ජිවිතයේ අර්ථය කුමක්ද? (What is the meaning of life?)


  ආත්මය මිනිසාට තේරුම් ගැනීමට ඉතා දුෂ්කර වන්නාවූ අපුරු දෙයකි. එබැවින් ආත්මය ගැන විද්‍යාඥයින්ට පර්යේෂණ සිදු කිරීමට මෙතෙක් හැකිවී නොමැත. එය භෞතික දේවල් වලින් සහමුලින්ම වෙනස් ය.  ජිවය ඇති දේවල් වලට ක්‍රියාකාරකම්, ප්‍රතික්‍රියා, ඇගයීම සහ වර්ධනය විය හැකිය. එය ජීවී හා අජීවී දේවල් අතර ඇති තීරණාත්මක වෙනසකි. ජීවී සහ අජීවී දේවල් අතර ඇති තවත් ප්‍රධාන වෙනසක් වන්නේ ජීවී දෙයක් වර්ධනය වීමෙන් පසු මිය යාමය. මේ නිසා ජීවී දෙයක ප්‍රගුණ වීම හා අවබෝධ කර ගැනීම මරණයත් සමග නතරවන්නේය. ජිවය නොමැති භෞතික දේවල් ජෛව විද්‍යාත්මක වර්ධනයක් හෝ දරුවන් බිහි කිරීමක් සිදු කරන්නේ නැත. 

   එසේ නම්; "ජිවිතයේ අර්ථය කුමක්ද? ඊට පිළිතුරු දිය හැක්කේ කාටද?" 

   ආත්මය ගැන හරි හැටි දන්නේ එහි මැවුම් කරු පමණි. මේ නිසා ආත්මයේ අරමුණ දැනගැනීමට එහි මැවුම්කරුගේ උපදෙස් ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. මිනිසාගේ උඩඟු කම නිසා එසේ නොකළේ නම් එහි විපාන විඳින්නට සිදු වන්නේ මිනිසාටමය. දෙවියන්ව අමතක කරමින් මිනිසාට ඔහුගේ මතු ජීවිතය නිර්ණය කල නොහැකිය. මේ සඳහා දෙවියන් පහළ කල නිවැරදි දහමක් අනුගමනය කිරීම අතාවශ්‍ය වේ. කුරානය හැර අන් සියළුම ආගම් ඒවා පහළ වූ භාෂාවලින් නොමැති වීමෙන් ඒවායේ මිනිසාගේ අදහස් ඇතුලත් වී තිබීම වැළැක්විය නොහැකිය.

   ජිවය සහ මරණය මැවීමට හේතුව අල්-කුරානයේ පහත දැක්වෙන පරිදි සඳහන් කොට ඇත.

   "නුඹලා අතරින් ප්‍රශස්ත ක්‍රියාවන්වල නිරතවන්නේ කව්රුන්දැයි සෝදිසි කිරීම පිණිස ඔහු මරණය සහ ජිවය මැව්වේය" (කුරානය 67:2).

   මේ අනුව මිනිසාව මවා ඇත්තේ සෝදිසි කොට බැලීම සඳහා බව පැහැදිලි ය. ඊට සාර්ථකව මුහුණ දීමෙන් ආත්මයට කෙළවරක් නොමැති ස්වර්ගයටත් එය අසාර්ථක වීමෙන් කෙළවරක් නොමැති නිරයත් ලැබීමට නියමිතය. මේවා සත්‍ය දේවල් බව මිනිසාට ඒත්තු ගැන්වීම සඳහා නබිවරුන් විසින් සාමන්‍ය මිනිසුන්ට කළ නොහැකි ප්‍රතිහාරයන් සිදු කොට පෙන්වා ඇත. උදාහරණයක් වශයෙන් ජේසුතුමා තොටිල්ලේදීම කතා කොට තිබේ. මළවුන් නැගිටුවා පෙන්වා ඇත. ලාදුරු රෝගීන්ව සුවපත් කොට ඇත. උපතින්ම අන්ද වූ අයට පෙනුම ලබා දී ඇත. එසේ තිබියදී අද අප අතර ප්‍රාතිහාරයන් පෙන්වීම සඳහා නබිවරයෙක් නැතත් මුහම්මද් නබිතුමාට පහළ වූ අල්-කුරානය ජීවමාන ප්‍රාතිහාරයක් වශයෙන් තිබේ. කුරානය හැදෑරීමෙන් එය දැනගත හැකිය. 

   අල්-කුරානයට අනුව ආත්මය අල්ලාහ්ගේ විශේෂ මැවීමකි. ආත්මයට ආරම්භයක් ඇති අතර අවසානයක් නොමැත. මරණයත් සමග ආත්මය ශරීරයෙන් ඉවත් වන්නේය. ඉන්පසු ආත්මය මෙලොවදී උපයාගත් දේවල් අනුව මරණයෙන් පසු ඊට සරිලන කුලිය ලැබීමට නියමිතය. 

   සෑම ආත්මයකටම ඊට සරිලන කුලිය ලැබෙන්නේ දෙවියන් විසින් සිදුකරනු ලබන විනිශ්චයකින් පසුවය. එම විනිශ්චය දිනයේදී මෙලොව ඉපදිනු සෑම ආත්මයක්ම එක්රැස් කරනු ඇත. එම දිනයේදී කෙනෙකුට කෙනෙකුට කෙනෙක් උදව් කළ නොහැකිය. තම තමන් කල දේවල් සඳහා තම තමන්ම වග කිව යුතුය. එබැවින් මෙලොවදී ජිවිතයේ අර්ථය හරි හැටි දැනගෙන ඊට සරිලන ආකාරයට ජිවත් වී තිබුනේ නම් එම දිනයේදී ආත්මයට විමුක්තිය ලබා ගත හැකි ය. එහෙත් ජීවිතය කෙලි සෙල්ලමේ ගත කොට තිබුනේ නම් මරණයෙන් පසු අසරණ වනු ඇත.

  මෙලොවදී දෙවියන්ව විශ්වාස නොකොට වෙනත් දේවල් වලට වැඳ පුදාගෙන තිබුනේ නම් ඔවුන්ට සිදු වන්නේ ඔවුන් මෙලොවදී වැඳුම් පිදුම් කල දේවල් වලින්ම උදව් ඉල්ලා ගැනීමටය. එහෙත් එම විනිශ්චය දිනයේදී දෙවියන්ගේ උදව්වක් මිස වෙන කිසිවෙකුගේ උදව්වක් නොමැත. මේ නිසා ඔවුන්ට  සිදු වන්නේ සදාකල් නිරයට පාත්‍ර වීමටය. 

   මැරෙන මොහොත කිසිවෙකුට කිව නොහැකිය. එබැවින් සෑම මොහොතකම ඊට සුදානමින් සිටීම බුද්ධිමත් ක්‍රියාවක් වනු ඇත.  

By Fasy Ajward,B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Twiter:- thetrue_path



Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)