ඉස්ලාමයේ වර්ගවාදයට ඉඩක් තිබේද? (Is there room for racism in Islam?)


අල්ලාහ් ඉදිරියේ සෑම මුස්ලිම්වරයෙකුම එක සමාන ය. එම නිසා සමේ වර්ණය අනුව හෝ ජාතිය අනුව හෝ මුස්ලිම්වරුන්ව වර්ග කරන්නේ නැත. මේ හේතුවෙන් ඉස්ලාමිය දේවස්ථානය තුල අල්ලාහ්ට නැමදීමේදී සියළු දෙනා  එකා මෙන් උරෙන් උර ගැටී සිට ගන්නෝය. තවද කලු සම ඇති අයට වෙනම පාසල් සහ සුදු සම ඇති අයට වෙනම පාසල් වශයෙන් වෙන්කිරීමක් ඉස්ලාම් දහම තුල නැත. මෙය ප්‍රයෝගික වශයෙන් මුස්ලිම්වරුන්ගේ ක්‍රියා කලාපයෙන් ද දැක ගත හැකිය. එපමණක් නොව මුස්ලිම්වරුන් එකම භාජනයේ අත දමා කෑම කෑමෙන් ඔවුන්ගේ සහෝදරත්වය තව දුරටත් සනිටුහන් කරන්නේය. නබිතුමා සහාබවරුන් වාඩිවී සිටින තැනකට පැමිණි විට ඔවුන් නබිතුමා වෙනුවෙන් නැගිට සිට ගෞරව කිරීම පවා එතුමා අනුමත කලේ නැත. 

මිනිසුන්ගේ සහෝදරත්වය ගෙන හැර දක්වමින් කුරානය මෙසේ සඳහන් කරන්නේය. "මිනිසුනි! නියතවශයෙන්ම අපි නුඹලාව පිරිමියෙකුගෙන් සහ ගැහැනියෙකුගෙන් මවා, නුඹලා එකිනෙකාව හඳුනාගැනීම පිණිස නුඹලාව ජාතීන් ලෙසද, ගෝත්‍ර ලෙසද පත් කළෙමු. නුඹලා අතරින් වඩාත් බිය බැති කෙනා අල්ලාහ් හමුවෙහි වඩාත් ගෞරවයට පාත්‍ර කෙනාය" (කුරානය 49:13).

ඉස්ලාම් දහම තුල වර්ණ බේදය නොමැති බව කියා පෑමට හොඳම උදාහරණය කළු සමක් ඇති නිග්‍රෝ ජාතික බිලාල් රලි තුමාය. එතුමා උමෙයියාගේ වහලෙක්ව සිට නිදහස ලැබූ කෙනෙකි. එසේ තිබියදී නබිතුමා බිලාල් රලි තුමාව ඉස්ලාමයේ මුල්ම මුඅස්සින්වරයා ලෙස තෝරා පත්කළේය. ඒ අනුව ඔහු මුස්ලිම්වරුන්ගේ උසස්ම දේවස්ථානය වන කව්බාව මත නැග සලාතය සඳහා වන මුල්ම අසාන් පැවසීය. මෙය කළු සමක් ඇති කෙනෙකුට වෙනස්කම් නොකළ බව දැක්වීමට හොඳම උදාහරණයකි. 

ඉස්ලාම් දහම කළු ජාතිකයින්ට එසේ සලකද්දී නවීන ලෝකයේ ඇමරිකාව වැනි දියුණු රටවල් වල පවා කළු සමක් ඇති අයට සම තැන ලැබෙන්නේ නැත. මිට උදාහරණයක් ලෙස මෑත කාලයේ ජෝජ් ෆ්ලොඉඩ් හට සිදුවූ දේ පෙන්වා දිය හැකිය. ඔහුට හුස්ම ගැනීමේ නිදහස පවා අහිමි කරමින් ඔහුගේ ගෙල මත සුදු ජාතික පොලිස් නිලධාරියාගේ දනහිස තබා සිර කළේ ඔහු කළු ජාතිකයෙකු වීම නිසාය. එම අවස්ථාවේදී ජෝජ් ෆ්ලොඉඩ් හුස්ම ගැනීමට නොහැකි යැයි වේදනාවෙන් කීවත් ඔහුට සමාවක් ලැබුනේ නැත. ඒ අනුව ඔහුට සිදුවුයේ මරණය අත්විඳීමට ය.
  
නබිතුමා ඔහුගේ අරෆා දේශනයේදී මෙසේ පැවසීය. "අරාබි ජාතිකයා අරාබි නොවන්නාට වඩා උතුම් වන්නේ නැත. එසේම අරාබි නොවන්නා අරාබි ජාතිකයාට වඩා උසස් වන්නේද  නැත, සෑම කෙනෙකුම ආදම්ගේ දරුවන්ය. ඔවුන් සියලුදෙනාම මැටියෙන් මවා ඇත" තවද එම දේශනයේදී නබිතුමා මෙසේද පැවසීය. "ඔබගේ ජීවිතය සහ වස්තුව එකිනෙකා අතර පුණ්‍ය දේවල් වන අතර ඒවාට අනතුරු නොකළ යුතු ය. ඒවා මෙම පුණ්‍ය සුල් හජ් මාසය සහ පුණ්‍ය අරෆා දිනයට සමානය. තවද ඔබව, ඔබගේ අධිපති දෙවියන් ඉදිරියට කැඳවනු ඇත. එම දිනයේදී ඔබගේ සෑම ක්‍රියාවක් ගැනම  ඔහු ඔබගෙන් ප්‍රශ්න කිරීමට නියමිතය". 

මෙම දේශනයෙන් සියලු ජාතීන්ට ඉස්ලාම් දහම තුල සම තැන ලැබෙන බව නබිතුමා පෙන්වා දුන්නේය. අද බොහෝ අය ඉස්ලාම් දහම කෙරෙහි ආකර්ෂණය වීමට ඉස්ලාම් දහමේ ඇති මෙම ලක්ෂණය බෙහෙවින් බලපාන්නේය.
 
    
By Fasy Ajward. B.Sc(Special)Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.




Comments

Popular posts from this blog

පින් දහම් කරන සමහර අය නිරයට යන්නේ ඇයි? (Why do some people who do good deeds go to hell?)

හජ් වන්දනය සහ ඉබ්‍රාහිම් නබි තුමා (Hajj and Prophet Ibrahim)

විශ්වයේ පෝෂකයා වන අල්ලාහ් (Allah, the Sustainer of the Universe)