෙසේ පවසන්නේය.  "මාගේ සමිඳුනි! ඇස්පෙනීම ඇත්තෙකුව සිටි මාව අන්දය...

ජන්දය දීමේදී මේවා ගැන සිතා බලනවාද? (Do you think about voting?)

Image
ජන්දය දීමේදී ඉතාමත්ම කල්පනාකාරී විය යුත්තේ එහි අවසාන ප්‍රතිපලය ඉතාමත්ම තීරණාත්මක වන නිසාය. ජන්දය දීමේදී කරනු ලබන වරද නිසා රට ආපස්සට යා හැකිය. එහෙත් අපට අවශ්‍ය වන්නේ රට දියුණු කිරීම සඳහා පාලකයින් පත්කිරීම මිස පාලකයින් පොහොසත් කිරීම නොවේ. කෙනෙක් පාලකයෙකු බවට පත්වීම සහ කෙනෙකුව පාලකයා වශයෙන් පත්කර ගැනීම යන කරුණු දෙකම ඉතාමත්ම බැරෑරුම් කාර්යයන් වන්නේය. එබැවින් දුෂ්ට පාලකයෙකු තෝරා පත්කර ගන්නේ නම් එසේ බලයට පත් වූ තැනැත්තා පමණක් නොව ඔහුට බලය ලබා දුන් අයත් ඊට වග කිව යුතුය. ජන්දදායකයා කිසිම පක්ෂයක් ඔහුගේ ආගම ලෙස සැලකිය යුතු නැත. ඒ අනුව තමන් එකම පක්ෂයකට බැඳී සිටිය යුතු නොවේ. ජන්දය දීමේදී වඩාත් සැලකීමත් විය යුත්තේ ජන්දය ඉල්ලන අයගේ ස්වභාවය ගැනයි. ඔවුන් පොරොන්දු ඉටුකරන අය විය යුතුය. එබැවින් කිසිම ජන්ද දායකයෙකු නැවත නැවත රැවටීමට ලක් නොවී තම කාර්ය භාරය ඉටු කිරීමට වග බලා ගත යුතුය. මේ නිසා තමන් දෙන වටිනා ජන්දය සුදුස්සාට පමණක් ලබා දීමට අධිෂ්ඨාන කර ගත යුතුය. එසේ කලේ නම් තම අපේක්ෂකයා පරාජය උනත් සැනසීමට පත් විය හැකි වනු ඇත. වරක් බලය ලබා දී තිබියදී සොරකම් කොට ඇත්නම් හෝ ඔහුගේ සේවය නිසියාකාරව ...

වහලුන් පිලිබඳ ඉස්ලාමිය ස්ථාවරය (Islamic stand on slaves)

Image
වහල් වෙළඳාමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය පෘතුගීසිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, අරාබිය මෙන්ම බටහිර අප්‍රිකානු රටවල් වල බහුල වශයෙන් දැක ගැනීමට හැකිව තිබුනේය. අල්-කුරානය පහළ වන විටත් අරාබියාවේ වහල් වෙළඳාම  දක්නට තිබුණු අතර එය අහෝසි කිරීම සඳහා කුරානයෙන් පියවර ගෙන තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ කිසිම වහලෙක් අද වන විට දැක ගත නොහැකිය.  ඈත අතීතයේදී නිදහස් පුද්ගලයින්ව වහල් මෙහෙයට යොදාගෙන තිබුනේ සාදාරන හේතුන් මත නොවේ. ඒ අනුව ණය ගෙවීමට නොහැකි වීම නිසාද කිසිම හේතුවක් නොමැතිවද නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහල් වෙළඳාමේ විකුණා ඇත. මේ හැරුණු විට ඇතැම් අයගේ දිළිඳු කම ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව වහලුන් බවට පත්කොට තිබේ. නවීන ලෝකයේ යුද්ධයකදී අල්ලා ගනු ලබන සිරකරුවන්ව වහළුන් ලෙස නොසැලකුවත් එදා ඔවුන්ව වහලුන් ලෙස සලකනු ලැබිය. එසේ තිබියදී ඉස්ලාම් දහමින් වහල්භාවය නැති කිරීමට බොහෝ පියවරවල් ගෙන තිබේ.  මේ හේතුවෙන් ඇතැම් වැරදි වලට නිදහස ලැබීම සඳහා වහළුන් නිසහස් කිරීමට කුරානයෙන් නියෝග කොට තිබේ. ඒ හැරුණු විට වහළුන් නිදහස් කිරීම පුණ්‍ය ක්‍රියාවක් ලෙසද ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය. තවද යුද සිරකරුවන්...

