මුස්ලිම්වරුන් පිළිබඳව ගොඩනැගී ඇති වැරදි මත (Misconceptions about Muslims)


මුස්ලිම්වරුන් ඉතිහාසයේ සිටම සිංහල ජනතාව සමග සුහදව කටයුතු කොට තිබේ. එහි ප්‍රතිපලයක් ලෙස ඔවුන් සිංහල රජවරුන්ගෙන් තාන්න මාන්න සහ නොයෙකුත් පදවි තානාන්තර පවා ලබාගෙන තිබේ. විශේෂයෙන්ම රජ දවසේ විදේශ ඇමතිකම් දැරුවේ මුස්ලිම්වරුන්ය. එපමණක් නොව සතුරු ආක්‍රමණ වලදී රට බේරා ගැනීම සඳහා මුස්ලිම් රටවල් වලින් හමුදාවන් ගෙන්වා ලංකාව වෙනුවෙන් සටන් කල ඉතිහාසයක් ද මුස්ලිම්වරුන්ට තිබේ. 

ඉතිහාස පොත්වල සඳහන් වන අන්දමට මුස්ලිම්වරුන් සිංහල රජවරුන්ට ඉතා විශ්වාසවන්තව කටයුතු කොට ඇත. ඒ අනුව රජතුමාගේ ආහාරය පරික්ෂා කිරීමට පත් කර තිබුනේද මුස්ලිම් වරුන්ය. ඒ හැරුණු විට මුස්ලිම් වෛද්‍යවරුන් විසින් රජතුමා හට විශාල සේවාවන් ලබා දී තිබේ. ඇතැම් අවස්ථාවලදී ඒවා ඇගයීම සඳහා රජතුමා විශාල පරිත්‍යාග පවා ලබා දී ඇත. එවැනි තත්වයක් ඉතා මෑතක් වන තුරු පැවතියත් ඇතැම් දේශපාලකයින්ගේ පටු අරමුණු වෙනුවෙන් ජාතිවාදය අවුස්සා එය විනාශ කොට ඇත.

ජාතිවාදයේ ප්‍රතිපලයක් ලෙස මුස්ලිම්වරුන්ගේ ඇඳුම් පැළඳුම් සිරිත් විරිත් ආහාර පාන යනාදී සෑම දෙයකටම විවේචන එල්ල වන්නේය. එහෙත් සත්‍ය තත්වය නම් ඉස්ලාමිය ඇඳුම් පැළඳුම් නිසා බොහෝ ස්ත්‍රී දුෂණ වැලකී යාමය. එසේම හලාල් අහාර නිසා නිරෝගී සමාජයකට මග පැදෙන්නේය. 

මෑත ඉතිහාසය දෙස බලන කල මුස්ලිම්වරුන්ගේ ව්‍යාපාර ස්ථාන යාන වාහන මෙන්ම නිවාස ගිනි තැබීමට මුලිකව කටයුතු කලේ ඇතැම් අන්‍ය පුජක තුමන්ලාය. එවැනි තත්වයකට ඔවුන් මුල පිරිම ඇත්ත වශයෙන්ම ඉතා කනගාටු දායක තත්වයකි. ඇත්ත වශයෙන්ම පුජක තුමන්ලාගේ කාර්‍ය භාරය විය යුත්තේ ජාතින් අතර සාමය සහ සමගිය ඇති කිරීම ය.

නාමික පුජක තුමන්ලා හැරුණු විට ඇතැම් මන්ත්‍රීවරුන් පවා පාර්ලිමේන්තුව තුලදී ගිරිය පුප්පාගෙන මුස්ලිම් කාන්තාවන්ගේ මුහුණු ආවරණයට විරෝධය පෑ අවස්ථා තිබේ. ඇත්ත වශයෙන්ම ඉස්ලාම් දහම ගැන හෝ ඉස්ලාම් සංස්කෘතිය ගැන හෝ නොදැන එසේ කතා කිරීම පිළිකුලෙන් හෙලා දැකිය යුතුය. ඔවුන් සිතන්නේ මුස්ලිම් කාන්තාවන් තම ශරීරය වැසෙන ඇඳුම් අඳින්නේ කාගේදෝ බලපෑම් නිසා බවයි. එහෙත් එහි කිසිම සත්‍යතාවයක් නැත. එය ඉස්ලාම් දහමේ ඉගැන්වීමක් වන අතර මුස්ලිම් කාන්තාවන් එය සිය කැමැත්තෙන් ඉටු කරන්නේය. එහෙත් එහි රුදාව තිබෙන්නේ වෙන කාටවත් වීම පුදුමයකි. මුස්ලිම්වරුන්ගේ ඇඳුමට කෑ මොර ගහන කිසිවෙකු බිකිනියත් සමග පාරේ යන කාන්තාවන්ට කිසිවක් නොකීම පුදුමයකි!
 
ඇතැම් අය අල්-කුරානයේ යුද්ධය සම්බන්ද වැකි ඇතුලත්ව තිබීම ගැන ප්‍රශ්න කරන්නේය. අල් කුරානය ආගමික ග්‍රන්ථයක් පමණක් නොව රට පාලනය කරන ව්‍යවස්ථාව ද වේ. ඒ බව ඔවුන් දන්නේ නම් එවැනි ප්‍රශ්න ඇති වන්නේ නැත. එසේ තිබියදී ජාති වාදය ඇවිස්ස වීම සඳහා ඇතැම් ස්වාමින් වහන්සේලා කුරානය අතැතිව එහි ඇති ඇතැම් වැකිවලට වැරදි අර්ථ කතන දෙමින් බෙරිහන් දුන්නේය. ඇත්ත වශයෙන්ම ඔවුන් කලේ ලෝකයේ ඇති ඉපැරිම ආගමකට අපහාස කිරීමකි. ඉස්ලාම් ආගම ලෝකයට බිහිවූ මුල්ම මිනිසා වන ආදම් තුමාගෙන් පැවත එන්නේය. 

ඉස්ලාම් දහම පහල වුයේ මිනිසාට යහ මග පෙන්වා දීම සඳහාය. එමගින් මිනිස් ජිවිතය නිවැරදි මාර්ගය කරා ගෙන යාමට අවශ්‍ය සෑම දෙයක්ම පෙන්වා දී ඇත. ඒ අනුව කුරානය හරි හැටි පිලිපැදීමෙන් දර්මිෂ්ට සමාජයක් ගොඩ නැගිය හැකිය. එහෙත් ඇතැමුන් කරන වැරදි නිසා සාමය ගිලිහි යන්නේය. එම වැරදි වලට වග කිව යුත්තේ ඉස්ලාම් දහම නොව එම වැරදි කරන උදවිය බව අප සියලු දෙනා විසින් තේරුම් ගත යුතුය.. 

By Fasy Ajward, B.Sc(PhysicsSpecial) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.

Comments

Popular posts from this blog

අල්ලාහ් කවුද? (Who is Allah?)

අලුත් අවුරුදු සැමරීම ගැන ඉස්ලාම් පවසන්නේ කුමක්ද? (What does Islam say about celebrating New Years?)

ඉස්ලාම් දහම තුල ඉවසීම වෙනුවෙන් ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ඇයි? (Why is patience highly valued in Islam?)