දරුවන් ඇති දැඩි කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු (Things to consider when raising children)
දරුවන් ඇති දැඩි කිරීම පිලිබඳව බොහෝ උගතුන් විසින් පොත් පත් පල කොට ඇත. එහෙත් මෙහිදී සලකා බැලෙන්නේ ඉස්ලාම් දහම එම විෂය ගැන ලබා දී තිබෙන අවවාදයන් ගැන පමණි. සහජයෙන්ම දරුවන් කෙරෙහි දෙමව්පියන්ගේ ආදරය සහ කරුණාව නිරන්තරයෙන්ම ලැබෙන්නේය. එම නිසා ඔවුන් නිතරම ආසා කරන්නේ තම දරුවන්ගේ ලෞකික ජිවිතයේ ජයග්‍රහණය දැකීමටයි. ලෞකික ජීවිතයේදී ලබන ජයග්‍රහණය එක්තරා සතුටක් වුවද සත්‍යය ජයග්‍රහණය තිබෙන්නේ මරණයෙන් මතු ජිවිතයේදීය. මේ නිසා අල් කුරානය දෙමව්පියන් හට මෙසේ අවවාද කරන්නේය. “විශ්වාසවන්තයෙනි! ඔබ ද, ඔබගේ පව්ලේ උදවිය ද නිරයේ ගින්නෙන් ආරක්ෂා කරගනු. එහි ඉන්දන ගල් සහ මිනිසුන් වන්නෝය. එයට ඉහලින් දයාවක් නැති ශක්තිසම්පන්න මලායිකා වරුන්ව පත්කරනු ලැබ ඇත්තෝය. ඔවුන්ට අල්ලාහ් නියෝගකර ඇති දැයෙන් වෙනසක් නොකරනු ලබන්නෝය. ඔවුන්ට දෙනුලැබූ නියෝග එලෙසින්ම ඉටු කරමින් සිටින්නෝය” . මේ නිසා ළමුන්ට අධ්‍යාත්මික මග පෙන්වීම ඉතාමත්ම වැදගත් වේ. අල් කුරානයෙන් මෙතරම් තදින් අවවාද කොට තිබියදීත් බොහෝ දෙමව්පියන්ගේ ඉලක්කය වන්නේ ළමුන්ගේ ලෞකික දියුණුව දැකීමයි. එම නිසා ළමුන්ට ආගම දහම ඉගැන්වීමට වඩා ලෞකික අධ්‍යාපනය ලබා දීමට සෑම උත්සාහයක්ම...