ඉස්ලාම් දහම සහ කාදියානි දහම (Islam and Qadianism)

Image
කදියානි දහමේ නිර්මාතෘ මිzස්රා ගුලාම් අහමඩ් ය. ඔහු 1835 දී උතුරු ඉන්දියාවේ පන්ජාබ්හි කාදියාන් නමැති ගමේ උපත ලබා ඇත. ඔහු සහ ඔහුගේ පව්ලේ උදවිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යාට ගැතිකම් කොට ඇත. ඒ අනුව ඔහුට අවශ්‍යව තිබුනේ මාහා බ්‍රිතාන්‍යට විරුද්ධව ජිහාද් ප්‍රකාශ කිරීම වැළැක්වීමට යි.  මිzස්රා ගුලාම් අහමඩ් තමන්ව හඳුන්වාගෙන ඇත්තේ මුහම්මද් තුමාගෙන් පසුව පැමිණීමට නියමිත මහ්දි තුමා ලෙසය. ඒ අනුව ඔහු 1889 දී ඔහුගේ කාදියානි සංගමය පිහිටවාගත් අතර 1901 දී ඔහු නබිවරයෙකු බවට ප්‍රකාශ කොට ඇත. ඔහු ඉදිරිපත් කල දහමේ කුරානයට සහ නබි වදන් වලට පටහැනි කරුණු රැසක්ම අඩංගු වේ.  කාදියානි නායකයා 1908 දී දරුණු පාචනය හේතුවෙන් ඇතිවන සංකූලතා හේතුකොටගෙන වයස අවුරුදු 73 දී මරණයට පත්වූ බව ඔහුගේ මරණය සහතිකයේ සඳහන් කොට ඇත. එහෙත් ඔහු අවුරුදු 80 හෝ ඊට වැඩි කාලයක් ජිවත්වන බව ඔහු විසින් පවසා තිබුනේය (Mawahib-ur-Rahman, P. 21). මේ හේතුවෙන් ඔහුගේ අනාවැකිය බොරුවක් බව සනාථ වේ. තවද ඔහු පවසා තිබුනේ ඔහුගේ මරණය මක්කාවේ හෝ මදීනා නගරයේ සිදුවන බවයි (Tadhkira, P. 591). එහෙත් ඔහුට එම නගර දැක ගැනීමට පවා ලැබී නොමැත. මේ නිසා පැහැද...

විශ්වය නිර්මාණය කළේ කවුද? (Who created the universe?)

Image
මීට වසර බිලියන 13.8 කට පෙර විශ්වය බිහිවූ බව විද්‍යාඥයින්ගේ මතය වේ. එහෙත් විශ්වයේ බිහිවීම සම්භන්දයෙන් ස්ථිර නිගමනයකට විද්‍යාඥයින් මෙතෙක් පැමිණ නැත. එබැවින් ඒ සම්බන්දයෙන් බොහෝ  වාදයන් පමණක් ඉදිරිපත් කොට තිබෙනු දැකිය හැකිය. එම වාදයන් අතරින් වඩාත්ම පිළිගැනීමට ලක්ව ඇත්තේ මහා පිපුරුම් වාදයයි. කෙසේ වෙතත් එම වාදය තුල බොහෝ අඩුපාඩුකම් දැකිය හැකිය.  විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් 21 වන සිය වසේ ජීවත්වූ සුප්‍රසිද්ධ ඇමරිකානු විද්‍යාඥයෙකු වන මහාචාර්ය ස්ටෙෆාන් හෝකින්ස් මහතා ඔහු විසින් පලකරන ලද "A brief history of time from big bang to black hole" යන ග්‍රන්ථයේ සඳහන් කරන්නේ විශ්වය සර්වබලධාරී දෙවි කෙනෙකුගේ මැවීම් ක්‍රියාවක් බවයි. කෙසේ වෙතත් ඔහු ලිඔනාඩ් ම්ලොඩිනොව් සමග එකතුව පල කරන ලද "The Grand Design" යන කෘතියෙහි සඳහන් කරන්නේ විශ්වය ඉබේ ඇති වූ බවයි. එහෙත් බොහෝ විද්‍යාඥයින් මෙම මතය පිළිගන්නේ නැත.  විශ්වයේ බිහිවීම සම්බන්දයෙන් ලොව ඇති සෑම ප්‍රධාන ආගමකින්ම පවසා තිබෙන්නේ එය සර්වබලධාරී දෙවියන්ගේ මැවීමක් බවයි. දෙවියන් යනු කිසිවෙකුගේ අවශ්‍යතාවයන්ගෙන...