ජාතින් වශයෙන් වෙන්වීම රටේ දියුණුවට කෙසේ බලපායිද? (How will separation as a nation affect the development of the country?)



දේශපාලන වාසි ගැනීම සඳහා ජනතාව බෙදා වෙන්කිරීම ලෝක බලවතුන්ගේ උපක්‍රමයකි. ISIS සහ අල් කයිඩා වැනි සංවිදාන පිහිටුවා ඇත්තේද මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහාය.  ඇමරිකාව වැනි රටවල් වලට උවමනා වී තිබෙන්නේ මෙවැනි සංවිදාන හරහා ඔවුන්ට අවශ්‍ය රටවල්වල ප්‍රශ්න ඇතිකිරීමෙන් ඒවා අස්ථාවර කොට  ඔවුන්ට අවශ්‍ය අකාරයේ පාලනයක් ඇති කර ගැනීමය. තවද ඒ හරහා එම රටවල්වල ඇති සම්පත් කොල්ල කෑමත් ඔවුන්ගේ අවුද විකුණා ගැනීමත් සිදු කරන්නේය. මේ සඳහා ඔවුන් උපක්‍රමශීලිව මුස්ලිම් නොවන අයට අරාබි භාෂාව උගන්වා ඔවුන්ව ඉස්ලාමිය විශ්වවිද්‍යාලවලට පත්කොට ඉස්ලාම් දහමට විරුද්ධ මත සමාජ ගත කිරීමය. මෙවැනි ක්‍රම මගින් ඔවුන් කරන්නේ ඉස්ලාමීය ලෝකය තුල ප්‍රශ්න ඇති කිරීම වේ. මිට හොඳම උදාහරණය ISIS සංවිදානය අල් කුරනයට පටහැනිව ක්‍රියා කිරීම යි. මෙම සංවිදානයේ වැරදි ප්‍රචාරයන්ට රැවටුණු බොහෝ මුස්ලිම්වරුන් ඔවුගේ ග්‍රහණයට එක් කරගෙන ඇත.  

ලංකාවේ සිදුවුණු ISIS ත්‍රස්තවාදී ප්‍රහාරය සිදු කලේ ද එවැනිම අරමුණක් නිසා විය හැකිය. එම ම්ලේජ්ජ ක්‍රියාවට සමස්ත මුස්ලිම් ප්‍රජාව කිසිසේත්ම සම්බන්ද නැත. මෙය කදිමට සනාථ වන්නේ ඔවුන් ගැන සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාව විසින් නොයෙකුත් අවස්ථාවලදී පොලිසිය සහ බුද්ධි අංශ දැනුවත් කොට තිබීම නිසාය. එසේ තිබියදීත් මෙම ක්‍රියාව නිසා සමස්ථ මුස්ලිම් ප්‍රජාව කෙරෙහි වෛර කරන්නේ නම් ඒ තුල වෙනත් හේතුන් තිබිය හැකිය. 

ලංකාව දැන් මුහුණ පා ඇති තත්වය හමුවේ කල යුතුව තිබෙන්නේ බිඳී ඇති සිත් පෑහිමය. ඒ වෙනුවට බොර දියේ මාළු බෑම කිසිසේත්ම නොකළ යුතුය. ත්‍රස්තවාදීන් කරන දේවල් වලට ඔවුන් නියෝජනය කරන දහම කිසිසේත්ම පලි නැත. මේ නිසා එක් ජන වර්ගයක සුළු පිරිසක් කළ වරද සමස්ත වර්ගයාටම  පැටවීම බලවත් වරදකි. එහෙත් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බලා සිටින ඇතැම් පිරිස් ඒ බව හොඳින් තේරුම්ගෙන සිටියත් ඉන් අයුතු ප්‍රයෝජන ගැන්මට උත්සාහ කරමින් ඇත. එහි ප්‍රතිපලයක් ලෙස ඇඳිරි නිතිය පවතින කාලෙය්දී පවා මුස්ලිම්වරුගේ ගෙවල් දොරවල් ඇතුළු බොහෝ ව්‍යාපාර ස්ථාන ගිනි බත් විය. එහි පාඩුව මුස්ලිම්වරුන්ට පමණක් නොව සිංහල ජනතාව ඇතුළු සමස්ත රටටම වේ. මුස්ලිම්වරුගේ ආයතනවල වැඩියෙන්ම සේවය කරන්නේ සිංහල.ජනතාව යි. එසේ තිබියදී එවැනි ආයතන විනාශ කිරීමෙන් රැකියා අහිමිවන වැඩි පිරිස සිංහලයින් ය. එහෙත් මංකොල්ල කරුවන් ඔවුන්ට රැකියා ලබා දෙන්නේ නැත. අනෙක් අතට ගිනි තැබීමෙන් විනාශ වන්නේද ලංකාවේම සම්පත් බව ඔවුන් හොඳින් තේරුම් ගත යුතුය. ඒවාට වන්දි ගෙවන්නේද ජනතාවගේම බදු මුදල් වලින් බව අමතක නොකළ යුතුය. 

ඇතැම් ජන මාධ්‍යවලට උවමනා වී තිබෙන්නේද සමබර ප්‍රවෘති පල කිරීමට වඩා වෙනත් අරමුණු ය. ඒ හේතුවෙන් ඔවුන් ජනතාව කුපිත වන අකාරයේ ප්‍රවෘති පල කරති. එහි ප්‍රතිපලයක් හැටියට ජාතින් අතර සැකය සහ වෛරය වර්ධනය වෙමින් ඇත. එහි බලපෑම රටට ඉතාමත් අහිතකර ලෙස බලපෑමට ඉඩ තිබේ. මේ නිසා මිනිසුන්ට සත්‍යය අවබෝද කර දීමෙන් සාමය ඇති කිරීමට සැවොම උත්සහ කල යුතුව ඇත. 


Fasy Ajward.B.Sc(Phy.special)Hons,Japura,
Ex: Research officer at former Scientific and Industrial Research Institute. 




Comments

Popular posts from this blog

විශ්වය මැවූ දෙවි කෙනෙක් සිටීද? (Is there a God who created the universe?)

ජීවිතය පරීක්ෂාවක් වන්නේ ඇයි? (Why is life a test?)

ලෝක විනාශයට පෙර සිදුවීම් (Events before the end of the world)