මුස්ලිම්වරයෙකුට ත්‍රස්තවාදී කටයුතුවල නියැලිය හැකිද? (Can a Muslim be engaged in terrorist activities?)


නබිතුමා පවසා ඇති පරිදි මුස්ලිම්වරයෙකුගේ අතින් අන් අය ආරක්ෂා නොවේ නම් ඔහු මුස්ලිම්වරයෙකු නොවේ. කරුණු එසේ තිබියදී ත්‍රස්තවාදියෙකුට මුස්ලිම්වරයෙකු යැයි ආමන්ත්‍රණය කරන්නේ කෙසේද? හේතුවක් නොමැතිව කරන මිනිස් ඝාතන විශාල පවක් ලෙස කුරානය මගින් පෙන්වා දෙන්නේය.

"නියත වශයෙන්ම මිනිස් ඝාතනයක් නිසා හෝ පොළවෙහි කළහ ඇති කිරීම නිසා හෝ මිස වෙනත් කෙනෙකුව ඝාතනය කිරීම මිනිස් සමුහයාවම ඝාතනය කලාට සාමන වේ යැයිද කෙනෙකුව ජිවත් කරවීම මිනිස් සමුහයාවම ජිවත් කරවන්නා ලෙස වන්නේයැයි ද අපි ඉස්රායිල්ගේ දරුවන්ට දැන්වූයෙමු" (කුරානය 5:32).

කුරානය මෙසේ පවසා තිබියදී බස් නැවතුම් පොළවලදී හෝ සාප්පු සංකීර්ණ වලදී හෝ දේවස්ථානයක් තුලදී හෝ බෝම්බ පුපුරුවා හැර අහිංසක මිනිසුන් ඝාතනය කිරීම ඉස්ලාම් දහමින් අනුමත කරයිද? ඉහත දැක්වෙන කුර්ආන් වැකිය අනුව එවැනි ක්‍රියා ඉස්ලාම් දහමින් කිසිසේත්ම අනුමත කරන්නේ නැත. තවද එම ක්‍රියාව මුස්ලිම්වරයෙකු විසින් කල පමණින් එය ඉස්ලාම් දහමේ ඉගැන්වීමක් ලෙස පෙන්වා දීම මුග්ධ කමකි. එසේ තිබියදී අප්‍රේල් 21 දින සහ්රාන් හෂීම් සිදු කර තිබෙන්නේ ඉස්ලාම් දහමට පටහැනි ක්‍රියාවක් බව අමුතුවෙන් කිව යුතු නැත.

මුස්ලිම්වරුන් අතර පමණක් නොව සෑම ජාතියකම ත්‍රස්තවාදීන් සිටින්නේය. එම නිසා එය එක් ජාතියකට පමණක් සිමා කල නොහැකිය. මෙම ත්‍රස්තවාදීන් බිහිවීමට හේතුව රාජ්‍ය නායකයින් විසින් සොයා බලා ඒවාට පිළියම් යෙදීමට කටයුතු කල යුතුය. එසේ තිබියදී ඇතැම් ත්‍රස්තවාදී සංවිදානවලට අවි නිෂ්පාදනය කරන රටවල් වලින් පුහුණුව ලබා දීම සහ ඔවුන්ට යුද ආවුද විකිණීම තරයේ හෙලා දැකිය යුතුය.

ත්‍රස්තවාදී නායකයෙක් වන උසාමා බින් ලාඩන්ට පුහුණුව සහ ආයුද ලබා දී ඇත්තේ ඇමරිකාව බව සඳහන් වේ. ඇමරිකාවට උවමනා කලේ ඔහු ලවා සෝවියට් රුසියාවට පහර දීමයි. උසාමා හරහා එම අරමුණ ඉටුකරගත් පසු ඔහුව ආයුද සමග අත්හැර දමනු ලැබිය. එසේම ISIS සංවිදානය පිහිටුවනු ලැබුවේද ඇමරිකාවේ උවමනාව නිසාය. එම සංවිදානයට 2016 වසරේදී ඉස්රායලය සහ ඇමරිකාව විසින් ඩොලර් බිලියනයක යුධ උපකරණ සපයා දුන් බව සඳහන් වේ. මේ හේතුවන් ඔවුන් කිසිම අවස්ථාවක ඉස්රායලයට විරුද්ධව ක්‍රියා කරන්නේ නැත. තවද ISIS සංවිදානයේ ක්‍රියා කලාපයන් ඉස්ලාමිය ඉගැන්වීම් වලට පටහැනි වන්නේය. නබිතුමාගේ කාලයේදී බොහෝ යුද සිදු වී තිබුනත් ඒවා කිසිවක් අද මෙන් ත්‍රස්තවාදී ක්‍රියාවන් නොවේ.

ඉස්ලාම් දහමේ ත්‍රස්තවාදී ඉගැන්වීම් නැතත් ඇතැම් ජන මාද්‍යයන් හරහා ප්‍රචාරය කරන්නේ සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු වන අන්දමට වේ. මේ නිසා සාමාන්‍ය මුස්ලිම් ජනතාව විශාල අපහසුතාවයකට පත් වන්නේය. මේ නිසා ජනමාද්‍යයන් මාධ්‍ය සදාචාරය පිළිපැදිය යුතුව තිබේ.

By Fasy Ajward.B.Sc(special)Hons,
Ex: Research officer at former Scientific and Industrial Research Institute. 


Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)