Posts

Showing posts from June, 2020

වහාබ්වාදය යනු කුමක්ද? (What is Wahabism?)

Image
බොහෝ අය "වහාබ්වාදය" ගැන කතා කරන්නේ එහි යතාර්ථය ගැන කිසිම වැටහීමකින් නොවේ. එම නම බිහි වන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් නමැති තනි පුද්ගලයෙකුගේ ක්‍රියාව නිසා ය. එහෙත් ඔහුගේ සංවිදානයට එම නම පට බඳින ලද්දේ පොදු ජනතාව විසින් ය.  ඔබගේ දැනගැනීම පිණිස මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමා ගැන කෙටි හැඳින්වීමක් කිරීම වැදගත් විය හැකිය. ඔහු ක්‍රි.ව.1703 දී රියාද් නගරයට උතුරෙන් පිහිටි අයිනා යන ගමේ උපත ලබා තිබේ. එතුමාගේ වයස 10 දී මුළු කුරානයම කටපාඩම් කල හාෆිස් වරයෙකු බවට පත් විය. ඔහු හම්බලි මස්හබය හදාරා තිබේ. තවද, කුරානයේ විවරණයන් මෙන්ම අකිදා සම්බන්දයෙන් ද හදාරා තිබේ. එසේම ඉබ්නු තයිමියා සහ ඉබ්නු අල් කයියුම් යන විද්වතුන්ගේ පොත් පත් පරිශීලනය කොට ඇත. එතුමාගේ පියාද ඉස්ලාමිය විද්වතෙකු වීම විශේෂත්වයකි. මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමා ජිවත් වූ කාලය ගැන දැන සිටීම, ඔහුගේ ව්‍යාපාරය ගැන තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකිය. එතුමාගේ ජිවිත කාලයේ දී ජනතාව ඉස්ලාම් දහම තුලට අලුත් ඇදහිලි විශාල ලෙස ඇතුලත් කොට තිබුනේය. එහෙත් ඒවා කිසිවක් නබිතුමා පෙන්වා දුන් ඒවා නොවේ. තවද එකල සිටි ජනයා ඉස්ලාම් දහමින්...

මුස්ලිම්වරුන් පිළිබඳව ගොඩනැගී ඇති වැරදි මත (Misconceptions about Muslims)

Image
මුස්ලිම්වරුන් ඉතිහාසයේ සිටම සිංහල ජනතාව සමග සුහදව කටයුතු කොට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් සිංහල රජවරුන්ගෙන් තාන්න මාන්න සහ නොයෙකුත් පදවි තානාන්තර පවා ලබාගෙන තිබේ. විශේෂයෙන්ම රජ දවසේ විදේශ ඇමතිකම් දැරුවේ මුස්ලිම්වරුන්ය. එපමණක් නොව සතුරු ආක්‍රමණ වලදී රට බේරා ගැනීම සඳහා මුස්ලිම් රටවල් වලින් හමුදාවන් ගෙන්වා ලංකාව වෙනුවෙන් සටන් කල ඉතිහාසයක් ද මුස්ලිම්වරුන්ට තිබේ.  ඉතිහාස පොත්වල සඳහන් වන අන්දමට මුස්ලිම්වරුන් සිංහල රජවරුන්ට ඉතා විශ්වාසවන්තව කටයුතු කොට ඇත. ඒ අනුව රජතුමාගේ ආහාරය පරික්ෂා කිරීමට පත් කර තිබුනේද මුස්ලිම් වරුන්ය. ඒ හැරුණු විට මුස්ලිම් වෛද්‍යවරුන් විසින් රජතුමා හට විශාල සේවාවන් ලබා දී තිබේ. ඇතැම් අවස්ථාවලදී ඒවා ඇගයීම සඳහා රජතුමා විශාල පරිත්‍යාග පවා ලබා දී ඇත. එවැනි තත්වයක් ඉතා මෑතක් වන තුරු පැවතියත් ඇතැම් දේශපාලකයින්ගේ පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය අවුස්සා එය විනාශ කොට ඇත. ජාතිවාදයේ ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන්ගේ ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආහාර පාන යනාදී සෑම දෙයකටම විවේචන එල්ල වන්නේය. එහෙත් සත්‍ය තත්වය නම් ඉස්ලාමිය ඇඳුම් පැළඳුම් නිසා බොහෝ ස්ත්‍රී දුෂණ වැලකී යාමය. එසේම හලා...

ඉස්ලාමයේ වර්ගවාදයට ඉඩක් තිබේද? (Is there room for racism in Islam?)

Image
අල්ලාහ් ඉදිරියේ සෑම මුස්ලිම්වරයෙකුම එක සමාන ය. එම නිසා සමේ වර්ණය අනුව හෝ ජාතිය අනුව හෝ මුස්ලිම්වරුන්ව වර්ග කරන්නේ නැත. මේ හේතුවෙන් ඉස්ලාමිය දේවස්ථානය තුල අල්ලාහ්ට නැමදීමේදී සියළු දෙනා  එකා මෙන් උරෙන් උර ගැටී සිට ගන්නෝය. තවද කලු සම ඇති අයට වෙනම පාසල් සහ සුදු සම ඇති අයට වෙනම පාසල් වශයෙන් වෙන්කිරීමක් ඉස්ලාම් දහම තුල නැත. මෙය ප්‍රයෝගික වශයෙන් මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයෙන් ද දැක ගත හැකිය. එපමණක් නොව මුස්ලිම්වරුන් එකම භාජනයේ අත දමා කෑම කෑමෙන් ඔවුන්ගේ සහෝදරත්වය තව දුරටත් සනිටුහන් කරන්නේය. නබිතුමා සහාබවරුන් වාඩිවී සිටින තැනකට පැමිණි විට ඔවුන් නබිතුමා වෙනුවෙන් නැගිට සිට ගෞරව කිරීම පවා එතුමා අනුමත කලේ නැත.  මිනිසුන්ගේ සහෝදරත්වය ගෙන හැර දක්වමින් කුරානය මෙසේ සඳහන් කරන්නේය. "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය" ...