ඉස්ලාමයට අනුව සංහිඳියාව පැවතිය යුත්තේ කුමන සීමාවන් තුළද? (Within what limits should reconciliation exist according to Islam?)
ඉස්ලාම් දහම මිනිසාට අංග සම්පුර්ණ ජිවන ක්‍රමයක් පෙන්වා දී තිබේ. එබැවින් එම දහම තුලට අලුතින් කොටස් එකතු කිරීම කිසිසේත්ම අනුමත කරන්නේ නැත. එසේ තිබියදී සංහිඳියාවේ නාමයෙන් දහම තුලට දහමේ නොවන ඇදහිලි ඇතුලත් කිරීම අකුසල් ක්‍රියාවක් ලෙස සලකනු ලැබේ.
කෙසේ වෙතත් ඇතැම් උදවිය වෙසක් කාලවලදී ඉස්ලාමිය ඇඳුමෙන් සැරසි පන්සල් ගොස් වෙසක් කුඩු සැදීමත් පහන් පත්තු කිරීමත් මල් පුජා කිරීමත් සිදු කරනු දැකිය හැකිය. එහෙත් එවැනි ක්‍රියාවක් සඳහා ඉස්ලාම් දහම තුල අවසරයක් නැත. මේ නිසා මුස්ලිම්වරයෙකු තම ආගමින් පෙන්වා නොදුන් ඇදහිල්ලක් සිදු කිරීමෙන් වැලකි සිටිය යුතුය.
වෙසක් යනු බෞද්ධයින්ගේ උත්සවයකි. එම නිසා එය බක්තියෙන් සැමරිය යුත්තේ බෞද්ධ ජනතාව විසින් ය. එසේ තිබියදී මුස්ලිම්වරුන් වෙසක් උත්සවය හෝ බෞද්ධයින් විසින් මුස්ලිම්වරුන්ගේ උත්සවයක් හෝ සැමරිම තම විශ්වාසයන්ට පටහැනි ක්‍රියාවක් බව වටහා ගත යුතුය. අල් කුරානයේ 109 වන පරිජ්ජේදයේ මෙසේ දැක්වේ. "නුඹලා නමදින දෑ මා නොනමදිමි. තවද මා නමදින දෑ නුඹලා නමදින්නෝද නොවෙති... නුඹලාට නුඹලාගේ දහමය. මට මගේ දහමය"
බෞද්දයින් විසින් බුදු රජාණන් වහන්සේ ගේ උපන්දින සමරන්නේ එය ඔවුන්ගේ දහමින් පෙන්වා දී ඇති නිසාය. එහෙත් උපන්දින සැමරීම නබිතුමා හෝ ඔහුගේ අනුගාමිකයින් විසින් සමරා නොමැත. එසේ තිබියදී ඉස්ලාම් දහම පෙන්වා නොදුන් උපන්දින සැමරීමක් මුස්ලිම්වරයෙකු සමරන්නේ කෙසේද?
ආගම යොදා නොගෙන ක්‍රීඩාව මගින් ජාතින් අතර සංහිඳියාව ගොඩ නැගිය හැකිය. එමගින් කිසිවෙකුගේ ආගමික විශ්වාසයන්ට හානියක් වන්නේද නැත.
ඉස්ලාම් දහමින් මිනිසින් අතර සංහිඳියාව ඇති කිරීම සඳහා අසල්වැසි ප්‍රේමය මෙන්ම එකිනෙකා අතර තෑගි බෝග හුවමාරු කර ගැනීම දිරි ගන්වා තිබේ.
By Fasy Ajward. B.Sc(Special)Hons.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment