වහාබ්වාදය යනු කුමක්ද? (What is Wahabism?)
බොහෝ අය "වහාබ්වාදය" ගැන කතා කරන්නේ එහි යතාර්ථය ගැන කිසිම වැටහීමකින් නොවේ. එම නම බිහි වන්නේ මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් නමැති තනි පුද්ගලයෙකුගේ ක්‍රියාව නිසා ය. එහෙත් ඔහුගේ සංවිදානයට එම නම පට බඳින ලද්දේ පොදු ජනතාව විසින් ය.
ඔබගේ දැනගැනීම පිණිස මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමා ගැන කෙටි හැඳින්වීමක් කිරීම වැදගත් විය හැකිය. ඔහු ක්‍රි.ව.1703 දී රියාද් නගරයට උතුරෙන් පිහිටි අයිනා යන ගමේ උපත ලබා තිබේ. එතුමාගේ වයස 10 දී මුළු කුරානයම කටපාඩම් කල හාෆිස් වරයෙකු බවට පත් විය. ඔහු හම්බලි මස්හබය හදාරා තිබේ. තවද, කුරානයේ විවරණයන් මෙන්ම අකිදා සම්බන්දයෙන් ද හදාරා තිබේ. එසේම ඉබ්නු තයිමියා සහ ඉබ්නු අල් කයියුම් යන විද්වතුන්ගේ පොත් පත් පරිශීලනය කොට ඇත. එතුමාගේ පියාද ඉස්ලාමිය විද්වතෙකු වීම විශේෂත්වයකි.
මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමා ජිවත් වූ කාලය ගැන දැන සිටීම, ඔහුගේ ව්‍යාපාරය ගැන තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් විය හැකිය. එතුමාගේ ජිවිත කාලයේ දී ජනතාව ඉස්ලාම් දහම තුලට අලුත් ඇදහිලි විශාල ලෙස ඇතුලත් කොට තිබුනේය. එහෙත් ඒවා කිසිවක් නබිතුමා පෙන්වා දුන් ඒවා නොවේ. තවද එකල සිටි ජනයා ඉස්ලාම් දහමින් පනවා තිබුණු සලාතය, උපවාසය, සකාත් හෝ හජ් වන්දනය ගැන සැලකිල්ලක් දක්වුයේද නැත. එහෙත් මිය ගිය අයගේ සොහොන් ආශ්‍රිතව වසරක් පාසා උත්සව පැවැත්වුහ. අල්ලාහ්ගෙන් උදව් පැතීම වෙනුවට මළවුන්ගෙන් උදව් පැතුවෝය. අල්ලාහ් වෙනුවන් දැමිය යුතු පඬුරු මළවුන් වෙනුවෙන් දුන්නේය. අල්ලාහ් වෙනුවෙන් පමණක් කැප කල යුතු සතුන් මළවුන් වෙනුවෙන් කැප කළහ. කෙසේ වෙතත් ඒවා සියල්ලම ඉස්ලාම් දහම අනුව විශාල පාපයන් වේ. මෙම වැරදි සිදු කිරීම නිසා කෙනෙක් ඉස්ලාම් දහමින් බැහැර වන්නේය.
ඉහත සඳහන් ආකාරයේ වැරදි දුටු විට, ඒවා නිවැරදි කිරීමට කටයුතු කිරීම, සෑම මුස්ලිම් වරයෙකුගේම වග කීමකි. කෙසේ වෙතත් විශාල පිරිසක් නොමග ගොස් සිටීම හේතුවෙන් ඔවුන්ව නිවැරදි කිරීමේ කාර්යය අතට ගැනීම සඳහා බොහෝ අය පසු බට විය. එවැනි තත්වයක් තුල මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමා එම කාර්යය සඳහා මුල පිරුවේය. එහෙත් ඔහුට උදව් කලේ සුළු පිරිසක් පමණි. එසේ තිබියදී සොහොන් වන්දනා කරුවන් සියලු දෙනාම ඔහුට දැඩි විරොදයක් එල්ල කලහ. එම විරෝධය හමුවේ වුවද එතුමා සිය උත්සාහය අත්හැරියේ නැත. ඇතැම් අවස්ථාවලදී ආයුධ පවා අතට ගෙන සටන් කළේය. මේ සඳහා එකල සිටි පාලකයින්ගේ උදව් උපකාර ඔහුට ලැබුනේය.
මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමාගේ මෙහෙයුමට සෞදි රජයේ උදව් උපකාර ලැබුනේය. කෙසේ වෙතත් එය බ්‍රිතාන්‍ය රජයේ ආක්‍රමණ ශීලි ප්‍රතිපක්ති වලට එකඟ වුයේ නැත. මේ හේතුවෙන් බ්‍රිතාන්‍ය රජය එම ව්‍යාපාරයට විරෝධය දැක්වීය. ඒ අනුව මෙම සංවිධානය කෙරෙහි ජනතා විරෝධය ඇති කිරීම පිණිස සෑම පියවරක්ම ගත්තේය. එහි ප්‍රතිපලයක් ලෙස ලොව පුරා වහාබ් විරෝධී රැල්ලක් ඇති විය. අදටත් බොහෝ අය එම සංවිදානය ගැන හරි හැටි අධ්‍යයනය නොකිරීම හේතුවෙන් ඊට විරුද්ධ වෙති.
ඉස්ලාම්, අල්ලාහ් දෙවිඳුන්ගෙන් මුහම්මද් නබිතුමා හට පහළ කරන ලද දහමකි. එය කිසිවෙකුගේ උවමනාව පරිදි වෙනස්කල නොහැක. ඒ අනුව මුහම්මද් ඉබ්නු අබ්දුල් වහ්හාබ් තුමා ද එම දහම වෙනස් කිරීමට ක්‍රියා කළේ නැත. එසේ තිබියදී ඇතැම් අනන්‍ය ආගමික පුජක තුමන්ලා ජනතාව බේද බින්න කිරීම පිණිස වහාබ් වාදය ගැන අසත්‍ය ප්‍රචාර සිදු කරමින් ජනතාව අතර ප්‍රශ්න ඇති කිරීම හෙලා දැකිය යුතු කරුණකි.
කාන්තාවන් තම ශරීරය වැසෙන ආකාරයේ ඇඳුමක් ඇන්ද විට ඇතැම් අය සිතන්නේ ඇය වහාබ් වාදියෙකු ලෙසය. තවත් කෙනෙකු ඉස්ලාම් දහම අකුරටම පිළිපැදීම දකින්නේ වහාබ් වාදී ක්‍රියාවන් ලෙසය. එවැනි බොළඳ ප්‍රකාශයන් සිදු කිරීමට පෙර, ඉස්ලාම් දහම ගැන හොඳින් හදාරා තිබීම ඉතා වැදගත් ය.
By Fasy Ajward, B.Sc(PhysicsSp) Hons.Japura.
Ex: Research officer at Ceylon Institute of Scientific and Industrial Research.
Comments
Post a Comment