වහලුන් පිලිබඳ ඉස්ලාමිය ස්ථාවරය (Islamic stand on slaves)


වහල් වෙළඳාමට දීර්ඝ ඉතිහාසයක් තිබේ. එය පෘතුගීසිය, ස්පාඤ්ඤය, බ්‍රිතාන්‍යය, අරාබිය මෙන්ම බටහිර අප්‍රිකානු රටවල් වල බහුල වශයෙන් දැක ගැනීමට හැකිව තිබුනේය. අල්-කුරානය පහළ වන විටත් අරාබියාවේ වහල් වෙළඳාම  දක්නට තිබුණු අතර එය අහෝසි කිරීම සඳහා කුරානයෙන් පියවර ගෙන තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස අරාබිකරයේ කිසිම වහලෙක් අද වන විට දැක ගත නොහැකිය. 

ඈත අතීතයේදී නිදහස් පුද්ගලයින්ව වහල් මෙහෙයට යොදාගෙන තිබුනේ සාදාරන හේතුන් මත නොවේ. ඒ අනුව ණය ගෙවීමට නොහැකි වීම නිසාද කිසිම හේතුවක් නොමැතිවද නිදහස් පුද්ගලයින්ව පැහැරගෙන ගොස් වහල් වෙළඳාමේ විකුණා ඇත. මේ හැරුණු විට ඇතැම් අයගේ දිළිඳු කම ප්‍රයෝජනයට ගෙන ඔවුන්ව වහලුන් බවට පත්කොට තිබේ. නවීන ලෝකයේ යුද්ධයකදී අල්ලා ගනු ලබන සිරකරුවන්ව වහළුන් ලෙස නොසැලකුවත් එදා ඔවුන්ව වහලුන් ලෙස සලකනු ලැබිය. එසේ තිබියදී ඉස්ලාම් දහමින් වහල්භාවය නැති කිරීමට බොහෝ පියවරවල් ගෙන තිබේ. 

මේ හේතුවෙන් ඇතැම් වැරදි වලට නිදහස ලැබීම සඳහා වහළුන් නිසහස් කිරීමට කුරානයෙන් නියෝග කොට තිබේ. ඒ හැරුණු විට වහළුන් නිදහස් කිරීම පුණ්‍ය ක්‍රියාවක් ලෙසද ඉස්ලාම් දහමින් පෙන්වා දෙන්නේය. තවද යුද සිරකරුවන්ව කොන්දේසි විරහිතව නිදහස් කිරීම හෝ වන්දියක් ලබාගෙන ඔවුන්ව නිදහස් කිරීමට ඉස්ලාම් දහමින් විධිවිධාන සලසා දී තිබේ.

ඒ හැරුණු විට වහළුන් නිදහස් කිරීම වෙනුවෙන් zසකාත් බද්දෙන් කොටසක් වෙන් කිරීමට ප්‍රතිපාදාන ලබා දෙන්නේය. තවද අත්වැරැද්දකින් යම් කෙනෙකුගේ අතින් මිනිස් ඝාතනයක් සිදු වුයේ නම් හෝ පොරොන්දුවක් කඩ කලේ නම් හෝ උපවාස සමයේදී සංසර්ගයේ යෙදුනේ නම් ඊට හානිපුරකයක් ලෙස වහලෙක් නිදහස් කිරීමට නියෝග කොට තිබේ. 

ඉස්ලාම් දහමින් වහලුන් සඳහා පහත දැක්වෙන වරප්‍රසාද ලබා දී තිබේ.
  • වහළුන්ට සිය ස්වාමියාට දෙන අන්දමේ ආහාර, ඇඳුම් පැළඳුම් ලබා දිය යුතුය 
  • වහළුන්ගේ ගරුත්වය ආරක්ෂා කළ යුතුය 
  • වහළුන් වෙනුවෙන් සාධාරණය ඉටු කළ යුතු අතර ඔවුන්ට කරුණාව දැක්විය යුතුය 
  • වහළුන්ට ඔවුන්ගේ නිදහස වෙනුවෙන් ගෙවීමක් සිදු කොට නිසහස ලබා ගැනීමට ඉඩ සලසා දී ඇත. 
ඉස්ලාම් දහම අනුව වහල් භාවයෙන් නිදහස ලබුවෙකුටත් සාමාන්‍ය පුද්ගලයෙකුටත් අතර වෙනසක් නැත. ඔවුන් දෙදෙනාට ම ලැබෙන්නේ එකම සැලකිලි වේ. ඒ අනුව වහලෙකුව සිට නිදහස ලැබූ බිලාල් රලි තුමා ඉස්ලාම් දහමේ මුල්ම මුඅස්සින් වරයා වශයෙන් පත් කොට තිබේ. තවත් විටකදී වහල්භාවයෙන් නිසහස ලැබූ සෙzයිද් රලි තුමාව යුද්ධයකට නායකත්වය ලබා දීම සඳහා යවා තිබේ. ඉස්ලාම් දහමින් වහලුන්ට කොතරම් ලොකු තැනක් ලබා දී තිබේද යත් නබිවදනකට අනුව තම නායකයා ලෙස වහලෙකුව පත්කරනු ලැබ තිබුනත් ඔහුට කීකරු වීම අනිවාර්ය වේ.


By Fasy Ajward.B.Sc (Sp.Phy) Hons.Japura,
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

https://www.facebook.com/thetruepathofislam
Twiter:- thetrue_path

Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)