Posts

Showing posts from May, 2019

ජාතින් වශයෙන් වෙන්වීම රටේ දියුණුවට කෙසේ බලපායිද? (How will separation as a nation affect the development of the country?)

Image
දේශපාලන වාසි ගැනීම සඳහා ජනතාව බෙදා වෙන්කිරීම ලෝක බලවතුන්ගේ උපක්‍රමයකි. ISIS සහ අල් කයිඩා වැනි සංවිදාන පිහිටුවා ඇත්තේද මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහාය.  ඇමරිකාව වැනි රටවල් වලට උවමනා වී තිබෙන්නේ මෙවැනි සංවිදාන හරහා ඔවුන්ට අවශ්‍ය රටවල්වල ප්‍රශ්න ඇතිකිරීමෙන් ඒවා අස්ථාවර කොට  ඔවුන්ට අවශ්‍ය අකාරයේ පාලනයක් ඇති කර ගැනීමය. තවද ඒ හරහා එම රටවල්වල ඇති සම්පත් කොල්ල කෑමත් ඔවුන්ගේ අවුද විකුණා ගැනීමත් සිදු කරන්නේය. මේ සඳහා ඔවුන් උපක්‍රමශීලිව මුස්ලිම් නොවන අයට අරාබි භාෂාව උගන්වා ඔවුන්ව ඉස්ලාමිය විශ්වවිද්‍යාලවලට පත්කොට ඉස්ලාම් දහමට විරුද්ධ මත සමාජ ගත කිරීමය. මෙවැනි ක්‍රම මගින් ඔවුන් කරන්නේ ඉස්ලාමීය ලෝකය තුල ප්‍රශ්න ඇති කිරීම වේ. මිට හොඳම උදාහරණය ISIS සංවිදානය අල් කුරනයට පටහැනිව ක්‍රියා කිරීම යි. මෙම සංවිදානයේ වැරදි ප්‍රචාරයන්ට රැවටුණු බොහෝ මුස්ලිම්වරුන් ඔවුගේ ග්‍රහණයට එක් කරගෙන ඇත.   ලංකාවේ සිදුවුණු ISIS ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කලේ ද එවැනිම අරමුණක් නිසා විය හැකිය. එම ම්ලේජ්ජ ක්‍රියාවට සමස්ත මුස්ලිම් ප්‍රජාව කිසිසේත්ම සම්බන්ද නැත. මෙය කදිමට සනාථ වන්නේ ඔවුන් ගැන සාමාන්‍ය මු...

ත්‍රස්තවාදය ගැන ඉස්ලාම් දහම පවසන්නේ කුමක්ද? (What does Islam say about terrorism?)

Image
ඉස්ලාම් යන්නෙහි තේරුම සාමය යන්නයි. තවද මුස්ලිම්වරුන් දෙදෙනෙකු හමුවූ විට පවසන්නේද සාමය අත්වේවා! යනුවෙනි. මේ හැරුණු විට නබිතුමාගේ හදිසයකින් කියැවෙන්නේ මුස්ලිම්වරයෙකුගේ අතින් අන් අය ආරක්ෂා නොවන්නේ නම් ඔහු මුස්ලිම්වරයෙකු නොවන බවයි. එසේ නම් මුස්ලිම්වරයෙකු ත්‍රස්තවාදියෙක් වන්නේ  කෙසේද?  අල් කුරානයට අනුව හේතුවක් නොමැතිව මිනිස් ඝාතනයක් කල නොහැකිය. හේතුවක් නොමැතිව කරන මිනිස් ඝාතනයක් මෙම කුර්ආන් වැකිය තුලින් සමාන කොට තිබෙන්නේ ලෝකයේ වෙසෙන සියලුම මිනිසුන් ඝාතනය කිරීමටයි.  "නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු"  (කුරානය 5:32). එසේ තිබියදී මිනිසුන් ගැවසෙන ස්ථානයක බෝම්බයක් පිපිරවීම මුස්ලිම්වාරය්කු විසින් කල හැකි කාර්යයක් නොවේ. එවැනි දෙයකට ඉස්ලාම් දහමින් අවසර දෙන්නේද නැත.  ත්‍රස්තවාදීන් මුස්ලිම්වරුන් අතර පමණක් නොව සෑම ජාතියකම සිටින්නේය. එසේ ...

ඉස්ලාමයට අනුව සංහිඳියාව පැවතිය යුත්තේ කුමන සීමාවන් තුළද? (Within what limits should reconciliation exist according to Islam?)

Image
ඉස්ලාම් දහම මිනිසාට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දී තිබේ. එබැවින් එම දහම තුලට අලුතින් කොටස් එකතු කිරීම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. එසේ තිබියදී සංහිඳියාවේ නාමයෙන් දහම තුලට දහමේ නොවන ඇදහිලි ඇතුලත් කිරීම අකුසල් ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ. කෙසේ වෙතත් ඇතැම් උදවිය වෙසක් කාලවලදී ඉස්ලාමිය ඇඳුමෙන් සැරසි පන්සල් ගොස් වෙසක් කුඩු සැදීමත් පහන් පත්තු කිරීමත් මල් පුජා කිරීමත් සිදු කරනු දැකිය හැකිය. එහෙත් එවැනි ක්‍රියාවක් සඳහා ඉස්ලාම් දහම තුල අවසරයක් නැත. මේ නිසා මුස්ලිම්වරයෙකු තම ආගමින් පෙන්වා නොදුන් ඇදහිල්ලක් සිදු කිරීමෙන් වැලකි සිටිය යුතුය.  වෙසක් යනු බෞද්ධයින්ගේ උත්සවයකි. එම නිසා එය බක්තියෙන් සැමරිය යුත්තේ බෞද්ධ ජනතාව විසින් ය. එසේ තිබියදී මුස්ලිම්වරුන් වෙසක් උත්සවය හෝ  බෞද්ධයින් විසින් මුස්ලිම්වරුන්ගේ උත්සවයක් හෝ සැමරිම තම විශ්වාසයන්ට පටහැනි ක්‍රියාවක් බව වටහා ගත යුතුය. අල් කුරානයේ 109 වන පරිජ්ජේදයේ මෙසේ දැක්වේ.  "නුඹලා නමදින දෑ මා නොනමදිමි. තවද මා නමදින දෑ නුඹලා නමදින්නෝද නොවෙති... නුඹලාට නුඹලාගේ දහමය. මට මගේ දහමය"   බෞද්දයින් විසින් බුදු රජාණන් වහන්සේ ගේ උපන්ද...